විගණකාධිපති ලෙස ඊළග ජ්‍යෙෂ්ඨයා පත් කරන්න.. - මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්..
පුරප්පාඩු පවතින රජයේ විගණකාධිපති තනතුරට විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම හා පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස ඉල්ලමින් මහනායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිපිය මගින් කරුණු දක්වා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ 41 වන විගණකාධිපතිවරයා 2025-04-08 දින විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති තනතුර පුරප්පාඩු විය. ඒ අනුව අදාළ තනතුරෙහි වැඩබැලීම සඳහා 2025-04-09 සිට 2025-12-05 දක්වා ධර්මපාල ගම්මන්පිල පත් කළ බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
ගත වූ මාස 8කට ආසන්න කාලයේදී ස්ථාවර විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සහ වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව තිබීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව විවිධ පාර්ශ්ව අතර මතභේද ඇති වී ඇතැයි ද මහනායක හිමිවරු පෙන්වා දී ඇත.
මෙම භාරදුර වගකීම් සමුදාය ඉටුකිරීමට ශක්‍යතාව සම්බන්ධව මතු වූ ගැටලු හේතුවෙන් එම තනතුරට නිර්දේශ කළ කිහිපදෙනකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවද උන්වහන්සේලා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මෙනිසා රජයේ විගණකාධිපති ලෙස පිටතින් අයෙක් පත්නොකර විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙන්ම සුදුසුම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල එම තනතුරට පත්කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහනාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.
- Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..