News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රිකුණාමලය බුදු පිළිම ගැලවීම සහ මහා සංඝරත්නයට හිංසා කිරීම: ආණ්ඩුව සියදිවි නසා ගැනීමේ උත්සාහයක් - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

Feb 13, 2026 at 10:42 AM
|

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත "දෙමළ ඩයස්පෝරාවට යටත්වන වර්තමාන ආණ්ඩුව යටතේ බෙදුම්වාදී මාර්ග සිතියම" නම්වූ ප්‍රකාශනයක් ලංකා ලීඩර් වෙත එවා ඇත. එම ප්‍රකාශනයෙන් උපුටා දැක්වීමක් උක්ත ශීර්ෂය යටතේ මෙසේ දැක්විය හැක.

"ඊට අමතරව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් සිය ගණනක් කෝවිල් ඉදිකර ඇති තත්ත්වයක් යටතේ ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බෝධී විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට එරෙහිව පොලිසිය සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් ගනුලැබූ ක්‍රියාමාර්ග සහ ඊට අනුබල හා උපදෙස් දුන්බව කියන ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය මගින් ආණ්ඩුව විසින් මහා සංඝරත්නය ප්‍රමුඛ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවට දීර්ඝ කාලීනව පවතින සිත් වේදනාවක් උරුමකර දී ඇත. ඊට හේතුව එම ආදර්ශය මගින් අනාගතයේ දී උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන වලට සිදුවිය හැකි දේ පිළිබඳව අවබෝධයක් ලැබීමය.

එහිදී සාමය කඩවීමක් පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් නොමැතිව එම විහාරස්ථානයට කඩාවැදුනු පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේලාට පහර දෙමින් බුදුපිළිම වහන්සේ පැහැරගෙන යාම වැනි මුග්ධ ක්‍රියාවක් කිරීම දේශපාලන අනුග්‍රහයකින් තොරව නිලධාරීන් ධෛර්යය මත සිදුවූ ක්‍රියාවක් නොවන ශ්‍රී ලංකාවේ කුඩා ළමයෙකුට වුවද තේරුම්ගත හැක. පොලිස් නිලධාරීීන්ගේ එම නීති විරෝධී සහ විනය විරෝධී හැසිරීම පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළ ද ලිපිය ලැබුනු බව දැන්වීම හැර ඊට අදාළව කිසිඳු පරීක්ෂණයක් සිදුකිරීමට කොමිසම විසින් කටයුතු කර නැත.

එම ක්‍රියාවලියට පසුව අභියාචනාධිකරණයේ විභාග වූ නඩුවක් මගින් සාකච්ඡාකර සමතයකට පත්කිරීමට එකඟවී ඇති තත්ත්වයක් යටතේ පවා අධිකරණය නොමග යැවීමට උත්සාහ කරමින් පොලිසිය සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් රඟදැක්වූ භූමිකාව දේශපාලනික උවමනාවකට අනුව සිදුවූ බව ඉතා පැහැදිලිය.

ඉන්පසුව අධිකරණ නියෝගය මත අත්අඩංගුවට ගනු ලැබූ බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සතර නමක් ඇතුළු නම දෙනෙකු දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සහ බන්ධනාගාරය තුළ දී වදහිංසා පැමිණවීමට ක්‍රියාකිරීම මගින් ආණ්ඩුව ස්වේච්ඡාවෙන් විත්තිකරුවා බවට පත්වී ඇත.

ආණ්ඩුව මගින් උතුරේ ජාතිවාදී බෙදුම්වාදී බලවේග සතුටු කිරීම හෙවත් දේශපාලන වෛශ්‍යාවකගේ භූමිකාව රඟ දැක්වීමට උත්සාහ කළ ද ඒ තුළ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැක. බෙදුම්වාදී න්‍යායපත්‍රයේ අවසන් සැතපුම පසුකිරීමට සමගාමීව ආණ්ඩුව බිඳවට්ටවා ජාත්‍යන්තර මැදිහත්වීම මත අන්තර් කාලීන පාලනයක් බිහිකිරීමේ අනතුරට අදාලව ගත්විට මේ සියලු නිශේධාත්මක ගොඩනැගීම් තුළින් ආණ්ඩුවට අවාසි සහගත සහ බෙදුම්වාදීන්ට වාසි සහගත වර්ධනය වන බව තර්කානුකූලව ඔප්පුකළ හැකිය.

ඒ අනුව අවසාන වශයෙන් ආණ්ඩුව විසින් රඟදක්වන්නේ තමාටද විනාශය කැඳවමින් රට අනතුරට පත්කිරීමේ භූමිකාවක් හෙවත් සියදිවි නසාගන්නා බෝම්බකරුවකුගේ භූමිකාව බව තේරුම් ගන්නා විට බොහෝ පමාවී තිබෙන බවට සැකයක් නැත."

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.
ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.