සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසාර්ථකත්වයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයකට - GMOA වෙතින් රජයට චෝදනා..
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය චෝදනා කරනුයේ වෛද්‍යවරුන් 23,000කට අධික ප්‍රමාණයකින් සමන්විත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරගෙන යනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සිදු කිරීමට එරෙහිව සිදුකරන බවට මෑත කාලය තුළ අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශ්ව විසින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවය.
මේ වන විටත් වෛද්‍යවරුන් 8,000කට ආසන්න ප්‍රමාණයක් තමාට හිමි ඊළඟ රාජකාරි ස්ථානයේ සේවයට වාර්තා කිරීමට නොහැකි වී වසර ගණනාවක් තවමත් පෙර සේවා ස්ථානවලම රාජකාරි කරමින් සිටින බවත් පෙන්වා දෙන එම සංගමය සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සඳහා වගකිව යුතු ප්‍රධානම පාර්ශ්වය වනුයේද සෞඛ්‍ය අමාත්‍යාංශය වන බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසමත්භාවය හමුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අකර්මන්‍ය වීමේ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට මැදිහත්වීමට තම සංගමය එකඟත්වය පළ කළ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය හේතුවෙන් 8,000කට ආසන්න ස්ථානමාරු ප්‍රමාණයෙන් මේ වන විට ලිඛිතව ස්ථානමාරු සඳහා ලිපි ලබා දී ඇත්තේ 6%කට ආසන්න සුළු ප්‍රමාණයකට පමණක් වන බවත් සඳහන් කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ එයිනුත් ස්ථානමාරු නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේද 3%කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකට වන බවත්ය.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් ස්ථානමාරු යා ගත නොහැකිව අපහසුතාවට පත්ව ඇති බවත් මෙම ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇතැම් රෝහල්වල සෞඛ්‍ය සේවා සැපයීමද අඩාල වන තත්ත්වයකට පැමිණෙමින් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..