News Category
From Date
To Date
Maximum Number of Result

‘පළමුව ඇමරිකාව’ සංකල්පය ඇමරිකාවට පාරාවලල්ලක් වන්නේ ඇයි?

Jan 28, 2026 at 01:51 PM
|

MAGA හෙවත් අමෙරිකාව නැවැත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ මූලධර්මය සහ ට්‍රම්ප්වාදය පහත පරිදි සාරාංශ කළ හැකිය. එනම් එක්සත් ජනපදය ගෝලීය නායකයෙකු ලෙස එහි භූමිකාවෙන් පසු බැස, ඒ ආශ්‍රිත බර අතහැර දේශීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමයි.

මෙම සීරු මාරුවෙන් උපකල්පනය කරන්නේ ඇමරිකාව ස්වයංපෝෂිත ජාතියක් බවයි. නමුත් එය නොමඟ යවන සුළු උපකල්පනයකි. නූතන ඇමරිකාව ලෝකයේ අගනගරය ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. ලෝකය එක්සත් ජනපදය මත රඳා පවතින තරමටම එක්සත් ජනපදය ලෝකයේ සෙසු රටවල් මත රඳ පවතියි. මෙම අන්‍යෝන්‍ය යැපීම අතහැර එහි නායකත්ව භූමිකාවෙන් ඉවත් වීමට ගත් තීරණය ඇමරිකාවට දැඩි ලෙස බලපානු ඇත. එසේ වන්නේ ඇයිද යන්න සැකෙවින් සලකා බළමු.

ලෝකයේ අගනගරය

එක්සත් ජනපදයට තවමත් වඩාත්ම නව්‍ය ආර්ථිකයක් ඇත, නමුත් එම නවෝත්පාදනයෙන් වැඩි කොටසක් සුගම මුදල් ප්‍රතිපත්තිය මගින් මෙහෙයවනු ලැබේ. ප්‍රමාණාත්මක ලිහිල් කිරීම ආර්ථිකයට නොවටිනා මුදල්වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර, කොටස් වෙළඳපොළ ඉහළ නංවමින් සමාගම්වලට අසීමිත අරමුදල් සැපයීමට කටයුතු කර ඇත. එය විසිරුණු උපාය මාර්ගයක් හෙවත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සෑම තැනකම මුදල් වත් කිරීමකි.

කෙසේ වුවද මෙම ක්‍රියාවලිය උද්ධමනය අවුලුවාලන්නේ නැත. මන්ද ඩොලරය ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස පවත්වා ගෙන යන තත්වය නිසා එක්සත් ජනපදයෙන් පිටත ඉහළ ඉල්ලුමක් පවත්වා ගනී. ඇත්ත වශයෙන්ම, ඩොලරය ඇමරිකාවේ ප්‍රධාන අපනයන භාන්ඩය බවත්, දේශීය වෙළඳපොළට ඩොලර් ගලා ඒම අඛණ්ඩ අපනයන හේතුවෙන් අධික සැපයුමකට හේතු නොවන බවත් කෙනෙකුට තර්ක කළ හැකිය.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය ලොව පුරා සිටින  වඩාත්ම බුද්ධිමත්, දක්ෂ නිර්මාණශීලී පුද්ගලයින් - විශේෂයෙන් සිතීමේ, ගැටළු විසඳීමේ හෝ නවෝත්පාදනයේ සුවිශේෂී කුසලතා ඇති අය ආකර්ෂණය කර ගනියි. මෙසේ වන්නේ ඇයි? මන්ද සෑම කෙනෙකුම මුදල් සහ අවස්ථා බහුල වන අගනගරය දෙසට ආකර්ෂණය වන බැවිනි. 

එක්සත් ජනපදය තවමත් ලෝකයේ විශාලතම වෙළඳපොළ වන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසාය. එනම් නිමක් නැති මුදල් නිපදවීම සහ බොහෝ ගෝලීය පද්ධති ඒ මත රඳා පවතින බැවිනි. කෙටියෙන් කිවහොත්, සියල්ල ඇමරිකාව හරහා දිව යයි.

මෙම ගතිකත්වයන් ඇමරිකාවේ වත්මන් තත්ත්වයට යටින් පවතින අතර, එය එක්සත් ජනපදය නායකත්වය දෙන ඒක ධ්‍රැවීය ලෝකයක පමණක් පැවතිය හැකිය. ඇමරිකාවේ සමෘද්ධිය සහ අද එය මුහුණ දෙන අභියෝග සෘජුවම පැන නගින්නේ ලෝකයේ අගනගරය ලෙස රඟ දක්වන එහි භූමිකාව හේතුවෙනි. ඉහත සඳහන් කළ ඕනෑම සාධකයක් ඉවත් කළහොත්,එයට සමාන්තරව අනෙක් සියල්ල බිඳ වැටෙනු ඇත.

අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී, ඇමරිකා එක්සත් ජනපදය අගනගරයක් ලෙස සැලකීමම අද පවතින සමාජ අසමතුලිතතාවයන් බොහොමයක් පැහැදිලි කිරීමට උපකාරී වේ. නිෂ්පාදන රැකියා අහිමි වීම; ඕනෑම ප්‍රාග්ධනයක් නිෂ්පාදනය ඉඩම් සහ ශ්‍රමය ලාභදායී දුරස්ථ ප්‍රදේශවලට ගමන් කරන බැවින් එය අවබෝධ කර ගත හැකිය. දරිද්‍රතාවයේ පැතිරීම සහ ඉහළ යන අසමානතාවයේ ව්‍යාප්තිය; නැවතත්, මෙය බොහෝ විට පළාත්වලින් සංක්‍රමණය වී සමාජ ආර්ථික ඉණිමඟට නැගීමට නොහැකි වූ අයගෙන් සමන්විත වන අගනගරයකට සාමාන්‍ය සිද්ධියකි. සේවා රැකියා බහුල වීම; සේවා රැකියා විශාල සංඛ්‍යාවක් ලෝකයේ මූල්‍ය හා පරිපාලන මධ්‍යස්ථානය සඳහා ද සාමාන්‍යකරණය වීම අළුත් දෙයක් නොවේ.

මම  වාක්‍යයක් MacBook  යන්ත්‍රයක ටයිප් කරමි. දැන් මෙම උපකරණය  විධිමත් ලෙස ගත් කළ ඇමරිකානු නිෂ්පාදනයකි. නමුත් එය යතාර්ථයමද? පිලිතුර බැලූ බැල්මටම  නැහැ යන්නයි. MacBook යන්තර එක්සත් ජනපදයේ නිෂ්පාදනය කළ නොහැකිවා පමණක් නොව එය එහි සංවර්ධනය කිරීමද කළ නොහැක. බොහෝ ඇමරිකානු සමාගම් මෙන්, Apple ද විදේශයන්හි ඉංජිනේරු කාර්යයන් රාශියක් බාහිරින් ලබා ගනී. මෙම නිෂ්පාදනයද ඇමරිකානු ගුවන් යානා, රොකට්,  ඖෂධ සහ මිලිටරි නිෂ්පාදනයේ වැඩි කොටසක් මෙන් ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද ගෝලීය භූ දර්ශනයේ ප්‍රතිඵලයකි. අගනගරය තුළ අයිස් කුට්ටියේ ඉහළ කෙළවර පමණක් ඉතිරිව ඇත. එනම්, කළමනාකරණය, අලෙවිකරණය, මූල්‍ය සහ ඉඳහිට, නිෂ්පාදන කොටස් කිහිපයක් පමණක් මේ කෙළවර තුළ රඳා පවතී.

උඩ යට මාරුවීම

ඊළඟට සිදුවන්නේ කුමක්ද? දැවැන්ත බහුජාතික සමාගමක් උදාහරණයට ගනිමු. සමාගම ලාභ නොලබන සමාගමක් විය හැකි නමුත් එය අති විශාලයි. සමාගම ක්‍රියාත්මක වන තාක් කල්, එහි මූලස්ථානය හොඳින් පෙනෙන්නට තිබේ. මුදල් ගලා එයි, විශාල ව්‍යාපෘති දිගටම පවතී, දිලිසෙන කාර්යාල හිස් අහස සිප ගනිමින් තිබේ එලෙසම විධායකයින් ඉහළ වැටුප් සහ වරදාන භුක්ති විඳිති.

නමුත් සැපයුම් දාම කැඩී ගොස් වෙළඳපල ලිස්සා ගිය විට, සියල්ල වෙනස් වේ. මූලස්ථානයේ එම සමෘද්ධිය තවදුරටත් පැවතිය නොහැක. ගෝලීය ප්‍රවේශය සහ ජාත්‍යන්තර සබඳතා අහිමි වීම මධ්‍යස්ථානයට වඩාත්ම හානි කර තත්වයක් උදා කරයි.

හුදකලාව ප්‍රධාන වශයෙන් මූලස්ථානයට හෙවත් අගනගරයට  බලපානු ලබන්නේය. මන්ද ඔබ ඉහළට නගින තරමට ඔබ වැටෙන තරම දරාගත නොහැකි වන බැවිනි. රුසියාවට මේ හා සමාන තත්වයකට මුහුණ දීමට සිදු විය. 1990 ගණන්වලදී, එය සුපිරි බලවතෙකුගේ තත්වයේ සිට පදික වේදිකාවට වැටුණි. සෝවියට් සංගමයේ බිඳවැටීම රුසියාවට 'දෙවන ලෝකයේ' අගනගරය තරම්ම දරුණු ලෙස බලපෑවේය.

