News Category
From Date
To Date
Maximum Number of Result

ලංවිම VRS සේවකයින්ගෙන් මහා නාහිමිවරුන්ට ලිපියක්..

Feb 7, 2026 at 12:10 PM
|

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැනීමට අයදුම් කර ඇති සේවක පිරිස විසින් අතිපූජ්‍ය මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යොමු කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාමය සඳහා අයදුම් කර ඇති සේවකයින් 2,200කට අධික පිරිසකගේ ජීවනෝපායන් සුරැකීම සඳහා ඉක්මන් මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා එම ලිපිය මඟින් ආයාචනා කර ඇත.

- උපුටා ගැනීම -

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව යටතේ හඳුන්වා දී ඇති ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (VRS) යටතේ විශ්‍රාම ගැනීමට අපගේ අභිප්‍රාය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සේවකයින් 2,200 කට ආසන්න සංඛ්‍යාවකගේ සාමූහිකයක් ලෙස, අපි ඉතා ඔබ වහන්සේලා වෙත ලියන්නේ අප පවුල් වැටී ඇති දැඩි මානුෂික ගැටළු සම්බන්දවයි.

අපි ලංකා විදුලි බල මණ්ඩලයේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් වන අතර, රජය විසින් හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය (VRS) පිළිබඳ නිල ප්‍රකාශ, නියමයන් සහ පොරොන්දු මත විශ්වාසය තබා එයට අයදුම් කර ඇත්තෙමු. එම ක්‍රමය යටතේ අපගේ අනාගත ජීවිත සැලසුම්, ආර්ථික වගකීම් සහ පවුල් තීරණ සකස් කර තිබුණද, මේ වන විට පත්වීම් දිනය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් අප දැඩි අසාධාරණ තත්ත්වයකට පත්ව සිටිමු.

VRS අයදුම් කළ සේවකයන් වන අපට, ලං.වි.ම. අහෝසි වන නියමිත දිනය ප්‍රකාශයට පත්කරන තෙක් මණ්ඩලයෙන් ඉවත් වී අපගේ නව සැළසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇත. නියමිත දිනය රජය මගින් ප්‍රකාශයට පත්කිරීම දිනෙන් දින කල්යාම නිසා අප සියළුදෙනා දැඩි පීඩනයකට සහ අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.

එමනිසා මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉතා ඉක්මණින් සාධනීය සහ සාධාරණ විසදුමක් ලබාදෙන මෙන් රජය දැනුවත් කරන ලෙස ඔබ වහන්සේලාගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමු.

අප මුහුණ දී ඇති අතිශය ගැටළු සහගත තත්වයන් පැහැදිලි කිරීම සදහා උදාහරණ කිහිපයක් පහත ගෙනහැර දක්වමු.

1. විදේශරැකියා ලබාගැනීමේ අරමුණින් නීත්‍යානුකූල විදේශ රැකියා ඒජන්සි සමග ගිවිසුම් ගතවී විශාල මුදලක් වැයකර රැකියා ලබාගෙන ඇති පිරිසක් අප අතර සිටිති. ඔවුන්ට පිටත් වීමේ දිනය දැනුම්දී ඇති අවස්ථා වලදී නියමිත ලෙස පිටත්වීමට නොහැකිවීම හේතුවෙන් ආයෝජනය කල මුදල් සම්පූර්ණයෙන් අහිමි වීමේ අවධානමටත් ඒ සදහා ලබාගත් මූල්‍ය ණය බර  සමග බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.  

2. සිය පවුල් සමග විදේශගත වීමට සැලසුම් කල ඇතැම් සේවකයින් මේ වනවිට සැමියා හෝ බිරිද පමණක් දරුවන් සමග විදේශගතව සිටින අතර අනෙක් සහකරු ශ්‍රී ලංකාවේ රැදී සිටීමට සිදුව ඇත. මෙවැනි තත්වයන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය පවුල් එකමුතුභාවය සහ මානසික සෞඛ්‍යය බරපතල ලෙස බලපෑමට ලක්ව ඇති අතර තම සහකරු කවදා පැමිණෙන්නේද කියා නිශ්චිත අරමුණක් නැතිව දැඩි මානසික වියවුලකට පත්ව සිටී.

3. ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණින් ව්‍යාපාරික ස්ථාන කුලියට ලබාගෙන අත්තිකාරම් මුදල් ගෙවා ව්‍යාපාරය සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සදහා ණය ලබාගෙන ඇත. ලං.වි.ම. සේවයෙන් ඉවත් වීමට නොහැකිවීම නිසා තම සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව වියවුල් සහගත තත්වයකට පත්ව ඇත.

4. මෙම වියවුල් සහගත පරිසරය නිසා vrs අයදුම් කල සමහර සේවකයින් මේ වනවිට ආතතිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වෙමින් සිටී.

අති ගෞරවනීය ස්වාමින් වහන්ස, අප අතරින් බොහෝ දෙනෙක් ඉහත සඳහන් කළ හෝ ඒ හා සමාන පීඩාවකට පත්ව සිටිමු.  එමනිසා ඔබවහන්සේලාගේ කාරුණික අවධානය මේ සඳහා යොමුකොට අපගේ මෙම ගැටලුව හැකි ඉක්මණින් නිරාකරණය කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමු.

ඔබවහෙන්සේලාගේ ගෞරවපූර්වක අවධානය සඳහා  අප පහත යෝජනා ඉදිරිපත් කරමු.

1.අප මුහුණ දී සිටින අවිනිශ්චිතතාවය අවසන් කරමින් නියමිත දිනය ගැසට් මගින් හැකි ඉක්මනින් ප්‍රකාශ කිරීම. 

2.නියමිත දිනය දක්වා VRS අයදුම්කර ඇති සේවකයන් හට අනුමත වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිවන සේ ලං.වි.ම. අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයට උපදෙස් ලබාදීම. 

- උපුටා ගැනීම අවසන් - 

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
පර්සියානු බොක්ක කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට "ප්‍රමාද වීමට පෙර ඔබේ නිවසට ආපසු යන ලෙස" ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.