News Category
From Date
To Date
Maximum Number of Result

මේක ශ්‍රී ලාංකීය ජාතියට, ශ්‍රී ලාංකීය මහා සංස්කෘතියට කොඩිවින කරන ආණ්ඩුවක්...- නිදහස් දිනයේ නාමයෙන් ගලවා ඉවත් කළ “බෞද්ධ කොඩිය” දින තුනක් යන්නට පෙර යළි ඔසවා ස්ථාපිත කරන ලෙස විමල් වීරවංශගෙන් ආණ්ඩුවට අභියෝගයක්...

Feb 6, 2026 at 04:53 AM
|

ඊයේ පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “බෞද්ධ ධජය ඉවත් කිරීම” ඇතුළු ඇතැම් ක්‍රියාකලාප හරහා බෞද්ධ සංස්කෘතියට සහ ආරක්ෂක හමුදාවට අවමන් කිරීමේ ව්‍යාපෘතියක් බව ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි. ඔහු රජයට දින තුනක කාලයක් ලබා දෙමින් “නිදහස් චතුරශ්‍රයෙන්” ඉවත් කළ “බෞද්ධ ධජය” නැවත තිබූ තැනම ස්ථාපිත කරන ලෙස ඉල්ලා රජයට බලකර සිටියේය. එසේ නොවන්නේ නම්, මේ රටට දැයට දහමට ආදරය කරන ජනතාව සමඟ එක්ව තමන් එය ස්ථාපිත කරන බව අවධාරණය ක‍රමින් ජනිපේ නායකයා රජයට දැඩි ප්‍රතිරොධයක් එල්ල කළේය.

අද (05) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ජ නි පෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රධාන චෝදනාවක් ලෙස ඉස්මතු කළේ නිදහස් චතුරස්‍රයේ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිවීමට ඔසවා තිබූ බෞද්ධ ධජය රජය විසින් ඉවත් කර ඇති බවයි. මෙම ධජය 2011 දී ස්ථාපිත කළ බවත්, එය සම්බුද්ධත්ව ජයන්තියේ ස්මාරකයක් බවත් පවසමින්. "මේක නිකන් බෞද්ධ කොඩියක් නෙවෙයි. ලෝකයේ තේරවාදී බුදු දහම රැකගත් මේ පොළොවේ සංකේතයක්. රජය මේක ගලවන්නේ බෞද්ධ විරෝධය නිසා," යනුවෙන් පෙන්වා දුන්නේය.

“අපට මතකයි එක අවස්ථාවක 2012 විතර මගේ මතකය අනුව “නවනීදන් පිල්ලේ” එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කොමිසමේ නිලධාරිණිය ලංකාවට ආපු වෙලේ එවකට හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් පවා කළා, ඇයි මේ බෞද්ධ කොඩිය මෙතන තියෙන්නේ. ඒක “අන්‍යාගමිකයන්ගේ” සිත් රිදවනවා නේද, අරකද මේකද කියලා. එයා හරි උදහසට ලක් වුණා මේ කොඩිය දැකලා.

ඉතින් නවනීදන් පිල්ලේගේ  උදහසට ලක් වුණයි කියලා ඒ කොඩිය ගැලවුණේ නැහැ. ඊට පස්සේ ආපු කිසිම ආණ්ඩුවක්වත් ඒ කොඩියට අත තිබ්බේ නැහැ. දැන් මොකද වුණේ? නිදහස් චතුරස්‍රයට 78 වැනි නිදහස් සමරුව අරන් ගිහිල්ලා අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුව “නිදහස් උත්සවයට මුවා වෙලා” පළමුවෙන්ම කළේ අර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 2011 සවි කරපු, ඒ පාදමේ තියෙනවා සමරු සටහන. මෙම බෞද්ධ ධජය ඔසවා ඇත්තේ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කියලා.”

ආරක්ෂක හමුදාවට අවමන් “රණවිරුවන් සෙබළුන් බවට පත් කිරීම”

දෙවැනි චෝදනාව ලෙස ජ නි පෙ ඉස්මතු කළේ නිදහස් දින පෙළපාලියේදී ආරක්ෂක හමුදාවේ අවි ආයුධ ප්‍රදර්ශනය නොකිරීමයි. “අවි ආයුධ පෙන්නන්න බැහැලු ණයට ගත්තු ඒවා කියලා. එහෙනම් ජනාධිපති සහ ඇමතිවරු ආවේත් ණයට ගත් වාහනවලද? මේක ආරක්ෂක හමුදාවට වෛරය පිට කිරීමක්,” යනුවෙන්  වියව්චනයට ලක්විය.

එහිදී පෙන්වූ වීඩියෝ පටයකින් ආරක්ෂක හමුදාව නිදහස් දිනයේ හඳුන්වා දුන් ආකාරය විවේචනය කළහ. “විශේෂ බලකාය සහ කමාන්ඩෝ බලකාය ආපදා සහන සේවකයන් ලෙස හඳුන්වලා. මූලික කාර්යය සතුරන්ගෙන් රට රැකීම නෙවෙයිද? මේක රණවිරුවන් සෙබළුන් බවට පත් කිරීමක්,” යනුවෙන් ජ නි පෙ චෝදනා කළේය. තවත් වීඩියෝවකින් පූරකයා "වීරෝධාර රණවිරුවන්" කියා නතර වී "සෙබළුන්" ලෙස කීම විවේචනය කළහ. "මේක රාජ්‍යයට සහ ආරක්ෂක හමුදාවට හතුරු මනසක්," යනුවෙන් ඔවුන් පැවසූහ.

උතුරේ බෙදුම්වාදයට හා ජාතිවාදයට ඉඩ දීම.

