'චෙක්පත් බැංකුවලට දාන්න එපා කියලා තියෙද්දිත් දාපු නිසා තමයි අගරු වුනේ'..- අගරු වන්දි චෙක්පත් ගැන අලුත් කතාවක්..
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් නිවාස යළි ඉදිකර ගැනීම සඳහා වන්දි ලබා දීමේ පළමු අදියර යටතේ ආපදාවට පත් පවුල් වෙත රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ලබා දීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.
එහි සමාරම්භය පසුගිය 09 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඒ් අනුව රාජාංගනය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් වෙත නව නිවාස ඉදිකර ගැනීම සඳහා චෙක් පත් ලබා දීම සිදු කෙරුණි.
කෙසේ වෙතත් එම චෙක්පත් අගරු වී ඇති බවට චෝදනා කරමින් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සහ රජරට පොදුජන ගොවි එකමුතුවේ නියෝජිතයින් පිරිසක් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.
එම අවස්ථාවේදී ප්‍රදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි බැවින් ඔවුන් ඒ සම්බන්ධයෙන් පරිපාලන නිලධාරිනිය සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පාර්ශ්ව පවසන්නේ අදාළ චෙක්පත ලබා දීමේදී නිවෙස් හිමියන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ගිවිසුම් ගත විය යුතු බවත් පසුව එම නිවාසවල ප්‍රගතිය පරීක්ෂාවයට ලක් කළ යුතු බවත්ය.
අදාළ මුදල් නිදහස් කිරීමේ කටයුතු සිදුවනතුරු ගිණුම් වලට චෙක්පත් ලබාදීමෙන් වළකින ලෙස ජනතාව දැනුවත් කළ බවත් ඔවුන් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..