News Category
From Date
To Date
Maximum Number of Result

කියුබාව විනාශකර වැට්ටවීමේ "යටි බිම්ගත" රාජ්‍යයේ උවමනාව ඉටු කරන්නේ මාර්කෝ රුබියෝයි - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පවසයි

Feb 1, 2026 at 07:20 AM
|

කියුබාව අද මුහුණදී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙබ් අඩවිය ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගෙන් කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු මූලික වශයෙන් පවසා සිටියේ අමෙරිකාව පිහිටුවා වසර 250ක් පිරීමේ සැමරුම මේ වසරේ ජූලි 04 වැනිදාට යෙදෙන බවත්, බිඳ වැටෙමින් තිබෙන අමෙරිකානු අධිරාජ්‍යවාදයට හැරවුමක් ගැනීමට නම්  විශාල ජයග්‍රහණයක් පෙන්වීමේ අවශ්‍යතාවක් ඇති බවත් ය.

මේ වන විට අමෙරිකාවේ බල පරාක්‍රමය ඉතා සීඝ්‍රයෙන් ගිලිහෙමින් පවතින නිසා බව ඒ මහතා අවධාරණය කරයි.

ඒ අනුව කියුබාව වැනි රටක් විනාශකර අමෙරිකාව යටතට ගැනීම විසින් අමෙරිකාවේ අධිරාජ්‍යවාදී බලපරාක්‍රමය නැවත වටයකින් ඉහළට එසවෙන බව ගැඹුරු රාජ්‍යය හෙවත් යටි බිම්ගත රාජ්‍යයේ විශ්වාසය බවට මේ වන විට පත්ව තිබෙන බව ආචාර්ය චන්ද්‍රවංශ මහතා පවසයි . ඒ සඳහා ඔවුන් යොදාගන්නේ කියුබාවේ ජන්මය ලැබූ පුද්ගලයකුවන වන අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම හිතවතෙකු වන මාර්කෝ රූබියෝ බවද ඔහු පෙන්වා  දෙයි.

කියුබාව වැට්ටවීම සඳහා මාර්කෝ රූබියෝට ඉතා දැඩි පෞද්ගලික අවශ්‍යතාවක් ඇති බවත්, ෆිදෙල් කැස්ත්‍රෝගේ කියුබානු විල්පවයෙන් පසු මාර්කෝ රූබියෝගේ දෙමව්පියන් විසින් ඔහුවත් රැගෙන අමෙරිකාවට පළාගිය බවත්,  එතැන් පටන් ඔවුහු ෆිදෙල් විරෝධී, සමාජවාදයට විරෝධී පුද්ගල කාණ්ඩායමට අයත් කියුබානු ජන්මලාභීන් බවට පත්වූ බවත් ඒ මහතා පවසයි.

අනෙක් පැත්තෙන් ගැඹුරු රාජ්‍යයේ අවශ්‍යතාව සැලකුවහොත් එය ඔවුන්ගේ ගිලිහීයන බලපරාක්‍රමය නැවත වටයකින් ඉහළ නැංවිය හැකි වන්නේ මෙලෙස කියුබාව වැට්ටවීමෙන් පමණක් බවද ඔහු සඳහන් කරයි.

කියුබාව, කියුබානු විප්ලවයෙන් පසුව නිදහස් රටක් බවට පත්වීමට පෙර කියුබාව යනු අමෙරිකාවේ හොඳම සංචාරක පාරාදීසය ලෙස පැවැති රටකි. හවායි වලටත් වඩා අමෙරිකානු ජාතිකයන්ගේ හෝටල්, දුම්කොළ ආශ්‍රිත සමාගම් මෙන්ම අමෙරිකාවට අවශ්‍ය ආහාර නිපදවීම් ඇතුළු බොහෝ දේ සිදුවූයේ කියුබාවෙනි.

