ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් හිමිවන ලකුණු..
ජපානයේ පැවැති වුණු හදිසි මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සනායේ ටකායිචිට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට හෝ නායිකාවටය.සනායේ ටකායිචි, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ලෙස පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් තේරී පත් වූවාය. ඒ අනුව, අග්‍රාමාත්‍ය ධුරය ද හිමිවිය. ජපන් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වුණු පළමු කාන්තාව ඇයයි.
සනායේ ටකායිචි හදිසි මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ඇයට ජනතා මනාපය ද අවශ්‍ය වී තිබුණු බැවිනි.
මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ ඇය නියෝජනය කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දිනා ගැනීමට සමත් වී ඇති බවය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, රජයක් පිහිටුවා ඇත්තේ ජපන් නවෝත්පාදන පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි. ඒ අනුව, අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙද්දී, මෙම සන්ධානය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 366 ක් දිනා ගනු ඇතැයි පැවැසෙයි. ජපන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ගණන 465 කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්