මරණ දඩුවම ලැබුනු 12 වෙනුවෙන් අපි පෙනී ඉන්නවා.. - බාලදක්‍ෂ කොමසාරිස් කියයි
පසුගිය අරගල සමයේ විවිධ උද්ඝෝෂණ හා සිදුවීම් පාදක කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සතු වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා අතීතයේ අරගල භූමියට පැමිණ, "කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා" යනුවෙන් ලබාදුන් සෘජු පොරොන්දුව සිහිපත් කරමින්, මෙම නීතිමය ගැටලු විසඳීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් ඔහු මෙහිදී අනාවරණය කළේය.
ගාලු මුවදොර අරගලය කේන්ද්‍ර කරගනිමින් දැනට පවරා ඇති නඩු 32ක් සම්බන්ධයෙන් මනෝජ් නානායක්කාර මහතා සිය පළමු යෝජනාව ඉදිරිපත් කළේය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යන ස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධ නඩු හැර, සෙසු සියලු නඩු උද්ඝෝෂණවලට අදාළ නඩු බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පොලිසියේ අණ නොතකා කටයුතු කිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම වැනි චෝදනා යටතේ පවත්වාගෙන යනු ලබන මෙම නඩු, "පොදු මහජන කැළඹීමක්" යන පදනම මත පදනම්ව ඉවත් කරගැනීමට රජය වහාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 2500කට අධික පිරිසක් නඩුවලට පටලවා ඇති බව නානායක්කාර මහතා මෙහිදී හෙළිදරව් කළේය. මෙම පිරිස නඩු සඳහා ඇතුළත් කර ඇත්තේ අදාළ ප්‍රදේශවල දේශපාලඥයන් විසින් ලබාදුන් පෞද්ගලික ලැයිස්තු අනුව බව ඔහු චෝදනා කරයි.
මෙම අසාධාරණ ක්‍රියාව හේතුවෙන් වසර හතරක පමණ කාලයක සිට අදාළ තරුණ තරුණියන්ට විදේශ ගමන් තහනම් පනවා ඇති අතර, පොලිස් සහතික ලබා ගැනීමට ඇති බාධා හේතුවෙන් ඔවුන්ගේ රැකියා සහ ජීවනෝපාය මාර්ග සම්පූර්ණයෙන් ඇහිරී තිබේ. මෙම මානුෂීය සහ දේශපාලන ගැටලුව විසඳීමට රජය සෘජුව මැදිහත් විය යුතු බව ඔහු පවසයි.
නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ, සියලු නඩුවලින් 'නීති විරෝධී රැස්වීම්' සහ 'පොදු චේතනාව' යන චෝදනා ඉවත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. එවැනි තීරණයක් මගින් හුදෙක් උද්ඝෝෂණ පැවති ස්ථානවල පාරේ රැඳී සිටි සාමාන්‍ය මහජනතාව නඩුවලින් නිදහස් වනු ඇත.
අනතුරුව, ගිනි තැබීම් හෝ දේපළ විනාශ කිරීම් වැනි සැබෑ අපරාධ සිදුවූ ස්ථානවල (Crime Scenes) රැඳී සිටිමින් ඒවාට සෘජුව සම්බන්ධ වූ බවට සාක්ෂි පවතින පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සාක්ෂි සමාලෝචනය කළ යුතු බවත්, එම නඩු කඩිනමින් විභාග කර අවසන් කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.
අරගලය පැවති සමයේ මැයි 09 වනදා ජනාධිපතිවරයා අරගල භූමියට පැමිණ, "කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා" යනුවෙන් කළ ප්‍රකාශය රකින ලෙස නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම තරුණ පිරිස පාරට බැස අරගල කළේ පවතින ක්‍රමවේදයේ වෙනසක් සඳහා බවත්, ඔවුන් සම්බන්ධයෙන් කල්මරමින් සිටීම වෙනුවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම රජයේ යුතුකමක් සහ වගකීමක් බවත් නානායක්කාර මහතා අවධාරණය කළේය.
අදාළ දඬුවම් ලැබුණ දොළොස් දෙනා සම්බන්ධයෙන් නොමිලේ අභියාචනා කටයුත්තක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු බවද පැවසූ ඔහු එදා අරගල කරුවන්ට අරගල කරන්නැයි කීවා සේම අද එම අරගල කරුවන් වෙනුවෙන් අදත් පෙනී සිටින බවත් තව දුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..