ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිම සිද්ධිය ගැන පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්..
ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබඳව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කළේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැක ගත්, සසුනට පූජා කරන ලද මෙම පින්බිමේ දී වන බවත් ඔවුන් පහරකෑමට ලක්වූයේ ද බුදු පිළිමයක් තැබීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදු කිරීමෙන් නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට, රජයේ මැදිහත්වීම ද ඇතුළුව කරන ලද මෙම ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව තමාගේ විශ්වාසය වන බවද එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය හරහා උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..