‘අපහාස කළැයි CID යන්න බෑ..’- මානව හිමිකම් කොමිසම පොලිස්පතිට දන්වයි..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට “ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව” නිර්දේශ කර ඇත.
දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත් චරිත තමන් පිළිබඳව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවලදී ප්‍රකාශිත බවට කියන වැරදි හෝ අපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ අනෙකුත් විශේෂිත අංශයන්ට පැමිණිලි කිරීමේ ප්‍රවණතාව පදනම් කර ගෙන එම කොමිසම මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබේ.
“අපහාසාත්මක යැයි කියන ප්‍රකාශ” අපරාධ වරදක් ලෙස නොසැලකෙන බැවින් මෙකී නිර්දේශ කරන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, අසත්‍ය යැයි කියන ප්‍රකාශ හෝ අපහාස, ශ්‍රී ලංකාවේ “සාපරාධී වරදක්” නොවන බව සිහිපත් කරමින්, පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ සියලු ම අංශ සහ පොලිස් ස්ථාන වෙත නියමයක් නිකුත් කළ යුතු යැයි මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
එහිදී උපකල්පිත අපහාස සම්බන්ධයෙන් පමණක් පැමිණිලි වාර්තා කිරීමෙන් හෝ විමර්ශනය කිරීමෙන් හෝ වැළකිය යුතු බව අදාළ නියමයට ඇතුළත් කළයුතු යැයි ද කොමිසම සඳහන් කරයි.
නීතිය ක්‍රියාත්මක කරන “සිදු කළා යැයි උපකල්පිත“ අපහාසාත්මක ප්‍රකාශන පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්‍රකාශනයේ නිදහස සහ අන්තර්ජාල ආරක්ෂාව අවහිර කිරීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ දැක්වේ.
තව ද, අදහස් හා මතවාද ප්‍රකාශ කිරීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සම්බන්ධ වීම සියලු පුරවැසියන්ට ඉතා වැදගත් මූලික අයිතියක් යැයි ද එකී අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් ද තහවුරු කර ඇතැයි ද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ප්‍රකාශන අයිතියට අත්‍යවශ්‍ය නොවන, සාපේක්ෂ නොවන සහ අසාධාරණ සීමා පැනවීම සමාජයට දැඩි අවදානමක් යැයි පවසන කොමිසම එවැනි සීමා ජනතාව අතර අප්‍රසාදය හා නොසන්සුන්තාවක් ද ඇති කළ හැකි යැයි අවධාරණය කරයි.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් අනුව දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් වැනි මහජන නියෝජිතයන්, තනි පුද්ගලයන්ට වඩා විවේචන සම්බන්ධව ඉවසීමකින් යුක්ත විය යුතු යැයි කොමිෂන් සභාව අවධාරණය කරයි.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගෞරව කිරීමේ විශේෂ වගකීම එවැනි තැනැත්තන්ට ඇති බැවින් අපහාසාත්මක බවට උපකල්පිත ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මත අධික ලෙස රඳා නොපැවැතිය යුතු යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
තව ද, අධිකරණ අමාත්‍යාංශය “මාර්ගගත ආරක්ෂණ පනත” වෙනුවට සුදුසු නීති සම්පාදන විධිවිධාන සමග නව පනතක් ප්‍රතිස්ථාපනය කරන තෙක් එහි භාවිතය අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ නිදහස මාර්ගගත වේදිකාව ද ඇතුළු ඕනෑම මාධ්‍යයක් හරහා සිදු කරන සියලු ආකාරයේ ප්‍රකාශන අයත් යැයි ද එහි වැඩිදුරට ත් දැක්වේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය වන නිමෝදි වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේදී අපහාස සිදු වූ බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.
- රවිශාන් ප්‍රනාන්දු
Mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..