තෙවැනි චෝදනාව ලෙස ඔවුන් ඉස්මතු කළේ උතුරේ නිදහස් දිනය "කළු දිනයක්" ලෙස සැමරීම සහ බෙදුම්වාදී විරෝධතාවලට රජය ඉඩ දීමයි. "ජනාධිපති කතාවේ ජාතිවාදය සහ අන්තවාදය ගැන කියනවා. ඒත් බෙදුම්වාදය ගැන නිහඬයි. උතුරේ සිංහල විරෝධී සටන් පාඨ සමඟ පෙළපාලි යනවා. රජය ඔහේ බලාගෙන ඉන්නවා," යනුවෙන් ඔවුන් චෝදනා කළහ.

ආරක්ෂක හමුදා මූලස්ථානය යාපනයෙන් කිලිනොච්චියට ගෙන යෑමේ සැලසුම්ද විවේචනය කළ ඔවුන්, "මේක රාජ්‍යය බිඳවට්ටන සැලැස්මක්. ජනතාව චන්දය දුන්නේ මේකට නෙවෙයි. වහාම මේ දුෂ්ට අරමුණ පරාජය කරන්න," යනුවෙන් පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා කරන ලද 

සම්පූර්ණ හෙළිදරව්ව මෙසේය

සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම. පළමුව කණගාටුව පළ කරනවා, අපේ මාධ්‍ය සාකච්ඡාව සංවිධාන කටයුතුවලදී යම් ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව. මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වෙනවා මොරටුව මහානගර සභාවේ ජාතික නිදහස් පෙරමුණේ නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්ද්‍රික සහෝදරයා. ඒ වගේම කැස්බෑව නගර සභාවේ අපේ හිටපු නාගරික මන්ත්‍රී රංජිත් පත්මසිරි සහෝදරයා.

ප්‍රධාන කාරණාවක් සමඟ බැඳුණු අතුරු කරුණු තුනක් පිළිබඳව ඔබ මගින් මේ රටේ පොදු ජනතාවගේ අවධානයට යොමු කිරීම සඳහායි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වීමට අප කල්පනා කළේ. ඒ මූලික කාරණාව තමයි ඊයේ පැවැති 78 වැනි නිදහස් දින සමරුව.

අපි කවුරුත් දන්නවා, ඕනෑම ජාතික රාජ්‍යයක ප්‍රධාන වැදගත්කම තියෙන දිනයක් තියෙනවා. ඒ තමයි නිදහස් දිනය. ඒ නිදහස් දිනය කියන එක එන්නේ යම්කිසි යටත් විජිත ආක්‍රමණයකට ගොදුරු වෙලා නිදහස් වෙච්ච රටවල්වලට. එහෙම ඉරනමකට ලක් නොවුණු රටවල්වලට එහෙම දිනයක් මම හිතන්නේ නැහැ තියෙනවා කියලා.

දැන් අපේ වගේ රටවල්වල, ප්‍රධාන වශයෙන් දැන් අපිට අපි හා සමාන ඉරනමකට ලක් වුණු ඉන්දියාව ගත්තත්, ප්‍රධාන වශයෙන් ඔවුන් ඒ ඉතා ශක්තිමත්ව සමරණ දින දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන් නිදහස ලබපු දිනය. ඊටත් වඩා උත්කර්ෂවත් ලෙස ඔවුන්ගේ මිලිටරිමය හැකියාව සහ බලය විහිදුවා පෙන්නුමින් ජාතියේ ප්‍රව්ඩත්වය විදහා පෙන්නුමින් ඔවුන් පවත්වනු ලබනවා ඔවුන්ගේ ජනරජ දිනය.

ඒ ජනරජ දිනයට දෙන වැදගත්කම ඉන්දියාව ඔවුන්ගේ නිදහස් දිනයට දෙන වැදගත්කමටත් වඩා වැඩි. සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි වෙන්න ඕනේ. අපිත් යටත් විජිත ආක්‍රමණයකින් නිදහස් වෙච්ච රටක්. සමහරු හිතන් ඉන්නවා අපි තෑග්ගක් හැටියට අපිට ලැබුණා කියලා. ඔය නිරාගමික බක පණ්ඩිතයෝ හිතන් ඉන්නවා ඉන්දියාවට දෙනකොට අපිව විතරක් අල්ලන් ඉඳලා වැඩක් නැති හින්දා අපිටත් දීලා ගියා කියලා.

එහෙමනම් ඉතින් වීර පුරන්අප්පුලගේ, මොනරවිල කැප්පිටිපොලගේ බූටෑවේ රටේ රාලලගේ කොහුකුභුරේ රාලලගේ ජීවිත පරිත්‍යාගයෙන්, රුධිරයෙන් මේ මව් පොළොව තෙත් වෙන්න ඕනේ නැහැ. නිකන්ම නිකන් තෑග්ගකින් අපිට දීලා යන එකක් නම් වුණේ මහා විශාල ජීවිත පරම්පරාවක්. එහෙමනම් වෙලස්සේ මහා විශාල සංහාරයක්. ගම්පාලු ප්‍රතිපත්තියක් දියත් වෙන්න ඕනේ නැහැ. ඔවුන්ගෙම මිනිම් දඬුවලට අනුව සිංහලයන් දහසකට වඩා මරා දාලා තියෙනවා. වැව් අමුණු කෙත්වතු හරකබාන පුංචි දරුවන් පවා විනාශ කරලා තියෙනවා.

ඉතින් එහෙම ඉරණමකට ලක්වෙන්න වෙන්නේ නැහැ. මේ නිකන් තෑග්ගකින් හම්බවෙච්ච නිදහසක් නම් මේක. ඒ එහෙම කියන්නේ මේ නිදහසට ගරුත්වය සහ වටිනාකම අඩු කරන්න. ඒක බිංදුවට බස්සන්න. ඒ නරුම මනසින් තමයි ඒ අර්ථකථනය දෙන්නේ. ඒ නරුම මනස සහ ඒ අර්ථකථනය තියෙන පිරිසක් තමයි අද මේ රටේ පාලන බලය තියෙන්නේ.

දැන් ඒගොල්ලෝ අපි දන්නවා අපේ රටේ අවවාසනාවට ජනරජ දිනය අපි නිවාඩු දිනයක් කරලා ඒකට නිසි බරින් ඒ අවධානය දීලා සමරන්නේ නැහැ. ඒක අපේ රටේ වෙලා තියෙන විශාල වැරද්දක්. 1972 මැයි 22 නිදා ඒ ජනරජ දිනය බවට ප්‍රකාශයට පත් කරලා, බ්‍රිතාන්‍ය කිරීටයේ රැජිනගේ පෙකනිවැල අවසාන වශයෙන් කපා දාපු දිනය. රැජිනගේ ආණ්ඩුවට තියෙන අවසන් බැඳීමත් තීරණාත්මකව අවසන් කරපු දිනය, ඒ දිනයට අදාළ වටිනාකම සහ ශක්තිය දීලා ඒ දින අපි සමරන්නේ නැහැ. රටක් හැටියට ජාතියක් හැටියට, ඒ ගැන අපි කණගාටු වෙන්න ඕනා. ඒක ගැන අපි කම්පා වෙන්න ඕනා.

එසේ තිබියදී අපි සමරන එකම දිනය පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනය. ඒ දිනය සමරන්නේ අර මියගිය සියලු මුතුම් මිත්තන්ගේ, වෙල්ලස්සේ දහදිහක දුක් විදපු මුතුම් මිත්තන්ගේ, දූදරුවන්ගේ මුණුබුරන්ගේ මිනිබිරියන්ගේ, ඒ වීරෝධාර සෑම නායකත්වයකම ඒ ජීවිත පරිත්‍යාගයන් ඒ උස් වටිනාකම් ඒ උස් කැපකිරීම ඒ සියල්ල ස්මරණය කරන්න තමයි. ඒ සියල්ල පිටුපස තියෙන මහා කතාවේ “අභිමානය” නූතන පරම්පරාවන්ට ඊළඟ පරම්පරාවන්ට කාන්දු කරන්න තමයි “ජාතික නිදහස් දිනය” කියන එක සමරන්නේ. ඒක තමයි ඒකේ නියමානුකූල අර්ථය. ඒක තමයි ඕනෑම රටක ඒක සමරණ එකේ තේරුම.


දැන් අපේ වෙලා තියෙන්නේ මොකක්ද? ඊයේ මොකක්ද සැමරුවේ? ඊයේ සමරන්න කලින් මේගොල්ලෝ හරි අපූරු වැඩක් කළා. ඒක තමයි පටන් ගත්තු තැන. ඔබ දන්නවා 2011 අවුරුද්දේ මට මතක හැටියට. 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඒක “ස්මරණය” කරලා ඒක 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය මතකය තබා ගැනීම සඳහා නිදහස් චතුරස්‍රයේ ඉදිරිපස ඉතා විශාල “බෞද්ධ කොඩියක්” ඔසවා තිබුණා. ඒක අවුරුදු ගණනාවක්ම ඒ බෞද්ධ කොඩිය තිබුණා.

අපට මතකයි එක අවස්ථාවක 2012 විතර මගේ මතකය අනුව “නවනීදන් පිල්ලේ” එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කොමිසමේ නිලධාරිණිය ලංකාවට ආපු වෙලේ එවකට හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් පවා කළා, ඇයි මේ බෞද්ධ කොඩිය මෙතන තියෙන්නේ. ඒක “අන්‍යාගමිකයන්ගේ” සිත් රිදවනවා නේද, අරකද මේකද කියලා. එයා හරි උදහසට ලක් වුණා මේ කොඩිය දැකලා.

ඉතින් නවනීදන් පිල්ලේ එහෙම උදහසට ලක් වුණයි කියලා ඒ කොඩිය ගැලවුණේ නැහැ. ඊට පස්සේ ආපු කිසිම ආණ්ඩුවක්වත් ඒ කොඩියට අත තිබ්බේ නැහැ. දැන් මොකද වුණේ? නිදහස් චතුරස්‍රයට 78 වැනි නිදහස් සමරුව අරන් ගිහිල්ලා අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුව “නිදහස් උත්සවයට මුවා වෙලා” පළමුවෙන්ම කළේ අර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 2011 සවි කරපු, ඒ පාදමේ තියෙනවා සමරු සටහන. මෙම බෞද්ධ ධජය ඔසවා ඇත්තේ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කියලා.

මේක නිකන් වෙසක් එකට දාපු බෞද්ධ කොඩියක් නෙවෙයි. පෝයකට දාපු බෞද්ධ කොඩියක් නෙවෙයි. මේක ඒ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය මේ පොළොවේ සැමරුවා, උත්කර්ෂවත්ව සැමරුවා කියන එක අනාගත බෞද්ධයන්ට පවා දැනගැනීම සැලැස්වීම සඳහා තමයි ඒක කළේ. එ්ක එක් ආකාරයක සමරු ස්මාරකයක්. දැන් මොකක්ද මේ කළේ? නිදහස් දින උත්සව පටන් ගන්න කලින්ම කළේ අර ලොකු කනුවේ තිබුණු බෞද්ධ කොඩිය ගැලෙව්වා.

ගලවලා කියන ආරංචිය ආවම, අපි හිතාගෙන හිටියා එහෙනම් ඒකේ “ජාතික කොඩිය” දාලා වෙන්න ඇති. ජාතික නිදහස් දින උත්සවය ඉවර වුණාම ජාතික කොඩිය අයින් කරලා බෞද්ධ කොඩිය දානවා ඇති කියලා. එහෙම නෙවෙයි. ඒක නිකන් හිස් කරලා තිබුණා. ඒකේ බෞද්ධ කොඩියක් නැහැ. ජාතික කොඩියත් නැහැ. ඊට වඩා කුඩා කනුවක “ජාතික කොඩිය” දාලා තිබුණා.

