කොටි නායකයාගේ මහ ගෙදර නැවත ගොඩ නැගීමට වැල්වෙටිතුරේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය..
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත් වැඩියාවකට ලක් කොට එය ඔහුගේ නැගණිය වෙත බාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් ඊයේ (02) ඒකමතිකව සම්මත වී තිබේ.
එම යෝජනාව සභාවට ඉදිරිපත් කරණ ලද්දේ වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් විසිනි.
ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකු වන අතර සෑම වසරකදීම ඔහු ප්‍රභාකරන්ගේ උපන්දිනය දාට එම නිවස ඉදිරිපිට කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරණු ලබනවා. ඔහු මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීම පිණිස සංරක්ෂණය කරණ නිසා සියලු දෙනාම ප්‍රභාකරන්ගේ නිවස යැයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බවයි.
එම නිවසේ ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත බාර දීම ඉතා උචිත ක්‍රියාවක් බවද එම්.කේ ශිවාජිලිංගම් ප්‍රකාශ කොට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ ඒකමතික කැමැත්ත පල වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..