කථානායකගේ තීරණය බල රහිත කරන්න - හිටපු නි. මහලේකම්ගෙන් රිට් පෙත්සමක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කල වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න විසින් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ හා කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධාරී විශ්‍රාමික අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ ඇතුළු 14 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න බඳවා ගැනීම, පත්වීම යන සියල්ල නීත්‍යානුකූලව හා විනිදභාවයෙන් යුතුව සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු විරෝධතාවයක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති බවත්, කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් තනතුරට අයඳුම් පත් කැඳවන ලද ගැසට් නිවේදනයට අනුව ඊට අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සියලු සුදුසුකම් කුලරත්න විසින් සම්පූර්ණ කර ඇති බවත්, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ අය අතරින් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ද කුලරත්න බවත් මෙකී පෙත්සම මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
තවද, විශ්‍රාම වැටුප් සංග්‍රහය, ආයතන සංග්‍රහය, අමාත්‍ය මණ්ඩල තීරණ, 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත සහ 1942 අංක 18 දරන රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් ආඥා පනත යන ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව චමින්ද කුලරත්න හට ඔහු පූර්වයෙන් දරන ලද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් තනතුරෙහි සේවා කාලය, ඔහු පසුව පත්කරන ලද කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරේ සේවා කාලය සමඟ විශ්‍රාම වැටුප් ගණනය කර ගැනීම සඳහා එක්කර ගැනීමට ඔහුට නෛතික හිමිකමක් හා අයිතිවාසිකමක් ඇති බවත් මෙමඟින් දක්වා ඇත.
නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් 2025 ජුනි මස 18 දින කථානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේ දී දකින ලද සිද්ධියක් හේතුවෙන් හා කථානායකවරයා විසින් සිදුකරනු ලබන්නේ යැයි කියන නීතිවිරෝධී හා දූෂණ ක්‍රියා පිළිබඳව නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් තම අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් කථානායක වරයා විසින් නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඒ සඳහා සුදුසුකම් නොමැති විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු වූ එස්.කේ. ලියනගේ යන අය පත් කරන ලද බව මෙම පෙත්සම මඟින් දක්වා ඇත.
කථානායකතුමාගේ සංවේදී තොරතුරු බාහිර පාර්ශ්වයන් අතට පත්වීම සම්බන්ධයෙන් කථානායකවරයාගේම දැනුම්දීම මත පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් විමර්ශනයක් සිදුකර වාර්තාවක් සකස් කර ඇති බවත්, එම වාර්තාව ගරු අධිකරණය වෙත කැඳවන ලෙසත් නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයට තමාට නැති බලයක් ආරෝපණය කර ගෙන, එනම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ බලය කථානායකවරයා විසින් ක්‍රියාත්මක කරමින් විමර්ශන නිලධාරී එස්.කේ. ලියනගේ ගේ පත්වීම සිදුකර ඇති බවත්, එස්.කේ. ලියනගේ විසින් සාවද්‍ය හා ද්වේශ සහගත කරුණු මත පදනම් වූ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එකී වාර්තාව ස්වාභාවික යුක්තියේ හා නීතියේ මූලධර්ම වලට පටහැනිව සකස් කර ඇති බවත්, එකී වාර්තාව මත පදනම්ව නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම සිදුකර ඇති බවත්, එබැවින් එකී සාවද්‍ය හා නීතිවිරෝධී වාර්තාව මත පදනම්ව සිදුකරනු ලබන සියලු කටයුතු බල රහිත කරන මෙන් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ඇතුළු නීතීඥ මණ්ඩලයක් කුලරත්න වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.
චමින්ද කුලරත්න විසින් මීට පෙර වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් සිදුකර ඇතැයි කියන නීතිවිරෝධී දූෂණ ක්‍රියා 8ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
බලයේ සිටින කථානායකවරයෙකුට විරුද්ධව පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා වශයෙන් කටයුතු කල නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු විසින් මෙවැනි පැමිණිල්ලක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර, එමෙන්ම, කථානායකවරයෙකුගේ නීතිවිරෝධී හා ද්වේශ සහගත ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විසින් ඉහල අධිකරණයක් හමුවේ පෙත්සමක් ගොනු කොට ඇත්තේ ද ඉතිහාසයේ ප්‍රථම වතාවට වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස