කතානායක සහ පෞද්ගලික ලේකම් ධුරවලින් ඉවත් විය යුතුයි - දයාසිරි කියයි
කතානායකතුමාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ල විභාග වී අවසන් කරන තුරු කතානායකතුමාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුරුවල ක්‍රියා කිරීම සුදුසු නොවන නිසා ඔවුන් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් තමා ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කතානායකතුමාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලට අදාල කාරණයක් සම්බන්ධයෙන් තමා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අද පෙරවරුවේ උත්සාහ ගත්තද ඊට කතානායකවරයා ඉඩ ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල හැන්සාඩ් ගත කිරීමෙන් සහ සභාගත කිරීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම පැමිණිල්ලට අදාල පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු කතානායකතුමාත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාත් එම ධූරවල කටයුතු කිරීම සුදුසු නොවන බවයි.
එම නිසා ඔවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් වන ලෙසට සදාචාරාත්මකව තමා ඉල්ලීමක් කරන බවද දයාසිරි ජයසේකර කියා සිටියේය.
අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මගින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති නිසා කතානායකවරයා පාර්ලිමේන්තුවේ කතානායක වශයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවත් විපක්ෂය ඉල්ලා සිටින්නේ මෙම පරීක්ෂණ අවසන් වන තුරු කතානායක ධූරයෙන් ඉවත් වන ලෙස කියාත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..