තොප්පිගල කැලෑවෙන් මතු වුණු රොකට් ලෝන්චර් සැඟවූවේ ප්‍රහාරයකටද?.. රොකට් ලෝන්චර් තුනම සක්‍රීය තත්ත්වයේ..
වාලච්චේන පොලිස් වසමේ තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් සක්‍රීය තත්ත්වයේ පවතින ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් අවි තුන රැගෙන ආවේ කව්රුන්ද යන්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම අවි තුන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පෙරේදා (07දා) ය.
මෙම රොකට් ලෝන්චර් සඟවා තිබුණේ කිසියම් අපරාධයක් සිදුකිරීමටදැයි ආරක්‍ෂක අංශවල දැඩි සැකයක් මතුවී ඇත. මේවා භාවිත කර (උණ්ඩ යොදා) වාහනයකට, හෙලිකොප්ටරයකට හෝ යුද රථයකට වුවත් ප්‍රහාර එල්ල කළ හැකි බවද මෙහි ඉලක්කය මීටර් 1000ක් දක්වා එනම් කිලෝමීටරයක් දක්වා ලබාගත හැකි බවද උසස් නිලධාරියෙක් පැවැසීය.
84mm RCL M2 නම්වූ රොකට් විදින 03 හමුවූ අවස්ථාවේදී ග්‍රීස් යොදා ආරක්‍ෂාකාරී ලෙස පොලිතීන්වල ඔතා තිබී ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවිච්චි කළ බවට සැකකරන මෙම අවි ග්‍රීස් ගල්වා ඉතාම සුරක්‍ෂිත ආකාරයට කිසියම් ස්ථානයක ගබඩා කර තිබෙන්නට ඇති බවට විමර්ශන නිලධාරීහු පවසති.
මෙම ආයුධ සොයාගත් ප්‍රදේශයේ තවත් ආයුධ සඟවා තිබෙන්නට ඇති බවට මතුවූ සැකය මත පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් තුනක් ප්‍රදේශය පීරමින් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
එහෙත් වෙනත් ආයුධ කිසිවක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකිවී නැත.
යුද හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දීමක් කර තිබිණ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් තොප්පිගල කැලෑවේ කිසියම් ස්ථානයක් පරීක්‍ෂා කිරීමේදී මෙම ආයුධ එහි සඟවා තිබී හමුවී ඇත.
එම ආයුධ සොයාගත් ස්ථානයට නුදුරින් අලුතින් හෑරූ වළක්ද තිබී ඇති අතර එම ආයුධ එහි සඟවා තබන්නට ඇති බවට සැකකෙරේ.
එම ආයුධ වළෙන් පිටතට ගෙන මතුපිට පොළොව මත සඟවා තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුවී තිබෙන බවද විමර්ශකයෝ පවසති.
මෙහිදී සොයාගත් එක් රොකට් ලෝන්චරයක් කිලෝග්‍රෑම් 14ක පමණ බරින් යුක්ත බව පොලිසිය පවසයි. විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම ආයුධ එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවිච්චි කළ ඒවා බවට සැකකරන බවයි.
කෙසේ වෙතත් මෙම ආයුධ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.
මෙම ආයුධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දහවල් තොප්ලිගල ප්‍රදේශයට ගොස් විමර්ශන අරඹා තිබේ.
මෙම රොකට් ලෝන්චර් සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම ආයුධ කුමණ හේතුවක් නිසා සඟවා තැබූ ස්ථානයකින් පිටතට ගත්තේද එම ආයුධ එසේ පිටතට ගත්තේ කව්රුන් විසින්ද යන්න සොයා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
කෙසේ වෙතත් මෙම රොකට් ලෝන්චර් අවි තුන පාවිච්චි කළ හැකි මට්ටමේ පවතින බවද විමර්ශන නිලධාරීහු පවසති.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා හා මඩකළපුව – ජවුෆර් ඛාන්
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..