මම නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවේ - නීතිපතිගෙන් තද ප්‍රකාශයක්..
තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි සහගත නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ පූර්ණ අයිතිය ඕනෑම අයෙකුට පවතින බවත් නීතිපති ජනාධිපති නීතිඥ පරින්ද රණසිංහ මහතා අවධාරණය කරයි.
මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් එල්ල වූ විවිධ විවේචන හමුවේ, නීතිපතිවරයා වෙත සහයෝගය පළ කිරීම සඳහා නීතිඥ කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවේදී ඔහු හමුවූ අවස්ථාවේදී රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිපතිවරයා මෙසේද පැවසීය.
"මා නීතියට ඉහළින් සිටින අයෙකු නොවෙයි. මා යම් වැරැද්දක් සිදු කරන්නේ නම්, එය අභියෝගයට ලක් කිරීම සඳහා අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහන ලබාගැනීමට ඕනෑම අයෙකුට නීතිමය අවකාශය පවතිනවා."
නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ රාජකාරී කටයුතුවලට බාධාවකින් තොරව කටයුතු කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව එම නීතිඥ කණ්ඩායම මෙහිදී ප්‍රතිඥා දුන්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපල් ජයසූරිය, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් සහභාගී වී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..