News Category
From Date
To Date
Maximum Number of Result

‘පළමුව ඇමරිකාව’ සංකල්පය ඇමරිකාවට පාරාවලල්ලක් වන්නේ ඇයි?

Jan 28, 2026 at 01:51 PM
|

MAGA හෙවත් අමෙරිකාව නැවැත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ මූලධර්මය සහ ට්‍රම්ප්වාදය පහත පරිදි සාරාංශ කළ හැකිය. එනම් එක්සත් ජනපදය ගෝලීය නායකයෙකු ලෙස එහි භූමිකාවෙන් පසු බැස, ඒ ආශ්‍රිත බර අතහැර දේශීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමයි.

මෙම සීරු මාරුවෙන් උපකල්පනය කරන්නේ ඇමරිකාව ස්වයංපෝෂිත ජාතියක් බවයි. නමුත් එය නොමඟ යවන සුළු උපකල්පනයකි. නූතන ඇමරිකාව ලෝකයේ අගනගරය ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. ලෝකය එක්සත් ජනපදය මත රඳා පවතින තරමටම එක්සත් ජනපදය ලෝකයේ සෙසු රටවල් මත රඳ පවතියි. මෙම අන්‍යෝන්‍ය යැපීම අතහැර එහි නායකත්ව භූමිකාවෙන් ඉවත් වීමට ගත් තීරණය ඇමරිකාවට දැඩි ලෙස බලපානු ඇත. එසේ වන්නේ ඇයිද යන්න සැකෙවින් සලකා බළමු.

ලෝකයේ අගනගරය

එක්සත් ජනපදයට තවමත් වඩාත්ම නව්‍ය ආර්ථිකයක් ඇත, නමුත් එම නවෝත්පාදනයෙන් වැඩි කොටසක් සුගම මුදල් ප්‍රතිපත්තිය මගින් මෙහෙයවනු ලැබේ. ප්‍රමාණාත්මක ලිහිල් කිරීම ආර්ථිකයට නොවටිනා මුදල්වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර, කොටස් වෙළඳපොළ ඉහළ නංවමින් සමාගම්වලට අසීමිත අරමුදල් සැපයීමට කටයුතු කර ඇත. එය විසිරුණු උපාය මාර්ගයක් හෙවත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සෑම තැනකම මුදල් වත් කිරීමකි.

කෙසේ වුවද මෙම ක්‍රියාවලිය උද්ධමනය අවුලුවාලන්නේ නැත. මන්ද ඩොලරය ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස පවත්වා ගෙන යන තත්වය නිසා එක්සත් ජනපදයෙන් පිටත ඉහළ ඉල්ලුමක් පවත්වා ගනී. ඇත්ත වශයෙන්ම, ඩොලරය ඇමරිකාවේ ප්‍රධාන අපනයන භාන්ඩය බවත්, දේශීය වෙළඳපොළට ඩොලර් ගලා ඒම අඛණ්ඩ අපනයන හේතුවෙන් අධික සැපයුමකට හේතු නොවන බවත් කෙනෙකුට තර්ක කළ හැකිය.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය ලොව පුරා සිටින  වඩාත්ම බුද්ධිමත්, දක්ෂ නිර්මාණශීලී පුද්ගලයින් - විශේෂයෙන් සිතීමේ, ගැටළු විසඳීමේ හෝ නවෝත්පාදනයේ සුවිශේෂී කුසලතා ඇති අය ආකර්ෂණය කර ගනියි. මෙසේ වන්නේ ඇයි? මන්ද සෑම කෙනෙකුම මුදල් සහ අවස්ථා බහුල වන අගනගරය දෙසට ආකර්ෂණය වන බැවිනි. 

එක්සත් ජනපදය තවමත් ලෝකයේ විශාලතම වෙළඳපොළ වන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසාය. එනම් නිමක් නැති මුදල් නිපදවීම සහ බොහෝ ගෝලීය පද්ධති ඒ මත රඳා පවතින බැවිනි. කෙටියෙන් කිවහොත්, සියල්ල ඇමරිකාව හරහා දිව යයි.

මෙම ගතිකත්වයන් ඇමරිකාවේ වත්මන් තත්ත්වයට යටින් පවතින අතර, එය එක්සත් ජනපදය නායකත්වය දෙන ඒක ධ්‍රැවීය ලෝකයක පමණක් පැවතිය හැකිය. ඇමරිකාවේ සමෘද්ධිය සහ අද එය මුහුණ දෙන අභියෝග සෘජුවම පැන නගින්නේ ලෝකයේ අගනගරය ලෙස රඟ දක්වන එහි භූමිකාව හේතුවෙනි. ඉහත සඳහන් කළ ඕනෑම සාධකයක් ඉවත් කළහොත්,එයට සමාන්තරව අනෙක් සියල්ල බිඳ වැටෙනු ඇත.

අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී, ඇමරිකා එක්සත් ජනපදය අගනගරයක් ලෙස සැලකීමම අද පවතින සමාජ අසමතුලිතතාවයන් බොහොමයක් පැහැදිලි කිරීමට උපකාරී වේ. නිෂ්පාදන රැකියා අහිමි වීම; ඕනෑම ප්‍රාග්ධනයක් නිෂ්පාදනය ඉඩම් සහ ශ්‍රමය ලාභදායී දුරස්ථ ප්‍රදේශවලට ගමන් කරන බැවින් එය අවබෝධ කර ගත හැකිය. දරිද්‍රතාවයේ පැතිරීම සහ ඉහළ යන අසමානතාවයේ ව්‍යාප්තිය; නැවතත්, මෙය බොහෝ විට පළාත්වලින් සංක්‍රමණය වී සමාජ ආර්ථික ඉණිමඟට නැගීමට නොහැකි වූ අයගෙන් සමන්විත වන අගනගරයකට සාමාන්‍ය සිද්ධියකි. සේවා රැකියා බහුල වීම; සේවා රැකියා විශාල සංඛ්‍යාවක් ලෝකයේ මූල්‍ය හා පරිපාලන මධ්‍යස්ථානය සඳහා ද සාමාන්‍යකරණය වීම අළුත් දෙයක් නොවේ.

මම  වාක්‍යයක් MacBook  යන්ත්‍රයක ටයිප් කරමි. දැන් මෙම උපකරණය  විධිමත් ලෙස ගත් කළ ඇමරිකානු නිෂ්පාදනයකි. නමුත් එය යතාර්ථයමද? පිලිතුර බැලූ බැල්මටම  නැහැ යන්නයි. MacBook යන්තර එක්සත් ජනපදයේ නිෂ්පාදනය කළ නොහැකිවා පමණක් නොව එය එහි සංවර්ධනය කිරීමද කළ නොහැක. බොහෝ ඇමරිකානු සමාගම් මෙන්, Apple ද විදේශයන්හි ඉංජිනේරු කාර්යයන් රාශියක් බාහිරින් ලබා ගනී. මෙම නිෂ්පාදනයද ඇමරිකානු ගුවන් යානා, රොකට්,  ඖෂධ සහ මිලිටරි නිෂ්පාදනයේ වැඩි කොටසක් මෙන් ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද ගෝලීය භූ දර්ශනයේ ප්‍රතිඵලයකි. අගනගරය තුළ අයිස් කුට්ටියේ ඉහළ කෙළවර පමණක් ඉතිරිව ඇත. එනම්, කළමනාකරණය, අලෙවිකරණය, මූල්‍ය සහ ඉඳහිට, නිෂ්පාදන කොටස් කිහිපයක් පමණක් මේ කෙළවර තුළ රඳා පවතී.

උඩ යට මාරුවීම

ඊළඟට සිදුවන්නේ කුමක්ද? දැවැන්ත බහුජාතික සමාගමක් උදාහරණයට ගනිමු. සමාගම ලාභ නොලබන සමාගමක් විය හැකි නමුත් එය අති විශාලයි. සමාගම ක්‍රියාත්මක වන තාක් කල්, එහි මූලස්ථානය හොඳින් පෙනෙන්නට තිබේ. මුදල් ගලා එයි, විශාල ව්‍යාපෘති දිගටම පවතී, දිලිසෙන කාර්යාල හිස් අහස සිප ගනිමින් තිබේ එලෙසම විධායකයින් ඉහළ වැටුප් සහ වරදාන භුක්ති විඳිති.

නමුත් සැපයුම් දාම කැඩී ගොස් වෙළඳපල ලිස්සා ගිය විට, සියල්ල වෙනස් වේ. මූලස්ථානයේ එම සමෘද්ධිය තවදුරටත් පැවතිය නොහැක. ගෝලීය ප්‍රවේශය සහ ජාත්‍යන්තර සබඳතා අහිමි වීම මධ්‍යස්ථානයට වඩාත්ම හානි කර තත්වයක් උදා කරයි.

හුදකලාව ප්‍රධාන වශයෙන් මූලස්ථානයට හෙවත් අගනගරයට  බලපානු ලබන්නේය. මන්ද ඔබ ඉහළට නගින තරමට ඔබ වැටෙන තරම දරාගත නොහැකි වන බැවිනි. රුසියාවට මේ හා සමාන තත්වයකට මුහුණ දීමට සිදු විය. 1990 ගණන්වලදී, එය සුපිරි බලවතෙකුගේ තත්වයේ සිට පදික වේදිකාවට වැටුණි. සෝවියට් සංගමයේ බිඳවැටීම රුසියාවට 'දෙවන ලෝකයේ' අගනගරය තරම්ම දරුණු ලෙස බලපෑවේය.

