ඉන්දීය ජනරජ දින සැමරුමට නාමල් ඇතුළු සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් ඔඩිසා බලා පිටත් වෙති..
ලබන ජනවාරි 26 වනදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීම සඳහා ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්ව යාමට නියමිතය.
සංචාරයට එක්වන පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඇතුළත් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP): නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන මෙම පිරිසට අයත් වන බවත් වාර්තා වේ.
ලෝකයේ විශිෂ්ටතම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ඔඩිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීම සහ මෙරටට ගැලපෙන ආපදා කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීම මෙම සංචාරයේ අරමුණු බව බවත් වාර්තා වේ.
අසෝක රජුගේ සමයට අයත් ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික බෞද්ධ පුරාවස්තු සහ සිද්ධස්ථාන වැඳපුදා ගැනීම මෙන්ම මෙම සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..