මේ ආණ්ඩුව බලයට පත්වූ පසු උතුරු සහ නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වීම ශීඝ්‍රයෙන් වැඩි වෙලා.. උතුරේදී කළ ප්‍රකාශයට ජනපති ජාතියෙන් සමාව ගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය විනාශවී ඇති ආකාරය පිළිබඳව මහානායක හිමිවරුන් මුණගැසී කරුණු පැහැදිලි කිරීමට තීරණය කර ඇති බවත්, මෙම බෞද්ධ ජාතික උරුමයන් විනාශවීමට හේතුවන අත්පත්කර ගැනීම් රාශියක් දැකගත හැකි බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
මෑත කාලිීනව සිදුවූ සිද්ධියක් ලෙස වඩුන්නාගල පවතින ලෙන් සංකීර්ණය කඩා ශිව ලිංගයක් ඒ මත තැන්පත් කර එම ස්ථානය කෝවිලක් ලෙස නම් කිරීමට පවා කටයුතු කර ඇති බවත් පවසන උන්වහන්සේ සමලන්කුලම බෞද්ධ නටඹුන් මත මේවන විට කොවිලක් ද ඉදිකර ඇති බවත් සඳහන් කරති.
මේ වන විට බෞද්ධ නටඹුන් සහිත ස්ථාන විවිධ අය විසින් අත්පත් කරගනිමින් පවතින බවත් සඳහන් කරන උන්වහන්සේ මෙම තත්ත්වය වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුව ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බවත් පෙන්වා දෙති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරට ගොස් උතුරට බෞද්ධයෝ පැමිණෙන්නේ සිල් ගැනීමට නොව වෛරය වැපිරීමට බවට පැවසූ ප්‍රකාශය මගින් මෙම තත්ත්වයන් පිළිබඳව විග්‍රහකර ගැනීමක් සිදුකළ හැකි බවත්, උතුරේ තිස්ස විහාරයට බෞද්ධයන් යන්නේ බෞද්ධයාගේ අයිතිය සලකා බවත්, තමන්ට නැති අයිතියක් ප්‍රකාශ කරමින් ඇතැම් ද්‍රවිඩ අන්තවාදී කොටස් එතනට පැමිණෙන්නේ එම ස්ථාන අත්පත් කරගැනීමේ අරමුණෙන් බවත් උන්හසන්සේ පවසති.
අත්පත් කරගන්නාගේ අරමුණ සහ හිමිකරු තමන්ගේ හිමිකම ආරක්ෂාකර ගැනීමට ක්‍රියාකිරීම යන කාරණා එකිනෙකට සමාන නැති බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙති.
මෙම සිදුවීම් සමාන කර දක්වමින් ජනාධිපතිවරයා උතුරේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගතයුතු බවද උන්වහන්සේ පවසති.
සවිස්තරාත්ම වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..