News Category
From Date
To Date
Maximum Number of Result

කියුබාව විනාශකර වැට්ටවීමේ "යටි බිම්ගත" රාජ්‍යයේ උවමනාව ඉටු කරන්නේ මාර්කෝ රුබියෝයි - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පවසයි

Feb 1, 2026 at 07:20 AM
|

කියුබාව අද මුහුණදී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙබ් අඩවිය ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගෙන් කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු මූලික වශයෙන් පවසා සිටියේ අමෙරිකාව පිහිටුවා වසර 250ක් පිරීමේ සැමරුම මේ වසරේ ජූලි 04 වැනිදාට යෙදෙන බවත්, බිඳ වැටෙමින් තිබෙන අමෙරිකානු අධිරාජ්‍යවාදයට හැරවුමක් ගැනීමට නම්  විශාල ජයග්‍රහණයක් පෙන්වීමේ අවශ්‍යතාවක් ඇති බවත් ය.

මේ වන විට අමෙරිකාවේ බල පරාක්‍රමය ඉතා සීඝ්‍රයෙන් ගිලිහෙමින් පවතින නිසා බව ඒ මහතා අවධාරණය කරයි.

ඒ අනුව කියුබාව වැනි රටක් විනාශකර අමෙරිකාව යටතට ගැනීම විසින් අමෙරිකාවේ අධිරාජ්‍යවාදී බලපරාක්‍රමය නැවත වටයකින් ඉහළට එසවෙන බව ගැඹුරු රාජ්‍යය හෙවත් යටි බිම්ගත රාජ්‍යයේ විශ්වාසය බවට මේ වන විට පත්ව තිබෙන බව ආචාර්ය චන්ද්‍රවංශ මහතා පවසයි . ඒ සඳහා ඔවුන් යොදාගන්නේ කියුබාවේ ජන්මය ලැබූ පුද්ගලයකුවන වන අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම හිතවතෙකු වන මාර්කෝ රූබියෝ බවද ඔහු පෙන්වා  දෙයි.

කියුබාව වැට්ටවීම සඳහා මාර්කෝ රූබියෝට ඉතා දැඩි පෞද්ගලික අවශ්‍යතාවක් ඇති බවත්, ෆිදෙල් කැස්ත්‍රෝගේ කියුබානු විල්පවයෙන් පසු මාර්කෝ රූබියෝගේ දෙමව්පියන් විසින් ඔහුවත් රැගෙන අමෙරිකාවට පළාගිය බවත්,  එතැන් පටන් ඔවුහු ෆිදෙල් විරෝධී, සමාජවාදයට විරෝධී පුද්ගල කාණ්ඩායමට අයත් කියුබානු ජන්මලාභීන් බවට පත්වූ බවත් ඒ මහතා පවසයි.

අනෙක් පැත්තෙන් ගැඹුරු රාජ්‍යයේ අවශ්‍යතාව සැලකුවහොත් එය ඔවුන්ගේ ගිලිහීයන බලපරාක්‍රමය නැවත වටයකින් ඉහළ නැංවිය හැකි වන්නේ මෙලෙස කියුබාව වැට්ටවීමෙන් පමණක් බවද ඔහු සඳහන් කරයි.

කියුබාව, කියුබානු විප්ලවයෙන් පසුව නිදහස් රටක් බවට පත්වීමට පෙර කියුබාව යනු අමෙරිකාවේ හොඳම සංචාරක පාරාදීසය ලෙස පැවැති රටකි. හවායි වලටත් වඩා අමෙරිකානු ජාතිකයන්ගේ හෝටල්, දුම්කොළ ආශ්‍රිත සමාගම් මෙන්ම අමෙරිකාවට අවශ්‍ය ආහාර නිපදවීම් ඇතුළු බොහෝ දේ සිදුවූයේ කියුබාවෙනි.

ඉතා සෞම්‍ය දේශගුණයක් ඇති මනරම් පරිසරයක් සහිත මේ රට අල්ලා ගැනීම අමෙරිකාවේ දැඩි උවමනාවක් බවත්, ඔවුන් වසර 60ක් තිස්සේ මේ සඳහා උත්සාහ කළද එය අසාර්ථක වූ බවත් ජගත් චන්ද්‍රවංශ මහතා මෙහිදී පෙන්වා දෙයි.

මෙම ආක්‍රමණය අමෙරිකාව විසින් දැන් තීව්‍රකර ඇත්තේ අමෙරිකාවේ කඩා වැටීම වඩා වේගවත්වී ඇති නිසා බවත්, අමෙරිකාව මේ වන විට සූදානම්වන ග්‍රීන්ලන්තය අල්ලා ගැනීම වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඔවුන්ට කියුබාව අත්පත්කර ගැනීම බවත් ඒ මහතා සඳහන් කරයි.

මක්නිසාද යත් ග්‍රීන්ලන්තය වැනි රටක් බොහෝ කාලයක් තිස්සේ ඔවුන්ට අල්ලා ගැනීමට හැකිව තිබූ රටක් බවත් පෙන්වා දෙන ඒ මහතා, එය විශාල වශයෙන් සම්පත් බහුල රටක් බව කෙනෙකු පවසනවා නම්, අමෙරිකාවට අයත් ඇලස්කාවේ විශාල වශයෙන් සම්පත් තිබුනද ඔවුන්ට එහි සම්පත් ගොඩගැනීමේ තාක්ෂණය හෝ ඒ සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල මේ වන විට අමෙරිකාව සතුව නොවන බවද පෙන්වා දෙයි.

ඒ අනුව ග්‍රීන්ලන්තය අල්ලාගත් පමණින් ඔවුන්ට එහි සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නොමැති බවත්, මේවන විට අමෙරිකාව පත්ව ඇති ආර්ථික අර්බුදය මෙයට හේතුව බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව බලනවිට ඔවුන්ට ඉතාවැදගත් වන්නේ කියුබාව වැනි රටක් අත්පත් කරගැනීමය. එනිසාම කියුබාවේ ආරක්ෂාව වෙනුවෙන් ලෝකයපුරා විසිරී සිටින සමාජවාදී කඳවුරේ අය සහ අධිරාජ්‍ය විරෝධී කඳවුරේ පිරිස් දැඩිව මේ සඳහා මැදිහත් වී අමරිකාවට බලපෑම් කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

අනෙක් පැත්තෙන් අමෙරිකාව මේ වන විට අමෙරිකානු බැඳුම්කරවල චීනය විසින් ආයෝජනය කර තිබූ ඩොලර් ට්‍රිලියන 1.3කින් අද චීනය සතුව ඇත්තේ ඩොලර් බිලියන 680ක් වැනි ප්‍රමාණයක් පමණක් බවත්, ඉතිරි අමෙරිකානු ඩාලර් බිලියන හයසිය ගණනම චීනය විසින් විකුණා දමා තිබේ.

චීනය එලෙස ඩොලර් විකිණීමෙන් ඒ වෙනුවට මේවන විට රත්‍රන් තම සංචිත වශයෙන් තබාගැනීම ආරම්භකර ඇති බවත් ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

මක්නිසාද යත් ඕනෑම මුදල් ඒකකයක් ලෝකයේ කඩාගෙන වැටුනද රත්‍රන් වැනි ඒකකවල වටිනාකම් පහළ නොයන බවත්, එය මුදලේ අගය පහළ යන තරම් වේගයෙන් පහළ නොයන බවත් පෙන්වා දෙයි.

අමෙරිකාවේ මුදල් ඒකකය වන ඩොලරය ජාත්‍යන්තර වෙළෙඳාමේ දී භාවිත වූ ප්‍රමාණය අද වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවලට අනුවත් 52% දක්වා අඩුවී තිබේ.

එහෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලන දර්ශක වලට එහා ගොස් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ  මෙම අගය 30% දක්වා අඩුවී ඇති බවත් සඳහන් කරන ඒ මහතා, මේ වනවිට ASEAN  සංවිධානයේ  රටවල් අතර  ගනුදෙනු සිදුවන්නේ ඒ ඒ මුදල් ඒකක හරහා බවත්, රුසියාව සහ චීනය අතර ගනුදෙනු සිදු වන්නේ රුසියානු රූබලය සහ චීන යෙන් හරහා බවත් ඒ මහතා පවසයි.

BRICS සංවිධානය ඉදිරියට පැමිණීමත් සමග අමෙරිකානු ආර්ථිකයට සිදුවන හානියත් සමග ඩොලරය ඉතා සීඝ්‍රයෙන් කඩා වැටීමට නියමිත බව ගැඹුරු රාජ්‍ය දන්නා බවත්, ඔවුන්ට නැවත  වටයකින් දෙපයින් සිට ගැනීමට නම් කියුබාව වැනි රටක් අත්‍යවශ්‍ය බවත් එහෙයින් ඔවුන් කියුබාව අත්පත්කර ගැනීමට ඉතාමත් අයහපත් ආකාරයේ මැදිහත්වීමක් සිදුකිරීමේ ඉඩකඩ ඉතා වැඩි බවත් ඔහු සඳහන් කරයි.

අමෙරිකාවේ සහ සියෝන් වාදීන්ගේ ඉලක්කයක් බවට පත්වූයේ ඉරානය පරාජය කර අභ්‍යන්තර පාලනයේ වෙනසක් කිරීමට බවත්, එහෙත් අද තිබෙන තත්ත්වය අනුව අමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරේ ආර්ථික අවපාතය සහ ඉරානයට එරෙහි අමෙරිකානු මෙහෙයුමට බොහෝ රටවලින් එල්ලවන විරෝධය වැනි කරුණු මුල්කරගෙන අමෙරිකාවේ ඉරාන මෙහෙයුම අසාර්ථක වී ඇති බවත් ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

අමෙරිකානු රාජ්‍යයේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ට එල්ල වෙන බලපෑමද ඉතා වැඩිවී ඇති බවත් සඳහන් කරන ඒ මහතා, රට අභ්‍යන්තරයෙන් ද ඔහුට එරෙහිව නැගීසිටීම් සිදුවෙමින් ඇති බවද පෙන්වා දෙයි.

එනිසාම අමෙරිකාවට ප්‍රතිඵලයක් අත්කර දෙන යුදමය මෙහෙයුමක් ඉරානය තුළ සිදුකිරීමේ ඉඩ කඩ මග ඇහිරී ඇති පසුබිමක අමෙරිකාව ආසන්නයේ ඇති රටකට තම හමුදා මෙහෙයවා කියුබාව වැනි රටක් අත්පත්කර ගැනීමට උත්සාහ දරනු ඇති බවට ජගත් චන්ද්‍රවංශ මහතා කරුණු පැහැදිලි කරයි.

මේ මොහොතේ කියුබාවට ඇති දරුණුම අවදානම එය බවද සඳහන්කරන ඒ මහතා ලෝකයේ අධිරාජ්‍ය විරෝධී සමාජවාදී මත දරන පිරිස් එකාවන්ව නැගීසිට කියුබාව වෙනුවෙන් පෙළගැසිය යුතු බවත් සඳහන් කරයි.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිතවරයා ඉකුත්දා පවසා සිටියේ වෙනිසියුලාවේ මෙන් අභ්‍යන්තර කුමන්ත්‍රණයක් කියුබාව තුළ සිදුනොවන බවත්, වෙනිසියුලාවේ කළාක් මෙන් අභ්‍යන්තර අතපෙවීමක් අමෙරිකාවට කියුබාවේදී කළ නොහැකි බවත් යැයිද ඒ මහතා මෙහිදී අවසාන වශයෙන් අනාවරණය කරයි.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.