විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි..
සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.
විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉල්ලීම් 8ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි මස 12 වන දින අදාළ වෘත්තීය සමිති විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.
කෙසේවෙතත් අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බැවින් යළිත් වරක් අදාළ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ (09) දිනයේ අමාත්‍යවරයා වෙත විදුලි වෘත්තීය සමිති විසින් තවත් ලිපියක් යොමුකර ඇති බව සඳහන් වේ.
සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට ඉතුරුව නොමැති බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ ඉල්ලීම් ඉටුනොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් තීරණය කර ඇති බව ද එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..