මම ඔබට දැන් පෙන්වන්නම් අපි ඒක පටිගත කරපු වීඩියෝව. ඔබට වුනත් දාන්න අවශ්‍ය නම් ලබා දෙන්න පුළුවන්. මෙන්න බලන්න මේක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ජාතික කොඩිය පොඩි. නිදහස් එකට දාපු කොඩිය. මේ තියෙන්නේ ඒ තමයි බෞද්ධ කොඩිය තිබ්බේ. ඔය තියෙන්නේ බෞද්ධ කොඩිය තිබ්බ. ඔය එක හිස්. ඒ කියන්නේ කලින්ම ගැලෙව්වා.


දැන් මේකෙන් පෙන්නන්නේ මොකක්ද? අපේ රටේ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඒක සමරණය වෙන්න ඔසවා තැබූ බෞද්ධ කොඩිය එතනින් ගලවනවා නම්, ගලවලා ඒක අයින් කරනවා නම් එදා නවනීදන් පිල්ලේට ඇහැට ඇනිච්ච කටුව ගලවනවා නම් නිදහස් දිනයට මුවා වෙලා, එතනින් වැඩේ පටන් ගන්නේ. මේක තේරවාදී බෞද්ධ රාජ්‍යයක්. ඒ තේරවාදී බුදු දහම ලෝකයට ආරක්ෂා කරලා දුන්නු රට. බුදුන් වහන්සේ තමන්ගේ දර්ශනය දහම ආරක්ෂා වසර 5000ක් රකින රට කියලා බලාපොරොත්තු තබූ මේ පොළොව. ඒ පොළොවේ ඔසවන බෞද්ධ කොඩිය ආණ්ඩුව විසින්ම නියෝග දීලා ජනාධිපති විසින්ම නියෝග දීලා ගලවනවා.

ඒක ගලවලා එතුමා යනවා මොනවද “ධාතු ප්‍රදර්ශනවලට” ගිහිල්ලා මහත් “බැතිමත් උපාසක” මහත්තයා වගේ එතන ඉන්නවා වැඳගෙන. අපි කල්පනා කරලා බලන්න ඕන බුදු දහම... දැන් කාඩිනල්තුමත් පැහැදිලිව නිතරම කියන දෙයක් තමයි “බුදු දහම කියන්නේ ඉතාම සහනශීලී” දහමක්. ඒ දහම ඇතුලේ මයි මේ අනිත් ආගම්වලට පවතින්න පුළුවන් වෙලා තියෙන්නේ. ගැටුමකින් සහ බාධාවකින් තොරව නිදහසේ.

අද ඇමෙරිකා එක්සත් ජනපදය පවා වැඩිම අලුතෙන් වැළඳගන්න ආගම බුදු දහම. ඒක තමයි ලෝකයේ අද යථාර්ථය. ඒ බෞද්ධයෝ මූලික කොටගත්තු කොහෙවත් ත්‍රස්තවාදී සංවිධානයක් නැහැ. බෞද්ධයෝ මූලික ගත්තු කොහෙවත් “මරාගෙන මැරෙන බෝම්බකාරයෝ” නැහැ. ඒ තමයි මේ දහම එහෙම මිනිස්සු නිර්මාණය කරන්නේ. ලෝකයටම සහනශීලීත්වය ප්‍රධාන කරන දහමක්.

එහෙම දහමේ තියෙන ප්‍රධානතම සංකේතය ලෝකෙම තියෙන බෞද්ධ කොඩිය නිර්මාණය කළේ මේ පොළොවේ. ඒ බෞද්ධ කොඩිය නිර්මාණය කරපු රටේ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිවෙන්න ඔසවපු නිදහස් චතුරස්‍රය ඉස්සරහා රාජ්‍ය මැදිහත්වීමෙන් ඔසවපු “බෞද්ධ කොඩිය” ගලවනවා නම් මේ ඉන්න “පඟර නැට්ටෝ”, මෙහෙම මිනිස්සු මොක්කුද? ධාතු 100ක් වන්දනා කරත් ඒ පාපය නැති වෙනවද?

ඒ නිසා මේ අය.... මේ වෛර කරනවා. මහා සංස්කෘතියට වෛර කරනවා. මහා සංස්කෘතියට එරෙහිව යනවා. ඒ නිසා අපි අහන්නේ බෞද්ධ කොඩිය මොකද ගැලෙව්වේ? ඒක ඇලජික්ද? ඒක දැක්කම නිකන් නළියනවද? ඒක දැක්කම නිකන් මොකදෝ මොකද වෙනවද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා... මේ ඇඟ ඇතුලේ තියෙන ඇත්ත ස්වභාවය “ඇත්ත බෞද්ධ විරෝධය” තමයි මේ මඟින් මේ එළියට එන්නේ.

අපි මේ රටේ සියලු පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයත් ඒ වගේම සියලුම බෞද්ධ ජනතාවගෙනුත් මේ කරපු “දුෂ්ට ක්‍රියාව” මේක නිකන් කොඩියක් ඉවත් කිරීමක් නෙවෙයි. මේක නිකන් දාපු කොඩියක් ඉවත් කිරීමක් නෙවෙයි. 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිවෙන්න “ස්මාරකයක් විදිහට” දාපු ධජයක්. බෞද්ධ ධජය ඒක ගලවන්න පුළුවන් නම් මේ “නිරාගමික කල්ලියට” ඒක ගලවන්න ධෛර්ය තියෙනවා නම් මේ “හිපාටු ආණ්ඩුවට” අපි ඒකට ඉඩ දිය යුතු නැහැ.

