සමරිසි සංචාරක ප්‍රවර්ධන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි..
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ලිපිය ඉවත් කර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 02 වන දා ලිපියකින් දැනුම්දී ඇතැයි සඳහන් කළා ය.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය මේ වන විට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නා ය.
එහෙත් එම දැනුම් දීම කෙරෙහි එකඟතාව පළ නොකළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කනිෂ්ක විතාරණ වගඋත්තරකරු අදාළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී තිබුණ ද, අදාළ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු ගෙන තිබූ "තීරණය" ඉවත් කර ගන්නා බවක් දැනුම් දී නොමැති බවත් පෙන්වා දුන්නේ ය.
අදාළ තීරණය එසේ ම පවතිද්දී ලිපිය පමණක් ඉවත් කර ගැනීම ප්‍රමාණවත් නොවන බවත් තම සේවාදායකයින් මෙම නඩුකරය ගොනු කළේ, සමරිසි සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කර ගැනීමේ අරමුණින් බවත් නීතිඥ විතාරණ පෙන්වා දුන්නේ ය.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා රජයේ නීතිඥවරියට පෙන්වා දුන්නේ, මෙම කරුණ සම්බන්ධයෙන් වග උත්තරකරුගේ ස්ථාවරය විමසා මීළඟ දින දැනුම් දීමට පියවර ගන්නා ලෙස ය.
ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළේය.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඇතුළු පිරිසකි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ඉකුත් සැප්තැම්බර් මස 09 වන දා ලිපියක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.
එම ලිපිය මගින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අනුමැතිය පළ කර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..