ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය: රිමාන්ඩ් භාරයේ සිටින හිමිවරුන්ගේ අභියාචනා සලකා බැලීම අද
ත්‍රිකුණාමලයේ බුදුපිලිම සිද්ධිය සම්බන්ධයෙන් තමන් වහන්සේලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා බලංගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලය කළ්‍යාණවංශ තිස්ස හිමියන් ගොනු කළ රිට් පෙත්සම් අද (22) අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සඳහා අනවසර ඉදිකිරීමක් සිදුකිරීමේ චෝදනාවට උන්වහන්සේලා ඇතුළු දස දෙනෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එස්.එම්.එස්.සම්සුදීන් පසුගියදා නියෝග කළේ.
කෙසේ වුවද ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව බලංගොඩ කස්සප හිමියන් ඇතුළු දසදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලිසිය ඉතා සූක්ෂම ලෙස කටයුතු කළ බවට එම නඩුවේ විත්ති පාර්ශවය චෝදනා කරයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔවුන් මෙම චෝදනාව එල්ල කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..