ඒකට ඉඩ දුන්නොත් ඊළඟ පාර ඔලුවට අත හෝදන එකත් වලක්වන්න බැහැ. ඒකටත් ඉඩ දෙන්න වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට ඉතාම ඕනෑකමින් අවධාරණය කරනවා. වහාම අපි “දින තුනක්” දෙනවා. ලබන සඳුදා වෙනකොට මේ “ධජය නැවත ඔසවා තබන්න” නිදහස් චතුරස්‍රයේ තිබුණු 2006 වැනි සම්බුද්ධත්ව ජයන්ති සිහිවීම පිණිස ඔසවා තබන ලද ස්මාරකයක් වූ ඒ “මහා බෞද්ධ ධජය” ඒ තිබුණු පරිදිම ඔසවා තබන්න. එසේ නොවන්නේනම් එම ධජය ඔසවාලීම සඳහා මේ රටේ සකල සාමකාමී බෞද්ධ ජනතාව පෙරටු කොටගෙන, අපි ඒ කටයුත්ත කරන්න ඉදිරිපත් වෙනවා. ඒක වළක්වන්න බැහැ.

ඒ නිසා කරුණා කරලා මේ රටේ බෞද්ධාගමිකයන්ගේ සිත් රිදවන්නේ නැතුව, ඔවුන්ට එරෙහිව වැඩෙන තමන්ගේ මනස ඔය විදියට විකෘති ප්රකාශයට පත් කරන්න යන්නේ නැතුව, මේ රටේ බෞද්ධ සමාජයට ඔලුවට අතහොදන්නේ නැතුව කරුණා කරලා ඒ වැරැද්ද නිවැරදි කරන්න. දින තුනක් ඇතුලත ඒක කළ යුතුයි. නොකළොත් අපි ඒකට නිවැරදි කිරීම සඳහා අපට ගත හැකි ක්‍රියා මාර්ග අපි ගන්නවා.

ඊළඟ දේ තමයි දැන් මේ 78 වැනි නිදහස් සමරුවේ අපි කවුරුත් දැක්කා මෙච්චර කල් හැම නිදහස් දින සමරුවකම හමුදා පෙළපාලියේ අපේ “අවිආයුධ ශක්තිය” අපි විදහා පෙන්නුවා. ඒ අවිආයුධ ශක්තිය විදහා පෙන්නීම රටක ස්වභාවයක්. අපි දන්නවා මේ දෙවන ලෝක යුද්ධ කාලයේ සෝවියට් සංගමයේ රතු හමුදාව හිට්ලර්ගේ නාසි හමුදාව පරද්දපු එක අදත් සමරනවා. අද සමරන්නේ අද තියෙන නවීන අවි ආයුධත් එක්ක.

දැන් මේ මෙහෙ සමරන්න බැහැලු, මෙහෙ ණයට “අරගත්තු අවි ආයුධ” හින්දා. ඉතින් අරගොල්ලෝ ආපු “වාහනත්” ණයට අරගත්තුවනේ. ජනාධිපති ආපු එක මේ අත්පිට මුදලට ගත්ත එකක්ද? අගමැති එන්නේ... නිකන් “හුචක්කුවක” නිදහස් දිනයට එනවා. එයා නිකන් ඒවට යන්නේ සැපට සැපේ. හරි එයා එන එක මේ අත්පිට මුදලට ගත්ත එකක්ද? ඔය ඇමතිවරු ඒගොල්ල ආවේ අත්පිට මුදලට ගත්ත වාහන වලද. නයට ගනිපුවයි එන එක “අභිමානයට හොද මදිනම්” මේ ගොල්ලෝ පයින් එන්න එපාය.

අද සමරන්නේ අද තියෙනදැන් මේ මෙහේ සමරන්න බෑලු මෙහේ ණයට අරගත්තු අවි ආයුධ හින්දා ඉතින් අරගොල්ලෝ ආපු වාහනත් ණයට අරගත් කිව්වනේ ජනාධිපතියා අපිට මුදලට ගත්ත එකක් අගමැතිනි අගමැති එන්නේ නිකං චක්කුවක නිදහස් දිනයට එනවා. පස්සේ නිකන් ඒවට යන්නේ අපිට බුදුන්ට ගත්ත එකක්. ඔය ඇමතිවරුවාවේ මුදලට

ණයට ගත්තුඅවි ආයුධ බලය ප්‍රදර්ශනය කිරීම ඕනම නිදහස් දින පෙළපාලියක ප්‍රධානම අංගය තමයි තමන්ගේ අවි බලය ප්‍රදර්ශනය කිරීම. මොකද ආරක්ෂක හමුදා කියන්නේ ඔවුන් මිලිටර් මේහමුදාවක් ඔවුන් බාහිර හෝ අභ්‍යන්තර තර්ජනයක් එනකොට ඒක පරාජයට පත් කරන්න සන්නද්ධ වෙච්ච හමුදාවක්. ඒ සන්නද්ධ වෙච්ච හමුදාවේ  සන්නද්ධ වෙච්ච හමුදාවේ සන්නද්ධ බලය ප්‍රදර්ශනය නොකර “කෙඩෙට් බටයෝ” වගේ අරගෙන ගියාට වැඩක් නෑ. 

මේ මොකද මේ කරන්නේ? මේ මොකද මේ කරන්නේ? මේ තමයි රාජ්‍යය කෙරෙහි තියෙන වෛරය. මේ තමයි රාජ්‍යය කෙරෙහි තියෙන වෛරය. ආරක්ෂක හමුදා කෙරෙහි තියෙන වෛරය පිට කිරීම. ඒක තමයි මේ තියෙන්නෙ. 

