ආණ්ඩුවෙන් රඟ දක්වන්නේ දේශපාලන වෛශ්‍යාවකගේ සහ සියදිවි නසා ගැනීමේ බෝම්බකරුවකුගේ භූමිකාවයි - ජාතික සංවිධාන කියයි
සිංහල බෞද්ධයන් අනුරාධපුරය පසුකරගෙන නාගදීපය වඳින්නට යාම සිංහල ජාතිවාදී් ක්‍රියාවක් බවට සහ සිංහල ජාතිවාදයට ඉඩ නොදෙන බවට ගම්‍ය වන ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"වර්තමාන ජනාධිපතිවරයා පක්‍ෂයේ අතීත උරුමයට පස්ස හරවමින් මේ රඟ දක්වන භූමිකාව පිළිබඳව අප කම්පාවට පත් වෙනවා. වෛශ්‍යාවක් අත මිට සරු ගැනුම්කරුවකුට සතුටු කිරීම සහ ඔහුට ඉඟියක් ලබාදීම සඳහා ප්‍රසිද්ධියේ අඟපසඟ ප්‍රදර්ශනය කරන ආකාරයට තමයි ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ. එය හැඳින්වීම සඳහා දේශපාලන ගණිකාවකගේ භූමිකාවක් ලෙස හැර වෙනත් ආකාරයක් නැහැ. ඔහු මේ කරන්නේ ඩයස්පෝරාව සහ දෙමළ වෙල්ලාල ජාතිවාදීන් සතුටු කිරීම සඳහා කරුණු දැක්වීමක්. ඒ මගින් ඔහුට ජාතිවාදී නොවන බහුතර සිංහල බෞද්ධ ජනයාට ලබා දෙන පණිවිඩය පිළිබඳව ඔහු කිසිම සංවේදීතාවක් නැහැ.
ඔහුගේ එම ප්‍රකාශය අනුව තව බොහෝ දේවල් කළ යුතුයි. කඳුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාවට කරදරයක් වන නිසා බෞද්ධයන් ශ්‍රී පාදය අඩවියට නොයා යුතු අතර අනුරාධපුරයට හෝ නුවරට ගොස් ශ්‍රී මහ බෝධිය හෝ දළදාව වැඳීම පමණක් සිදුකළ යුතුයි. එසේම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් කණ්ඩායම් ලුම්බිණියට ගොස් වන්දනාමාන කිරීම නිසා ඉන්දියාවේ ශිව සේනා සාමාජිකයින්ගේ සිත් රිදෙන බැවින් සහ ඩොලර් සංචිත සිඳී යන බැවින් වහාම ඒ මෝඩ ක්‍රියාවක් නැවැත්විය යුතුය. ඊට අමතරව මුස්ලිම් ජනතාව මක්කම වන්දනාවට යාම සහ කතෝලික ජනතාව ජෙරුසෙලමට යාම මගින් යුදෙව්වන්ගේ සිත රිදෙන බැවින් ඒ වෙනුවට දවටගහ පල්ලියට හෝ රාගම බැසලිකාවට යා යුතුය. මෙම නියෝග වහා නිකුත් කළ යුතු අතර ඒ මගින් සියයට 65 ක් වූ අහිංසක හින්දු දෙමළ ජනතාව පාගාගෙන සිටින හින්දු සහ ක්‍රිස්තියානි වෙල්යාලයින් ඉමහත් සතුටට පත්වනු ඇත. ඒ මගින් උතුරේ පළාත් සභා ඡන්දය දිනා ගැනීමට පදනම වැටෙනු ඇතැයි සිතනු මැනවි.
