ගෝලීයකරණය ඇමරිකාව අසාර්ථක කළා- ඇමරිකානු වාණිජ ලේකම් පවසයි
ගෝලීයකරණය යනු එක්සත් ජනපදය අවාසියකට ලක් කර ඇති අසාර්ථක උපාය මාර්ගයක් බව ඔප්පු වී ඇති බව එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් පසුගිය 20 වනදා ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී පැවසීය. ඔහුගේ මතය අනුව බටහිර ආර්ථිකයන් අඩපණ කර ඇති ගෝලීයවාදී න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කරන බවට ඔහු සංසදයට චෝදනා කළේය.
රැස්ව සිටි පිරිස් අමතමින් ලුට්නික් පැවසුවේ මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ස්ථිර ප්‍රකාශයක් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි. "ගෝලීයකරණය බටහිර සහ ඇමරිකා එක්සත් ජනපදය අසාර්ථක කර තිබෙනවා." ඔහු ලෝක ආර්ථික සංසදයේ දිගුකාලීන ආර්ථික දර්ශනය සෘජුවම විවේචනය කරමින් පැවසීය.
ගෝලීයකරණය නිෂ්පාදනය බාහිරින් ලබා ගැනීම, රැකියා විදේශගත කිරීම සහ හැකි තරම් ලාභම ශ්‍රමය සෙවීම වටා ගොඩනගා ඇති ආකෘතියක් ලෙස ඔහු විස්තර කළේය. "එම ප්‍රවේශය ඇමරිකාව පිටුපසින් තබා තිබෙනවා. එලෙසම ඇමරිකානු කම්කරුවන් පිටුපසින් තබා තිබෙනවා." ලුට්නික් තර්ක කළේය. ඔහු මෙය "ඇමරිකාව පළමුව" ප්‍රවේශයට වෙනස් කළ අනෙකුත් ජාතීන් සලකා බැලිය යුතු විකල්ප රාමුවක් ලෙස විස්තර කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු කලක් ගෝලීයකරණය පිළිබඳ විවෘත විවේචකයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාර පුරාවට සහ ඩාවෝස් වැනි ජාත්‍යන්තර සංසදවලදී මෙම ගැටලුව මතු කළේය. 2016 දී, ඔහු දේශීය නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට සහ රැකියා විදේශගත වීම වැළැක්වීම සඳහා තීරුබදු භාවිතා කිරීමට පොරොන්දු වූ අතර, එක්සත් ජනපදය තවදුරටත් "ගෝලීයවාදයේ ව්‍යාජ ගීතය" ට යටත් නොවන බව ප්‍රකාශ කළේය.
දශකයකට පසු, ට්‍රම්ප්ගේ "ආර්ථික ජාතිකවාදය" සාම්ප්‍රදායික එක්සත් ජනපද සහචරයින් සමඟ ආතතීන් උත්සන්න කර තිබේ. පසුගිය සතියේ, ඔහු ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම සඳහා යෝජිත ගැටුම මධ්‍යයේ යුරෝපීය නේටෝ සාමාජිකයින් අට දෙනෙකුට 10% ක තීරුබදු පැනවීමට තර්ජනය කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, යුරෝපීය සංගමය වොෂින්ටනය සමඟ ප්‍රධාන වෙළඳ ගිවිසුමක් අනුමත කිරීම අත්හිටුවා ඇති අතර පැන නැගිය හඇකි ප්‍රතිවිරෝධතා පිළිබඳවද අනතුරු ඇඟවීය.
ඒ සමඟම, සමහර එක්සත් ජනපද සහචරයින් වොෂින්ටනයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිවාදියා වන චීනය සමඟ සමීප ආර්ථික සබඳතා ගොඩ නැගීමට කටයුතු කර ඇත. කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පසුගිය සතියේ බීජිං සමඟ මූලික වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ අතර එය "නව උපායමාර්ගික හවුල්කාරිත්වයක" ආරම්භය ලෙස හැඳින්වීය.
එක්සත් ජනපද තීරුබදු වලට එරෙහිව යුරෝපා සංගමයේ පළිගැනීම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ හඬක් වන ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, යුරෝපයේ, විශේෂයෙන් උපායමාර්ගිකව වැදගත් කර්මාන්තවල චීන ආයෝජන වැඩි කිරීමට ද ඉල්ලා සිටියේය.
2030 වන විට ශුද්ධ-ශුන්‍ය විමෝචනයක් ලබා ගැනීමේ යුරෝපා සංගමයේ ඉලක්කය නිසා, පුනර්ජනනීය බලශක්ති පද්ධති චීනයේ නිෂ්පාදිත බැටරි මත දැඩි ලෙස රඳා පවතින බව සඳහන් කරමින්, එම කණ්ඩායම චීනය මත වඩ වඩාත් යැපීමට හේතු විය හැකි බවට ලුට්නික් සිය ඩාවෝස් දේශනය අතරතුර තවදුරටත් අනතුරු ඇඟවීය.
එදින සවස, බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී ලුට්නික්ගේ අදහස් දැක්වීම මතභේදයට තුඩු දුන් බව වාර්තා වේ. බහෝ මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහු යුරෝපය විවේචනය කරමින් වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන අතර, යුරෝපීය මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාඩ් භෝජන සංග්‍රහය පැවැත්වූ ශාලාවෙන් ඉවත් ව ගොස් තිබුණි. ඒ අනුව අතුරුපස පිරිනැමීමට පෙර රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කිරීමට සංවිධායකයින් පෙළඹී තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්