දැන් ඒ විතරක් නෙමේ. බලන්න මේගොල්ලෝ “විජයග්‍රහණයේ යුද සමුරුවත්”මම කලින් කිව්වා වගේ ජනරජ දිනය සමරුවකුත් අපේ රටේ වෙන්නේ නැහැ. දැන් නිදහස් දිනය විතරයි ඉතුරු වෙලා තිබ්බේ. දැන් ඒකත් කැඩේට් නිලධාරීන්ගේ වැඩක් වගේ වෙලා. මේක තමයි අපි කියන්නේ පාසල් යන කාලේ අපිට මතකයි අපි පුංචි කාලේ ඕක දිහා බලලා තමයි රට ගැන කිසියම් ධනාත්මක හැඟීමක් අපේ පුංචි හදවත්වල ඇති වුණේ. යම්කිසි ප්‍රබෝධයක් ඇති වුණේ. ඒක ගොඩක් වැදගත් අපේ ඊළඟ පරම්පරාවේ මානසිකත්වය රාජ්‍යයට බැඳුණු මනසක් නිර්මාණය කරන්න.

අද මොකක්ද කරන්නේ? තුට්ටු දෙකට වට්ටනවා අපේ සන්නද්ධ හමුදා කියන ප්‍රතිරූපය තුළට ට්ටු දෙකට වට්ටනවා. බලන්න මෙන්න මේ හඳුන්වන විදිය. පළවෙනි වීඩියෝ මම දාලා පෙන්නන්න. මේකේ කියනවා ආරක්ෂක හමුදා හඳුන්වන විදිය. ඔන්න අහගන්න.

(වීඩියෝ පටයක් පෙන්වයි....)

දැන් ඔබට පැහැදිලියි අපේ මේ “විශේෂ බලකාය” “කමාන්ඩෝ බලකාය” මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ මුළු ඉතිහාසයටම මේ “දිට්වා ආපදාවෙන්” මිනිස්සු බේරගත්තු එක. සහන සලසපු එක. “බත් පැකැට් බෙදුපු එක” අර කවුද සංචාරයක ආව විදේශිකයෝ විසි ගානක් බේරගත්තු එක. දැන් ආරක්ෂක හමුදාවක මූලික කාර්ය ඕක නෙවෙයි. ඕක අතුරු කාර්යක්. මූලික කාර්ය බාහිර සහ අභ්‍යන්තර හතුරන්ගෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම.

ඒ බලකායවල් ගැන කියනකොට ඒ “බාහිර සහ අභ්‍යන්තර හතුරන්ගෙන්” රට ආරක්ෂා කරගන්න කරපු සටන් ගැනයි කියන්න ඕනේ. ඒක තමයි ඒ ආරක්ෂක හමුදා කණ්ඩායම්වල තියෙන මූලික වගකීම්. ආපදාවක් ආවම “ඒ වැඩේ කරන එක” අතුරු වගකීම්. ඒක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා හිටියොත් කරන වැඩක්. ඉල්ලා හිටියොත් ඉල්ලා නොහිටියොත් ඒත් කරන්නේ නැහැ. 

හැබැයි අරක එහෙම නෙවෙයි. අභ්‍යන්තර හා බාහිර සතුරු තර්ජනයක් එන්නේ කොහෙද? ඉල්ලා හිටින්න දෙයක් නැහැ. ඒක වැඩ පවත්වන්න කටයුතු කරනවා. ඒකට තමයි ආරක්ෂක හමුදාවක් හදලා තියෙන්නේ. ආපදාවක දිහා බලාගෙන ඉන්න නෙමෙයි.

දැන් ආපදාවක ගැන නම් හමුදාව අදාළ වෙන්නේ. එහෙමනම් ඉතින් ජනාධිපති එනකොට මොකක්ද කියන්න ඕනේ? ජනාධිපති එනකොට කියන්න ඕනේ ඒ පූරකයා මොකක්ද කියන්න ඕනේ?

“දිට්වා ආපදාව එන්න දී ඔහේ බලාගෙන හිටිය පසුව, ආපදාව එන්න දී බලාගෙන සිටිය, ඉන් පසුව හුළඟට ගිය එක තහඩුවටත් “ලක්ෂයක් ලබා දෙන බව” පැවසුවා, ඒ වගේම එයින් නොනැවතී ලක්ෂයක් ලබා දෙන බව පවසා නොනැවති “අගරු චෙක්පත්” ලබා දී වාර්තාවක් තබන ලද, ආපදා කළමනාකරණේ “විශිෂ්ටතම ප්‍රතිරූපය”” ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩම කළ සේක.”

එහෙමනේ කියන්න ඕනේ. එයා කරලා තියෙන්නේ එච්චර තමයි. එන්න දීලා, විපත වෙන්න දීලා පුරාජෙරු කතා කිව්වා. ඉතින් එයාව හඳුන්වන්නත් ඕනේ එහෙම එහෙනම්. එයා රටේ සේනාධිනායක ජනාධිපති කියන්නේ ඒ වැඩේ එච්චරයි. වෙනම මුකුත් නෑ එයාට...

මේ තරම් ආරක්ෂක හමුදාව බිංදුවට බස්සනවද? මේ තරම් මේ රටේ වීරෝධාර ආරක්ෂක හමුදා සාමාජිකයාව මානසිකව බිඳවට්ටනවද? ප්‍රතිරූපය කෙලෙසනවද? මේ මොකක්ද මේ නරුම මනස? මේ තමයි රාජ්‍යයට “හතුරු මනස” රාජ්‍ය ආරක්ෂක අංශවලට “හතුරු මනස” බෞද්ධ මහා සංස්කෘතියට හතුරු මනස. මේක තමයි මේ “දුෂ්ට මනස” මේ මනස තමයි මේගොල්ලන්ගේ මේක ඇරියස්. නිදහස් දිනය කියන්නේ මේ ඇරියස් කවර කරන දිනයක්.