මෑතකදී, ඇමරිකා එක්සත් ජනපදයේ, අමෙරිකාව නැවැත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ මූලධර්මය පාරිශුද්ධවාදීන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර වර්ධනය වන විරසකයක් හට ගෙන තිබේ. ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු, ඔහුගේ ව්‍යාපාරික පසුබිමෙන් වැඩුණු සම්භාව්‍ය අර්බුද කළමනාකරුවෙකු මෙන් ක්‍රියා කළේය. පිරිවැය අඩු කිරීම, කාර්ය මණ්ඩලය ප්‍රශස්ත කිරීම, ලාභ නොලබන ව්‍යාපාර වසා දැමීම ඒ අතර වේ. මේ සියල්ල 'ඇමරිකාව පළමුව' මන්ත්‍රයේ ආධාරකරුවන්ගේ සහාය ඇතිව සිදු කරන ලදී.

කෙසේ වෙතත්, 'පෙරෙස්ත්‍රොයිකා' පන්නයේ උත්සාහයේදී, ට්‍රම්ප් 'ගැඹුරු රාජ්‍යයෙන්' දේශපාලනික තල්ලුවක් පමණක් නොව, සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම කලින් සඳහන් කළ බිඳවැටීමට හේතු වන බවට ඇති දැඩි යථාර්ථයට ද මුහුණ දුන් බව පෙනේ.

ජාත්‍යන්තර සහයෝගිතාවය සහිත නිෂ්පාදන සඳහා තීරුබදු පැනවීම එක්තරා අකාරයක විකාරයකි. අගනගරයකට සැපයුම් දාමයන් එතරම් නොසැලකිලිමත් ලෙස කඩාකප්පල් කිරීමට නොහැකිය.

සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීම  කළ නොහැකි දෙයකි. එනම් ඕනෑම අගනගරයකට ශ්‍රමය අවශ්‍ය වන අතර පිටස්තර ප්‍රදේශවලින් නැවුම් දක්ෂතා ගලා ඒම මත එම අගනගරය සමෘද්ධිමත් වේ.

ජාත්‍යන්තර කටයුතුවලින් ඉවත් වීම හෙවත් සම්පූර්ණයෙන්ම සියදිවි නසා ගැනීමක් වන අතර එය පළාත් එකින් එක කැඩී යාමට හේතු වනු ඇත. එනම් අප ඉහතින්  සාකච්ඡා කළ ආකාරයේ අර්බූද කඳුරැල්ලක බලපෑම නිර්මාණය කරයි.

ණය ගැනීම කපා හැරීමේ උත්සාහයන් පවා කළ නොහැකි බව මේ වන විටඔප්පු වී ඇත.මන්ද මෙය ආර්ථික අවපාතයට තර්ජනයක් වන අතර පාරිභෝගිකයා විසින් මෙහෙයවනු ලබන ඇමරිකානු ආර්ථික ආකෘතිය බිඳ දැමිය හැකිය.

මූලික වශයෙන්, ට්‍රම්ප් පැරණි අමෙරිකානු අධිපතිවාදය විසින් මෙහෙයවනු ලබන මාවතට ආපසු යමින් සිටී. ඒ හා සමානව "පැක්ස් ඇමරිකානා" හෙවත් අමෙරිකානු සාමය වෙත ඛණ්ඩනය වෙමින් සිටින අතර එයම එක්සත් ජනපදයම ව්‍යසනයට සහ ගැඹුරු පරිහානියට යොමු කරන්නක් බවට පත් කරමින් සිටියි.


සර්ජි පොලෙටෙව් විසින් රචනා කළ Here’s why ‘America first’ hurts America most ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

      

සර්ජි පොලෙටෙව් තොරතුරු විශ්ලේෂකයෙකු සහ ප්‍රචාරකයෙකි. ඔහු රුසියානු විදේශ ප්‍රතිපත්තිය සහ රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳ විශේෂඥයෙකි.

1980 දී මොස්කව්හි උපත ලැබූ පොලෙටෙව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ උපාධිධාරියෙකි. 2017 දී පර්යේෂකයන් වන ඔලෙග් මකරොව් සහ දිමිත්‍රි ස්ටෙෆනොවිච් සමඟ එක්ව ඔහු වැට්ෆෝර් නම් තොරතුරු සහ විශ්ලේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රුසියානු විශේෂඥයෙකු සහ රුසියානු ජාත්‍යන්තර කටයුතු කවුන්සිලයේ දායකයෙකු වන ඔහුගේ ලිපි විශේෂඥයන් වෙනුවෙන් වෙන් කළ මාධ්‍යවල ප්‍රකාශයට පත් කර ඇත.

පොලෙටෙව් සම්මුඛ සාකච්ඡා, දේශපාලන මාතෘකා පිළිබඳ මාර්ගගත ප්‍රවාහ මෙන්ම විද්‍යාත්මක සහ වැඩමුළු සම්මන්ත්‍රණ සඳහා පහසුකම් සපයන්නෙකු/සංවිධායකයෙකු ද වේ.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.