අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියා කරන්නේ අහසේ යන ප්ලේන් එකකට පොළොවේ සිට තෙල් ගහනවා වගේ වැඩක්.. පෙරටුගාමීන්ගෙන් චෝදනා..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියා ආණ්ඩුව සිදු කරන්නේ අහසේ යන ප්ලේන් එකකට පොළොවේ සිට තෙල් ගහනවා වැනි වැඩක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ මහතා ඊයේ පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුටු – නොදුටු පැති මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ (23දා) සවස 3.00ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව කීවේය.
එහිදී රවීන්ද්‍ර මුදලිගේ මහතා මෙසේද පැවසීය.
“මේ ආණ්ඩුව මේ වෙද්දි කටයුතු කරමින් ඉන්නේ තමන්ගේ අතීත වටිනාකම්වල බලය පාවිච්චි කරමින් කියන එක දැන් හොඳටම පැහැදිලියි. බලය ගන්න කලින් විපක්ෂයේ ඉන්නකොට දිනාගෙන තිබුණු මහජන විස්වාසය අමු අමුවේ පාවිච්චි කරල ආණ්ඩුව දැන් සියලු පාවාදීම් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේකට හොඳම උදාහරණය තමයි මේ වෙද්දි සාකච්ඡා වෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැඩපිළිවෙළ. ජනතාව ඉල්ලපු අධ්‍යාපනයේ බරපතළ වෙනස වෙනුවට රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා අරං එන්න උත්සහ කරලා ජන බලයෙන් පරද්දවපු නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්තියට එන්.පී.පී. සීල් එක ගහලා ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුව උත්සහ කළේ. අඩුම තරමින් මේ ප්‍රතිසංස්කරණ යෝජනා කරන අධ්‍යාපන අමාත්‍යවරියවත් දන්නේ නෑ මේ කරන්න යන ප්‍රතිසංස්කරණ මොනතරම් බරපතළ ද සහ එහි ප්‍රතිඵලය කෙබඳු වෙයිද කියලා.
අධ්‍යාපනයේදී අනිවාර්යෙන් භෞතික සහ මානව සම්පත් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකර අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද අපි දන්නවා ලංකාවේ පාසල් අතර තියෙන්නේ අහසට පොළොව වගේ විශාල ඇති නැති පරතරයක්.
ලංකාවේ සමස්ත පාසල්වලින් 38%කට විශාල ඩෙස් පුටු හිඟයක් තියනවා. මේ සංඛ්‍යාව වතුකරයේදී 60%කට වැඩියි. බීමට සුදුසු පානීය ජලය නොමැති පාසල් තියනවා සමස්ත පාසල්වලින් 27%කට වැඩියි. විදුලිය නැති පාසල් ප්‍රමාණය 35%කට වැඩියි. මෙහෙම විෂමතාවක් සහිත පාසල් පද්ධතියකට තමයි ආණ්ඩුව නව ප්‍රතිසංස්කරණ ගේන්න සූදානම් වෙන්නේ. ලංකාවේ සමස්ත ගුරු හිඟය 38,000කට වැඩියි. අපි දන්නවා හැත්තෑ අටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 සහ 28 පරිච්ඡේදවල රජයේ වගකීම සහ නන්වැදෑරුම් නිදහස කියන කොටසේ පැහැදිලිව තියනවා අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා සියලු දෙනාට සමාන අයිතිය තියෙන්න ඕන කියලා. මෙහෙම විෂමතාවක් තියෙද්දි කොහොමද අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබෙන්නේ.
අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයම පිළිගන්නවා මේ සම්පත් විෂමතාව ලංකාවේ පාසල්වල ශිෂ්‍යයන්ගේ කුසලතා ඇගයීමේදී බලපානවා කියලා. එක ජාතික ඇගයීමකින් සියලු දෙනාව ඇගයීමට ලක් කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි කටවුට් මාර්ක් සඳහා දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් හදලා තියෙන්නේ. අපි අහන්නේ ඇයි ආණ්ඩුවට බැරි මෙන්න මේ විෂමතාව නැති කිරීම සඳහා සියලු පාසල් සංවර්ධනය කරන වැඩපිළිවෙළක් හදන්න. ආණ්ඩුව මේ කරන්නේ අහසේ යන ප්ලේන් එකකට බිම ඉඳල තෙල් ගහනවා වගේ තේරුමක් නැති වැඩක්. ආණ්ඩුවට අමතකවෙලා මේ ප්ලේන් එක අහසේ යන්නේ ළමයි ලක්ෂ 40ක ජීවිත අතේ තියාගෙන කියන කාරණය.
- අනුරාධ හිරිපිටියගේ
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..