ලාල් කාන්තගේ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ ලබාදෙන ඉඟිය..
ඊයේ කොළඹ පැවති රැස්වීමක දී අමාත්‍ය ලාල්කාන්ත මහතා ඉතා වැදගත් හා සංවේදී ප්‍රකාශයක් සිදු කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම වත්මන් රජයේ ද ප්‍රබලයකු වන ලාල් කාන්තගේ මෙම ප්‍රකාශය ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ඇඟැවුමක් ලබා දෙයි.
ඔහු පවසන්නේ සරල වුවත් වැදගත් කාරණා දෙකකි.
ඉන් පළමුවැන්න නම්, දේශපාලනිකව අපට පහර දෙනවා නම් මහා සංඝරත්නයට වුව ද පෙරළා පහරදීමට තමන් කිසිදු ලෙසක පසුබට නොවන බවයි. එය එක් අතකින් මාක්ස්වාදයේ ආගමික දෘෂ්ටිවාදය නිරූපණය කරයි.
දෙවැන්න නම්, තමන් මේ වන තෙක් ලබාගෙන ඇත්තේ ආණ්ඩු බලය (government authority) පමණක් බවත් රාජ්‍ය බලය (state authority) ලබා ගැනීම සඳහා අරගලයක් සිදු කරන බවත්ය.
දුටුගැමුණු රජු මෙරට රාජ්‍යය පිහිට වූ දින සිට අද දක්වා අවස්ථා කිහිපයක දී හැර මහා සංඝරත්න පාලකයාට ඉහළින් සැමදා කටයුතු කළේය. එය අතිශයින් දේශපාලනික විය. ඒ අයිතිය උන්වහන්සේලාට ලැබෙන්නේ බුද්ධත්වයෙන් මාස 9 ක් ගත වූ කල ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ශාසනයේ පැවැත්ම සඳහා නව රාජ්‍යයක් උදෙසා අඩිතාලම මහියංගණයේ දී දැමීමත් සමඟයි.
"මාගේ මේ ව්‍යායාමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම පමණි" යන ගැමුණු කුමරුගේ සුප්‍රකට ප්‍රකාශය මගිනුත්, කිත්සිරිමෙවන් රජ දවස දළදා වහන්සේ වැඩවීමෙන් පසු එය රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වීමෙනුත් ඇඟවෙන්නේ මෙරට රාජ්‍යයේ ස්වභාවය සහ එහි වගකීමයි.
මහා සංඝ රත්නයට පාලකයාට ඉහළින් කටයුතු කිරීමට බලය ලැබෙන්නේ මේ ඔස්සේය.
ලාල් කාන්ත පවසන්නේ තමන් එය පිළිනොගන්නා බවත් දේශපාලනයේ දී මහා සංඝරත්නයට පහර දීමට තමන්ට අයිතියක් ඇති බවත් එය කරන බවත්ය. ඔහු එය නොවලහා පවසයි.
(මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ජවිපෙ හෝ වත්මන් ආණ්ඩුව විවේචනය කරන මහා සංඝ රත්නයට නිර්දය ලෙස පහර දෙන්නේ, ලාල් කාන්ත මේ ප්‍රකාශය ප්‍රසිද්ධියේ කළේ ඊයේ වුව පක්ෂ යන්ත්‍රණය තුළ මේ වන විටත් එය අරඹා තිබීම නිසා විය හැකි ය).
තව ද එම කථාවෙන් ඇඟැවෙන අනෙක් කරුණ නම් මහා සංඝරත්නයට හිමිව ඇති එම ප්‍රමුඛස්ථානය "පක්ෂය" වෙත ලබා ගන්නා බවයි. ආණ්ඩු බලය ලබා ගත්ත ද රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තමන් අරගලයක් කරන බව ඔහු පවසන්නේ එය විය යුතු ය.
වත්මන් ආණ්ඩුව අධ්‍යාපන සහ අනෙකුත් සියලු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහායි; මේ පරිවර්තනය සඳහායි; ඇතැම් විට ඒ සඳහා ප්‍රබල ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් හෝ ගෙන ඒමට ඔවුන් නොපසුබට වනු ඇත.
"රාජ්‍ය කුමකට ද?" යනුවෙන් මා කඩිමුඩියේ පුස්තිකාවක් සකස් කළේද මේ කරුණ ම පැහැදිලි කිරීමටයි. ඔවුන් බලාපොරොත්තුවන මෙම පරිවර්තනය සිදු කළ නොහැකි බවත් එය කෙළවර වන්නේ විනාශයකින් පමණක් බවත් එහිදී මා පැහැදිලි කර ඇත.
සියවස් විසිතුනක් පුරා එළාරට, මහසෙන් රජුට, දාඨියට, පීඨියට, චෝල අධිරාජයාට, කාලිංඝයේ මාඝට, චන්ද්‍රභානුට,පෘතුගීසීන්ට, ලන්දේසීන්ට ඉංග්‍රීසීන්ට කළ නොහැකි වූ දෙයක් වත්මන් ආණ්ඩුවට කළ හැකි වේ ද?
ඉදිරි මාස කිහිපය තීරණාත්මක ය.
(මහාචාර්ය චන්න ජයසුමනගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..