ඉතා සෞම්‍ය දේශගුණයක් ඇති මනරම් පරිසරයක් සහිත මේ රට අල්ලා ගැනීම අමෙරිකාවේ දැඩි උවමනාවක් බවත්, ඔවුන් වසර 60ක් තිස්සේ මේ සඳහා උත්සාහ කළද එය අසාර්ථක වූ බවත් ජගත් චන්ද්‍රවංශ මහතා මෙහිදී පෙන්වා දෙයි.

මෙම ආක්‍රමණය අමෙරිකාව විසින් දැන් තීව්‍රකර ඇත්තේ අමෙරිකාවේ කඩා වැටීම වඩා වේගවත්වී ඇති නිසා බවත්, අමෙරිකාව මේ වන විට සූදානම්වන ග්‍රීන්ලන්තය අල්ලා ගැනීම වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඔවුන්ට කියුබාව අත්පත්කර ගැනීම බවත් ඒ මහතා සඳහන් කරයි.

මක්නිසාද යත් ග්‍රීන්ලන්තය වැනි රටක් බොහෝ කාලයක් තිස්සේ ඔවුන්ට අල්ලා ගැනීමට හැකිව තිබූ රටක් බවත් පෙන්වා දෙන ඒ මහතා, එය විශාල වශයෙන් සම්පත් බහුල රටක් බව කෙනෙකු පවසනවා නම්, අමෙරිකාවට අයත් ඇලස්කාවේ විශාල වශයෙන් සම්පත් තිබුනද ඔවුන්ට එහි සම්පත් ගොඩගැනීමේ තාක්ෂණය හෝ ඒ සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල මේ වන විට අමෙරිකාව සතුව නොවන බවද පෙන්වා දෙයි.

ඒ අනුව ග්‍රීන්ලන්තය අල්ලාගත් පමණින් ඔවුන්ට එහි සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නොමැති බවත්, මේවන විට අමෙරිකාව පත්ව ඇති ආර්ථික අර්බුදය මෙයට හේතුව බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව බලනවිට ඔවුන්ට ඉතාවැදගත් වන්නේ කියුබාව වැනි රටක් අත්පත් කරගැනීමය. එනිසාම කියුබාවේ ආරක්ෂාව වෙනුවෙන් ලෝකයපුරා විසිරී සිටින සමාජවාදී කඳවුරේ අය සහ අධිරාජ්‍ය විරෝධී කඳවුරේ පිරිස් දැඩිව මේ සඳහා මැදිහත් වී අමරිකාවට බලපෑම් කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

අනෙක් පැත්තෙන් අමෙරිකාව මේ වන විට අමෙරිකානු බැඳුම්කරවල චීනය විසින් ආයෝජනය කර තිබූ ඩොලර් ට්‍රිලියන 1.3කින් අද චීනය සතුව ඇත්තේ ඩොලර් බිලියන 680ක් වැනි ප්‍රමාණයක් පමණක් බවත්, ඉතිරි අමෙරිකානු ඩාලර් බිලියන හයසිය ගණනම චීනය විසින් විකුණා දමා තිබේ.

චීනය එලෙස ඩොලර් විකිණීමෙන් ඒ වෙනුවට මේවන විට රත්‍රන් තම සංචිත වශයෙන් තබාගැනීම ආරම්භකර ඇති බවත් ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

මක්නිසාද යත් ඕනෑම මුදල් ඒකකයක් ලෝකයේ කඩාගෙන වැටුනද රත්‍රන් වැනි ඒකකවල වටිනාකම් පහළ නොයන බවත්, එය මුදලේ අගය පහළ යන තරම් වේගයෙන් පහළ නොයන බවත් පෙන්වා දෙයි.

අමෙරිකාවේ මුදල් ඒකකය වන ඩොලරය ජාත්‍යන්තර වෙළෙඳාමේ දී භාවිත වූ ප්‍රමාණය අද වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවලට අනුවත් 52% දක්වා අඩුවී තිබේ.

එහෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලන දර්ශක වලට එහා ගොස් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ  මෙම අගය 30% දක්වා අඩුවී ඇති බවත් සඳහන් කරන ඒ මහතා, මේ වනවිට ASEAN  සංවිධානයේ  රටවල් අතර  ගනුදෙනු සිදුවන්නේ ඒ ඒ මුදල් ඒකක හරහා බවත්, රුසියාව සහ චීනය අතර ගනුදෙනු සිදු වන්නේ රුසියානු රූබලය සහ චීන යෙන් හරහා බවත් ඒ මහතා පවසයි.

BRICS සංවිධානය ඉදිරියට පැමිණීමත් සමග අමෙරිකානු ආර්ථිකයට සිදුවන හානියත් සමග ඩොලරය ඉතා සීඝ්‍රයෙන් කඩා වැටීමට නියමිත බව ගැඹුරු රාජ්‍ය දන්නා බවත්, ඔවුන්ට නැවත  වටයකින් දෙපයින් සිට ගැනීමට නම් කියුබාව වැනි රටක් අත්‍යවශ්‍ය බවත් එහෙයින් ඔවුන් කියුබාව අත්පත්කර ගැනීමට ඉතාමත් අයහපත් ආකාරයේ මැදිහත්වීමක් සිදුකිරීමේ ඉඩකඩ ඉතා වැඩි බවත් ඔහු සඳහන් කරයි.

අමෙරිකාවේ සහ සියෝන් වාදීන්ගේ ඉලක්කයක් බවට පත්වූයේ ඉරානය පරාජය කර අභ්‍යන්තර පාලනයේ වෙනසක් කිරීමට බවත්, එහෙත් අද තිබෙන තත්ත්වය අනුව අමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරේ ආර්ථික අවපාතය සහ ඉරානයට එරෙහි අමෙරිකානු මෙහෙයුමට බොහෝ රටවලින් එල්ලවන විරෝධය වැනි කරුණු මුල්කරගෙන අමෙරිකාවේ ඉරාන මෙහෙයුම අසාර්ථක වී ඇති බවත් ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

අමෙරිකානු රාජ්‍යයේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ට එල්ල වෙන බලපෑමද ඉතා වැඩිවී ඇති බවත් සඳහන් කරන ඒ මහතා, රට අභ්‍යන්තරයෙන් ද ඔහුට එරෙහිව නැගීසිටීම් සිදුවෙමින් ඇති බවද පෙන්වා දෙයි.

එනිසාම අමෙරිකාවට ප්‍රතිඵලයක් අත්කර දෙන යුදමය මෙහෙයුමක් ඉරානය තුළ සිදුකිරීමේ ඉඩ කඩ මග ඇහිරී ඇති පසුබිමක අමෙරිකාව ආසන්නයේ ඇති රටකට තම හමුදා මෙහෙයවා කියුබාව වැනි රටක් අත්පත්කර ගැනීමට උත්සාහ දරනු ඇති බවට ජගත් චන්ද්‍රවංශ මහතා කරුණු පැහැදිලි කරයි.

මේ මොහොතේ කියුබාවට ඇති දරුණුම අවදානම එය බවද සඳහන්කරන ඒ මහතා ලෝකයේ අධිරාජ්‍ය විරෝධී සමාජවාදී මත දරන පිරිස් එකාවන්ව නැගීසිට කියුබාව වෙනුවෙන් පෙළගැසිය යුතු බවත් සඳහන් කරයි.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිතවරයා ඉකුත්දා පවසා සිටියේ වෙනිසියුලාවේ මෙන් අභ්‍යන්තර කුමන්ත්‍රණයක් කියුබාව තුළ සිදුනොවන බවත්, වෙනිසියුලාවේ කළාක් මෙන් අභ්‍යන්තර අතපෙවීමක් අමෙරිකාවට කියුබාවේදී කළ නොහැකි බවත් යැයිද ඒ මහතා මෙහිදී අවසාන වශයෙන් අනාවරණය කරයි.

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.