වයස 16න් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ ක්‍රමය සහ අමතර දස වසර අඩුකර ගැනීම..
වයස 16න් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ ක්‍රමයක් හඳුන්වා දීම මෙරටට වඩාත් ඵලදායක විය හැකි බව යසස් ධර්මදාස, (වරලත් ප්‍ර. ස.) මහතා පවසයි.
ඒ මහතා මේ පිළිබඳව දක්වන අදහස් පහළින්..
කේම්බ්‍ර්ජ් අධ්‍යාපනය ලංකාවේ බොහෝ පුද්ගලික සහ ජාත්‍යන්තර පාසැල් අනුගමනය කරනවා විය යුතුයි. එම ආයතනයේ අධ්‍යාපන ව්‍යුහය අනුව උසස් අධ්‍යාපනය අවසන්වීමට නියමිතව ඇත්තේ වයස 18 දී වේ. එනම් එය ශ්‍රී ලංකාවේද සම්මත වයසයි. කේම්බ්‍ර්ජ් අධ්‍යාපනයේ ඇති මෙම වයසට අවුරුදු දෙකක් අඩුවෙන්, එනම් වයස 16 දී විශ්ව විද්‍යාල යා හැකි පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් පවතින්නේනම් කේම්බ්‍රිජ් අධ්‍යාපන ක්‍රමයට පවතින්නට හැකිවන්නේ නැත. එබැවින්, මූලිකව වෙනත් අධ්‍යාපන ක්‍රම වලින් වයස 16 දී යම්කිසි විශ්ව විද්‍යාලයකට ඇතුල්විය හැක යන්න ප්‍රබන්ධයක් මිස සත්‍යවිය නොහැක.
රට තුල පුද්ගලික හෝ අන්තර්ජාතික පාසැලක ඉගෙනීම ලැබුවෙක් හට මේ වනවිට රජයේ විශ්ව විද්‍යාලටකට ඇතුල් වීමේ හැකියාවක් තිබේද යන්න මා නොදන්නා නමුත් විදේශ සේවාවේ හෝ වෘතියේ යෙදෙන එම රටවල අධ්‍යාපනය ලද දරුවන් හට රජයේ විශ්ව විද්‍යාලතුල මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇත. එම දරුවන්ගේ සහ දේශිය දරුවන්ගේ වයස අතර අවුරුදු 2 - 3 ක පරතරයක් තිබීම කිසිසේත්ම අධ්‍යාපන ක්‍රම දෙකේ වෙනස නිසා නොවන්නකි. ඊට පසුබිම වන්නේ විභාග පවත්වන කාලය, වසරකදී පවත්වන වාර ගනන, ප්‍රථිඵල නිකුත්කිරීමට ගතවන කාලය, විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නා කාලය, ඇතුලත්වීමට පෙර ගතවන්නාවූ කාලය ආදියයි.
ලංකාවේ සාමාන්‍යයෙන් විභාග පැවැත්වීමේ සිටම ප්‍රතිඵල නිකුත් කිරීම දක්වාම කාලය ගුරු දීමනා ලබාගැනීමට සටන් කරන කාලයයි. කේම්බ්‍ර්ජ්හි එවන් උම්මත්තක සටන් නොපවතී. විභාගයෙන් පසු මාස 2ක් තුල ප්‍රථිඵල නිකුත්කරයි. එය කොවිඩ් කාලයේදීද අඛණ්ඩව සිදුකරන ලදී. එසේම පොරොත්තු ප්‍රථිඵල මත විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත. මේ ක්‍රමය ලංකාවට හඳුන්වාදීමෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලැබිය හැකිවේ. ඒ පිළිබඳව වෙනම ඇගයීමක් කළ යුතුයි. එහෙත් ලංකාවේ මේ කාලය අවම මාස 3 සිට 5 දක්වා ගතවේ. ඉන් පසුව z-ස්කෝර් නිකුත්කර විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමට තව වසරක් හෝ වසර එකාමාරක් ගතවේ. මේ අනුව වසර දෙකක් වැඩිමහලුව දේශීය සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට සිදුව ඇත. එබැවින්, ප්‍රශ්ණය ඇති ස්ථානය පිළිබඳව නිවැරදි අධ්‍යයනයකින් ප්‍රශ්ණයට විසඳුම් සොයනවා විනා පය බරවායට පිටකර බෙහෙත් බැඳීම වැනි ප්‍රතිකර්ම පලදායී නොවේ.
මීළඟට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගතකරන කාලය පිළිබඳවද ඇති විවේචනය පැහැදිලි කරගත යුතුවේ. මීට පන්ති වර්ජන හා කලබල හේතුවෙන් විශ්ව විද්‍යාල වසා තැබීම බොහෝ දුරට හේතුවේ. මේවා පවතින අධ්‍යාපන ක්‍රමවල ගැටළු නොවන අතර භාවිතයේදී සිදුකරනු ලබන "මෑන් මේඩ් ඩිසාස්ටර්ස්" වල ප්‍රථිඵලයන් වේ. 80 දශකයේ ඇතිවූ "අධ්‍යාපන ධවල පත්‍රිකා අවුල", "රාගම වෙද විදුහල් අවුල" හා "88/89 භීෂණ යුගය" විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාලවීම හා ප්‍රමාදවීම සුවිශේෂී අවස්ථාවේ. වසර දහයක් දක්වා විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීම ප්‍රමාදයන්ට මේ කරුණුද දරුණු ලෙස බලපාන ලදී.
එසේම විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත්කිරීමට පවත්වන්නාවූ විභාගවල ඇති අක්‍රමිකතාද පිටුදැකිය යුතුය. එනම්, පාසැල් වලට යෝජනාකර ඇති "ගුරුවරුන්ට සිතැඟි පරිදි ඇගයීමේ හා නිර්දේශ කිරීමේ" ක්‍රමවේදයට සමාන ක්‍රමය වෙනුවට වෙනත් සුදුසු ක්‍රමයක් හඳුන්වාදිය යුතුය.
එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතිකාව ඇති මේ මොහොතේ පවතින තත්ත්වය තවතවත් ව්‍යාකූල කරමින් දේශීය දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති කාලය අඩුකරමින් විෂය දැනුමින් අඩු වෙනත් කිසිදු රටක නැති ආකාරයේ අඩු දැනුමැති පරපුරක් බිහි කරගැනීමට තැත් දරණවා වෙනුවට ප්‍රශ්ණය පිළිබඳව නිසි ඇගයීමකින් සොයා බලා කටයුතු කිරීම සුදුසුවේ.
වසරින් වසර වැඩිවෙන සීමාවාසික පුහුණුව සඳහාවෙන වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාදයන් උත්සන්න වීම හා ඊට පිළියම් යෙදීම පිළිබඳව වෙනම අධ්‍යයනයක් කලයුතුවේ.
- යසස් ධර්මදාස, වරලත් ප්‍ර. ස.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..