අමරකීර්ති ඝාතකයන්ට ජනාධිපති සමාව දිය යුතුයි..- නිර්මාල් රංජිත් දේවසිරි
2022 මැයි මස පැවති ජනතා අරගලය සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසට ජනාධිපති සමාව ලබාදිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ මෙම ඝාතනය තනිව හුදකලා සිදුවීමක් ලෙස නොව, එවකට පැවති සමස්ත ජනතා නැගිටීමේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස සැලකිය යුතු බවයි.
මෙම නඩු තීන්දුව මගින් පුද්ගලයින් 12 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ තීන්දුව නෛතික වශයෙන් නිවැරදි විය හැකි වුවත්, එය ආචාර ධර්මික සහ දේශපාලනමය වශයෙන් ගැටලුකාරී බවයි.
මන්ත්‍රීවරයාගේ ඝාතනය ආචාර ධාර්මිකව වැරදි ක්‍රියාවක් බව පිළිගන්නා අතරම, එහි වගකීමෙන් අරගලයට සහාය දුන් කිසිවෙකුට මිදිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ මරණය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි පිරිසට පමණක් දඬුවම් කිරීම සාධාරණ නොවන බවත්, එම ජනතා නැගිටීම අනුමත කළ සහ ඊට සහාය දුන් තමන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙහි සාමූහික වගකීම භාරගත යුතු බවත් ඔහු පවසයි.
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථාවෙන් පවරා ඇත්තේ මෙවැනි සුවිශේෂී දේශපාලනමය තත්ත්වයන් කළමනාකරණය කිරීමට බව ඔහු පෙන්වා දෙයි. අතීතයේදී ජනාධිපති සමාව අවභාවිත වූ අවස්ථා තිබුණද, මෙම අවස්ථාව එය නිවැරදිව භාවිත කළ හැකි අවස්ථාවක් බව ඔහුගේ මතයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..