මෑතකදී, ඇමරිකා එක්සත් ජනපදයේ, අමෙරිකාව නැවැත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ මූලධර්මය පාරිශුද්ධවාදීන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර වර්ධනය වන විරසකයක් හට ගෙන තිබේ. ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු, ඔහුගේ ව්‍යාපාරික පසුබිමෙන් වැඩුණු සම්භාව්‍ය අර්බුද කළමනාකරුවෙකු මෙන් ක්‍රියා කළේය. පිරිවැය අඩු කිරීම, කාර්ය මණ්ඩලය ප්‍රශස්ත කිරීම, ලාභ නොලබන ව්‍යාපාර වසා දැමීම ඒ අතර වේ. මේ සියල්ල 'ඇමරිකාව පළමුව' මන්ත්‍රයේ ආධාරකරුවන්ගේ සහාය ඇතිව සිදු කරන ලදී.

කෙසේ වෙතත්, 'පෙරෙස්ත්‍රොයිකා' පන්නයේ උත්සාහයේදී, ට්‍රම්ප් 'ගැඹුරු රාජ්‍යයෙන්' දේශපාලනික තල්ලුවක් පමණක් නොව, සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම කලින් සඳහන් කළ බිඳවැටීමට හේතු වන බවට ඇති දැඩි යථාර්ථයට ද මුහුණ දුන් බව පෙනේ.

ජාත්‍යන්තර සහයෝගිතාවය සහිත නිෂ්පාදන සඳහා තීරුබදු පැනවීම එක්තරා අකාරයක විකාරයකි. අගනගරයකට සැපයුම් දාමයන් එතරම් නොසැලකිලිමත් ලෙස කඩාකප්පල් කිරීමට නොහැකිය.

සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීම  කළ නොහැකි දෙයකි. එනම් ඕනෑම අගනගරයකට ශ්‍රමය අවශ්‍ය වන අතර පිටස්තර ප්‍රදේශවලින් නැවුම් දක්ෂතා ගලා ඒම මත එම අගනගරය සමෘද්ධිමත් වේ.

ජාත්‍යන්තර කටයුතුවලින් ඉවත් වීම හෙවත් සම්පූර්ණයෙන්ම සියදිවි නසා ගැනීමක් වන අතර එය පළාත් එකින් එක කැඩී යාමට හේතු වනු ඇත. එනම් අප ඉහතින්  සාකච්ඡා කළ ආකාරයේ අර්බූද කඳුරැල්ලක බලපෑම නිර්මාණය කරයි.

ණය ගැනීම කපා හැරීමේ උත්සාහයන් පවා කළ නොහැකි බව මේ වන විටඔප්පු වී ඇත.මන්ද මෙය ආර්ථික අවපාතයට තර්ජනයක් වන අතර පාරිභෝගිකයා විසින් මෙහෙයවනු ලබන ඇමරිකානු ආර්ථික ආකෘතිය බිඳ දැමිය හැකිය.

මූලික වශයෙන්, ට්‍රම්ප් පැරණි අමෙරිකානු අධිපතිවාදය විසින් මෙහෙයවනු ලබන මාවතට ආපසු යමින් සිටී. ඒ හා සමානව "පැක්ස් ඇමරිකානා" හෙවත් අමෙරිකානු සාමය වෙත ඛණ්ඩනය වෙමින් සිටින අතර එයම එක්සත් ජනපදයම ව්‍යසනයට සහ ගැඹුරු පරිහානියට යොමු කරන්නක් බවට පත් කරමින් සිටියි.


සර්ජි පොලෙටෙව් විසින් රචනා කළ Here’s why ‘America first’ hurts America most ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

      

සර්ජි පොලෙටෙව් තොරතුරු විශ්ලේෂකයෙකු සහ ප්‍රචාරකයෙකි. ඔහු රුසියානු විදේශ ප්‍රතිපත්තිය සහ රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳ විශේෂඥයෙකි.

1980 දී මොස්කව්හි උපත ලැබූ පොලෙටෙව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ උපාධිධාරියෙකි. 2017 දී පර්යේෂකයන් වන ඔලෙග් මකරොව් සහ දිමිත්‍රි ස්ටෙෆනොවිච් සමඟ එක්ව ඔහු වැට්ෆෝර් නම් තොරතුරු සහ විශ්ලේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රුසියානු විශේෂඥයෙකු සහ රුසියානු ජාත්‍යන්තර කටයුතු කවුන්සිලයේ දායකයෙකු වන ඔහුගේ ලිපි විශේෂඥයන් වෙනුවෙන් වෙන් කළ මාධ්‍යවල ප්‍රකාශයට පත් කර ඇත.

පොලෙටෙව් සම්මුඛ සාකච්ඡා, දේශපාලන මාතෘකා පිළිබඳ මාර්ගගත ප්‍රවාහ මෙන්ම විද්‍යාත්මක සහ වැඩමුළු සම්මන්ත්‍රණ සඳහා පහසුකම් සපයන්නෙකු/සංවිධායකයෙකු ද වේ.


සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.