බෞද්ධ කොඩිය ගලවන දිනයක්. හමුදාවට මේ කුඩු කේඩුකම් කරන දිනයක්. හමුදාව දැක්කම “ආපදා වැඩේ කරපු කට්ටිය” කියලා කියන දිනයක්. නිකන් ආපදා සෙබලු බවට පත් කරන දිනයක්. මේක තමයි මේගොල්ලන්ගේ ඒ ඇරියස් කවර කිරීමේ දිනය. ඉතින් අපි කියන්නේ නිදහස් දිනය තමන්ගේ ඔලුවේ තියෙන මේ ඇරියස් කවර කිරීමේ දිනයක් නම් කරගන්න එපා. ඒක නොකොට අපි තව බලමු මේගොල්ලන්ගේ තියෙන “ඇරියස් එකක්” අපි තව ඊළඟ වීඩියෝ එක බලලා ඉමු. 

(තවත් වීඩියෝ පටයක් පෙන්වයිි.)

දැන් බලන්න ඒ පූරකයාට.... පව් ඒ මනුස්සයා. ඒ මනුස්සයාට කියවෙන්න යනවා. ඇඟෙන් එනවා “වීරෝධාර රණවිරුවන්” කියලා. ටක් ගාලා බ්‍රේක් ගහනවා. තත්පර.... මම හිතන්නේ තුනක් විතර තියෙනවා. මේ බ්‍රේක් එක බොහොම අමාරුවෙන් කියනවා “වීරෝධාර” කියලා නතර වෙලා සෙබළුන් කියලා කියනවා. 

ඒ පූරකයගේ ඇඟේන් එන්නේ රණවිරුවන්. මේ රාජ්‍යයට හතුරු ආරක්ෂක හමුදාවන්ට හතුරු මහා සංස්කෘතියට “වෛර කරන” මේ පවිටු ආණ්ඩුව, මේ රටේ මිනිස්සුන්ගේ හදවතින් එළියට එන ඒ වචනය “රණවිරුවන් කියන වචනය” මරලා “සෙබළා” කියලා තමයි මේකෙදි කියන්නේ. සෙබළා. එහෙනම් ඉතින් “ඉල් මහ සෙබළ සමරුව” කියලා දාගන්න. “බක්මහා අප්‍රේල් සෙබළ සමරුව” කියලා දාගන්න. කොහොමද ඒගොල්ලෝ “වීරයෝ” වෙන්නේ? එහෙමනම්.

තමන්ට ඕන කෙනා විතරක් “වීරයො” කරලා රටේ ජාතියේ මිනිස්සු පිළිගන්න කෙනා “වීරයා නොකර” ඉන්නේ මොකක්ද තියෙන අයිතිය.  සේනාධිනායකයා ඉන්නේ රණවිරුවන් “සෙබළා” කියන තැනට වට්ටන්නද. සේනාධිනායකයාගේ භූමිකාව ඒකද. ඒකද සේනාධිනායකයාගේ භූමිකාව. ඒ නිසා අපි කියන්න ඉතා ඕනකමින්, අනේ වැඳලා කියන්නම් ඕගොල්ලන්ට මේ වැඩේ කරන්න ඕනේ නැත්නම් නොකර ඉන්න. නිදහස් දිනයන් නොකර ඉන්නකෝ. 

අර පොළොන්නරුවේ කවුද මේ “සරත් මහත්තයා” දාලා, ඊට පස්සේ තව මම දැක්කා වයම පලාත නෝන කෙනෙක් ගෙදරට්ට හිටපු ඇඳුමෙන් ඇවිල්ලා මේ පෙළපාලියත්, ආචාර පෙළපාලියක් ගන්නවා. මම හිතන්නේ මූහුණ හෝදලත් නෙමෙයි ඇවිල්ලා හිටියේ. ඉතින් ඒ කට්ටිය ගෙනල්ල ඒ ප්‍රාදේශීය වශයෙන් පොඩි ඕන එකක් කරගන්න. මේ විශාල පාසල්වල ඉන්න ශිෂ්‍ය බට කණ්ඩායම් ගෙනල්ලා ඒ වගේ මොකක් හරි කරගන්න. දෙයියනේ කියලා මේ රටේ “ආරක්ෂක හමුදාවට” “රාජ්‍යයට” අවමන් කරන මේ විදියේ නිදහස් දින සමරු නම් අනේ කරන්න එපා.

ඊළඟට විරුද්ධ බලය හිටියොත් නැත්නම් ඉතින් කොහොමත් ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ නැහැ. හිටියොත් අපි ඉල්ලා හිටින්නේ කරුණා කරලා මේ වැඩේ කරන එක නවත්තන්න. මේ රාජ්‍යයට මේ රාජ්‍යයේ ආරක්ෂාවට ඉන්න හමුදාවන්ට මේ විදියට කරන්න මේ විදියට බිංදුවට වට්ටන්න මේ විදියට සාසික ලෙස ඔවුන්ගේ ගරුත්වය කෙලෙසන්න මුළුමහා සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන වැසියන් තමන්ගේ වීරෝධාර රණවිරුවන් කියන හැඟීමෙන් බලන මේ ආරක්ෂක හමුදාව නිකන්ම නිකන් සැබලු ගානට වට්ටන්න, ඒ පාපතර වැඩේ තවදුරටත් කිරීමෙන් වලකින්න කියන එක අපි ඉතා ඕනෑකමින් ඉල්ලා හිටින්නේ.

දැන් ජනාධිපතිවරයාගේ තියෙනවා නේ කතාවේ අනිවාර්යයෙන් අංග ටිකක්... එයා නිදහස් දින කතා යාපනයට ගියොත් අනිවාර්යයෙන් මේ ටික කියනවා. නිදහස් දිනෙත් මේ ටික කියනවා. ජාතිවාදය අන්තවාදය හිස ඔසවන්න දෙන්නේ නෑ කියලා කියනවා. ඒවා ආයේ එන්න දෙන්නේ නැහැ. හිස් ඔසවන්න දෙන්නේ නැහැ. එයා මෙහේ කියනකොටම අරහේ හිස ඔසවගෙන ඉන්නවා උතුරේ. ඒවා පේන්නේ නැහැ. අනෙක ජාතිවාදය අන්තවාදය විතරයි කියන්නේ. එහෙමනම් කියන්න ඕනේ ජාතිවාදය අන්තවාදය සහ “බෙදුම්වාදය” කියලා.  ඇයි “බෙදුම්වාදය” කියන වචනය හැලෙන්නේ? ඇයි ඒ තුනට ඒක අයිති නැද්ද? ඒක හලලා ජාතිවාදය අන්තවාදය කියලා විතරක් ගහන්නේ ඇයි? නිදහස් දිනේ ජාතිවාදය අන්තවාදය ගැන, ඒකට විරුද්ධව කතා කරනකොට ජනාධිපතිවරයා අන්න උතුරේ ජාතිවාදය අන්තවාදය විතරක් නෙවෙයි බෙදුම්වාදයක්.

