ගල් අඟුරු බාල බව විදුලි උත්පාදන වාර්තා පෙන්වයි..
මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.
දත්ත වාර්තා උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ගල්අඟුරු බලාගාර ත්‍රිත්වයම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 810ක ජනනයක් සිදුවිය යුතු වුවත්, මෙම බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැනට ජනනය කළ හැක්කේ මෙගාවොට් 710ක උපරිම ධාරිතාවක් පමණක් බවයි.
මේ හේතුවෙන් අහිමි වන මෙගාවොට් 100ක විදුලි ධාරිතාව පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බව ආචාර්ය රලපනාව මහතා සඳහන් කරයි. දිවා කාලයේදී වහල මත සවිකළ සූර්ය පැනල පද්ධති මඟින් ජනනය වන විදුලිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය යම් සහනයක් ලැබුවද, වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයා මෙම අමතර පිරිවැය දැරිය යුත්තේ ඇයිද යන්න ඔහු ප්‍රශ්න කරයි.
නව විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, නව විදුලි උත්පාදන සමාගම පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රමාවීම විදුලිබල මණ්ඩලයේ වාසනාවට සිදුවූවක් බවයි. යම් හෙයකින් එම සමාගම දැනටමත් ක්‍රියාත්මක වූයේ නම්, මෙවැනි අකාර්යක්ෂම මිලදී ගැනීම් සහ පාඩු ලැබීම් හමුවේ පළමු වසර තුළදීම එය බංකොලොත් වීමට ඉඩ තිබූ බව හෙතෙම අවධාරණය කරයි.
මෙම තත්ත්වය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අත්තනෝමතික හා දුර්වල ප්‍රසම්පාදන පිළිවෙත් හේතුවෙන් සිදුවන මෙම අලාභය සම්බන්ධයෙන් බලධාරීන් වහාම වගවිය යුතු බවත් ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..