මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය: සාක්ෂි පවතිනවා නම් අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි අධිකරණ නියෝගයක්..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුල කිහිපයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි පවතී නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටනියෝග කළාය.
මෙම වෙබ් අඩවි ලිපිනය පෙළපොත්වලට ඇතුළත් වූයේ චේතනාන්විතවද, වැරදීමකින්ද නැතහොත් නොසලකා හැරීමකින්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය. එමෙන්ම, අදාළ වෙබ් අඩවි ලිපිනය ඇතුළත්ව තිබූ ගුරු පුහුණු අත්පොත සහ ශෝධ්‍ය පත්‍ර කියවීමෙන් පසු මුද්‍රණය කළ මොඩියුලය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදී.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය සහ ශ්‍රේණි විදුහල්පති සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශ්වයන්ගේ ප්‍රකාශ නොසලකා හරිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු නිලධාරියකු වන අධ්‍යාපන ලේකම්වරයාගේ පැමිණිල්ල මත පමණක් විමර්ශන මෙහෙයවන බවයි.
සැබවින්ම සැකකරුවකු විය යුතු පුද්ගලයකුගේ පැමිණිල්ල මත මෙලෙස කටයුතු කිරීම වැරදිකරුවන් ආරක්ෂා කිරීමක් බවත්, මෙම පෙළපොත් මුද්‍රණය හේතුවෙන් රජයට රුපියල් මිලියන 60කට අධික පාඩුවක් සිදුව ඇති බවත් නීතිඥවරයා අවධාරණය කළේය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
විශේෂයෙන් මෙම මොඩියුල සැකසීමට දායක වූ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවත්, ඔවුන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයා අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සහ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණ පවත්වන බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන මන්දගාමීව සිදු කරන බවට චෝදනා කළ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, එසේ කරන්නේ සාක්ෂි විනාශ කිරීමට ඉඩ ලබා දීම සඳහා නම් ඉදිරියේදී පෞද්ගලික නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවටද අනතුරු ඇඟවීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..