බොහොම වේගයෙන් හිස ඔසවලා පෝස්ටර් ගහලා පාරේ පෙළපාලි යනවා. එතකොට ඒක ජාතිවාදය නෙවෙයිද? ඒක අන්තවාදය නෙවෙයිද? ඒක පරද්දන්න ඕනේ නැද්ද? ඒක වැඩෙන්නද දෙන්න ඕනේ. ඒක වැඩෙන දිහා ඔහේ බලාගෙන ඉඳීමද මේ ජාතිවාදී නොවීම? ඒක වැඩෙන දිහා හිස ඔසවන දිහා ඔහේ බලාගෙන සිටීමද අන්තවාදී නොවීම. ඒකට වැඩෙන්න ඉඩ දීමද ජාතිවාදී නොවීම.

මේ “වඳුරු කුණු හර්ප” වලින් මේ රට වට්ටන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක පුළුවන් වැඩක් නෙවෙයි. දැන් බලන්න මේ උතුරේ දර්ශනයක් අපි ඔබට පෙන්නන්නම්. ඒ ටික බලලා ඉන්න මේ උතුරේ කරපු විරෝධතා තියෙනවා. 


ඒ විරෝධතාවල අපි කවුරුත් දන්නවා නිදහස් දිනය “කළු දිනයක්” කරලා ඒ අයගේ සටන් පාඨ කියමින් “සිංහල සමාජයට හතුරු සටන් පාඨ” කියමින් ශ්‍රී ලංකා රාජ්‍යයට හතුරු සටන් පාඨ කියමින්, ඔවුන් නිදහසේ පොලිස් ආරක්ෂාව යටතේ පාර අවහිර කරගෙන පෙළපාලි යනවා.

මෙහෙ ඔහොම එකක් වුණා නම් අධිකරණ නියෝගයක් අරගෙන එනවා. ඒ මොනවත් නැහැ. ඔහේ නිදහසේ යනවා. එතන තියෙන්නේ “සිංහල විරෝධී රාජ්‍ය විරෝධී” සටන් පාඨ. ඒක අන්තවාදෙත් නෙවෙයි. ජනාධිපතිට ඒක ජාතිවාදෙත් නෙවෙයි. ජනාධිපතිට ඒක බෙදුම්වාදෙත් නෙවෙයි. ජනාධිපතිට එතකොට පැහැදිලියි මේ මොකක්ද මේ වෙන්නේ?

මේ වෙන්නේ අපේ රටේ පවත්නා සාමකාමී තත්ත්වය ආරක්ෂක හමුදා රණවිරුවන් ජීවිත පුදලා ලබා දීපු සාමකාමී තත්ත්වය කණපිට හැලීම. ඒකෙම තව එකක් උතුරේ ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවලා කිලිනොච්චියට ගෙන එනවායයි කියමින්, කිලිනොච්චියෙන් නැවත පල්ලෙහාට ඇදගෙනේ ඒම. දැන් ඒගොල්ලෝ තීරණය කරලා ඉවරයි ආණ්ඩුව ආරක්ෂක හමුදා මූලස්ථානය යාපනයෙන් ගලවලා ගේන්න කිලිනොච්චියට ගේනවයි කියලා කියන්නේ. හැබැයි කිලිනොච්චියේ විරෝධතා ඇති කරලා ඒක එතනුපෙහට ගේන්න තමයි සැලැස්ම.

මේ ඔක්කොම කරන්නේ මේ රාජ්‍යය බිඳවට්ටන්න. මේ රටේ ජනතාව අනුර කුමාර ජනාධිපති කරන්න චන්දය දුන්නේ මේ පාප කර්මෙටද? මේ න්‍යාය පත්‍රය බලගන්වන්නද? මේ හතුරු ජාතියට රටට රාජ්‍යයට මේ රටේ ආරක්ෂක හමුදාවන්ට හතුරු මේ මෙහෙයුම දිගේලි කරන්නද? 

ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා හිටින්නේ මේ රටේ පොදු ජනතාවගෙන් ඔබ චන්දය දුන්නේ මේ පාවාදීමට නෙවෙයිනම්. මේ දුෂ්ට අරමුණ වෙනුවෙන් නෙවෙයිනම්. මේ දුෂ්ට අරමුණ දිගේලි කිරීම වෙනුවෙන් නෙවෙයිනම්. එය වහාම පරාජයට පත් කිරීම සඳහා, ඒ දීපු චන්දය මොකඋනත් එය නිවැරදි කිරීම සඳහා ඔබ වහාම ඉදිරිපත් වෙන්න. ඒක ඔබ සතුව තියෙන  යුතුකමක් හා වගකීමක්. ඒක පක්ෂ පාලනයක් නෙවෙයි. ඒක ජාතියත් ඒ වගේම මේ රටේ ආරක්ෂක හමුදාවත් රාජ්‍යයත් මේ රටට උරුම ඓතිහාසික සභ්‍යත්වයත් වෙනුවෙන් ඔබ ගත යුතු තීරණයක්.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
පර්සියානු බොක්ක කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට "ප්‍රමාද වීමට පෙර ඔබේ නිවසට ආපසු යන ලෙස" ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.