දකුණේ ජනතාව කිසිදු හින්දු කෝවිලක් පුළුල් කිරීම හෝ පාරවල් වසා ගෙන වේල් කරත්ත පෙරහර පැවැත්වීම පිළිබඳව විරෝධයක් දක්වා නැත. ඔවුන් ඒවාටද වන්දනාමාන කරති. එහෙත් ත්‍රිකුණාමලයේ ඓතිහාසික පන්සලක බුදු පිළිමයක් තැබීම ජාතිවාදී ක්‍රියාවකි. එවැනි භික්‍ෂූන්වහන්සේලා සිරගත කළ යුතුය. ඒ මගින් උතුරේ ජාතිවාදී වෙල්ලාලයින් සතුටුකර රට බෙදුම් වාදයෙන් ගලවා ගතයුතුය.
බුදු පිළිමයක් තැබීම මුල්කරගෙන ත්‍රිකුණාමලයේ මාලිමා මන්ත්‍රීගේ බලපෑමට වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට සැලැස්වුවද ඒ මගින් අභියාචනාධිකරණයේ තීන්දුවක් පවා උල්ලංඝනය වෙයි. එම නිලධාරීන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පවා ලක් විය හැක. ඊට අමතරව ඒ ආකාරයට පනත උල්ලංඝනය කළ බව කියන කෝවිල් හතලිහකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳව පියවර නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීමේ වරදට අමතරව මහා පරිසර විනාශයක් සිදුකර රටට පාඩු කිරීම මගින් බලවත් වරදක් සිදු කරයි. එම වරද නිවැරදි කිරීම සඳහා දකුණේ හෝටල් රාශියක් කඩා දැමීමටද ක්‍රියා කළ යුතුය. ඒ මගින් බිඳවැටෙන ව්‍යාපාර සහ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මුදල් විශුද්ධි කරන පනත සංශෝධනය කර එම දේපළ මිලදී ගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළ යුතුය.
ඊට අමතරව අවස්ථාව යොදා ගනිමින් ආරම්භ කළ 'භික්ෂු දඩයමේ' තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා ICCPR පනතක් යොදාගත යුතු අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ කුමන හෝ වරදක් අල්ලා ගැනීම සඳහා උන්වහන්සේලාට වනචාරීන් ලෙස අමතා එම වැරදි කිරීමට පෙළඹවිය යුතුය. ඒ සියලු ක්‍රියාමාර්ග මගින් බෙදුම්වාදී ජාතිවාදී වෙල්ලාලයින් සතුටු කිරීම මගින් සහ එම වෙල්ලාලයින්ගේ සිත රිදවන ඊනියා දකුණේ සිංහල ජාතිවාදීන්ට මානසික බාධක පැනවීම මගින් බෙදුම් වාදය පරාජය කළ හැක. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වාගෙන මහ ඇමතිට යටත් වන ආණ්ඩුකාරවරුන් විශේෂයෙන්ම ඩයස්පෝරාව විසින් නම් කරනු ලබන NGO කාරයින් පත්කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්ම කිරීමට බිය නොවිය යුතුය.
එම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය මීට පෙර සිටි බියගුළු ජනාධිපතිවරුන් අට දෙනකු නොකළ ආකාරයට තමා දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමට බිය නැති මහා නායකයකු ලෙස ලෝකයට පෙන්වීම මගින් ස්වයං තෘප්තියක් ලබා ගැනීමය. ඒ මගින් අවසානයේදී තමා පමණක් නොව තමාට ජනාධිපතිවීමට පාර කපා දුන් දේශපාලන ව්‍යාපාරය සහ එහි අතීත නායකයින් පමණක් නොව සමස්ත රටම පාවාදීමට ඉතා දියුණු පරාර්ථකාමී පරිත්‍යාගයක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇත. නමුත් ඉතිහාසය විසින් එය සමාන කරනුු ඇත්තේ ඉතා සතුටින් තම ජීවිතය සහ තම අරමුණට එරෙහි මිනිසුන් සමූහයක් විනාශ කරන සියදිවි නසා ගැනීමේ බෝම්බ කරුවෙකුගේ භූමිකාවටය. ඒ අනුව ඊලාම් රාජ්‍යයේ මහා විරු සුසානයක සමරු පලකයකට හිමිකම් ලබා ගැනීමට භාග්‍යය ලැබෙනු ඇත."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..