නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම් හෙළා දකිනවා - නිදහස් නීතිඥයින්ගේ සංවිධානය කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ රාජ්‍ය මුදල් විෂයකට අදාළව රුපියල් මිලියන 16.6ක අයුතු භාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන්, නීතිපතිවරයාට එල්ල වන සමාජ මාධ්‍ය බලපෑම් හා චෝදනා දිගින් දිගටම දක්නට ලැබේන බවත් සංවිධානාත්මකව අසත්‍ය හෝ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය අහිමි කිරීමට, ඔහුගේ ගෞරවයට හානි කිරීමට හා ජන විශ්වාසය පළුදු කිරීමට කණ්ඩායමක් උත්සාහ දරන බවත් නිදහස් නීතිඥයින්ගේ සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනය මෙසේය,
නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරමු – අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම් හෙළා දකිමු
මෑතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ රාජ්‍ය මුදල් විෂයකට අදාළව රුපියල් මිලියන 16.6ක අයුතු භාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන්, නීතිපතිවරයාට එල්ල වන සමාජ මාධ්‍ය බලපෑම් හා චෝදනා දිගින් දිගටම දක්නට ලැබේ. සංවිධානාත්මකව අසත්‍ය හෝ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය අහිමි කිරීමට, ඔහුගේ ගෞරවයට හානි කිරීමට හා ජන විශ්වාසය පළුදු කිරීමට කණ්ඩායමක් උත්සාහ දරන බව පැහැදිලිය.
උදාහරණයක් ලෙස, විදේශගතව සිටින හිටපු මාධ්‍යවේදී වෘත්තීය සමිති නායකයෙකු වන සනත් බාලසූරිය මහතාගේ මෑත Facebook පළ කිරීමකදී (සන්ඩේ ටයිම්ස් 2026 ජනවාරි 11 වැනිදා වාර්තාව ආශ්‍රිතව) නීතිපතිවරයාට බරපතල චෝදනා එල්ල කර ඇත. එහිදී නඩුවට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව තුළ පවතින්නේ යැයි කියනු ලබන මත භේදය (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සාක්ෂි මදි බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා චෝදනා ගොනු කළ හැකි බවත්) “කුමන්ත්‍රණයක්” හෝ “පක්ෂග්‍රාහී බවක්” ලෙස විකෘති කර ඇත.
නීතිපතිවරයා රජයේ නීතිඥවරයා මෙන්ම රජයේ ප්‍රධාන නඩු පවරන්නා ලෙස ස්වාධීන තනතුරකි. එම තනතුරේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කොට ඇත. ඔහු කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව, නීති පද්ධතිය හා වෘත්තීය ආචාරධර්ම මත පදනම්වය. ප්‍රමාණවත් සාක්ෂි ඇති දැයි සලකා බැලීමෙන් අනතුරුව නඩු පැවරීම හෝ නොපැවරීමේ තීරණය හුදෙක් නීතිපතිවරයාගේ අර්ධ අධිකරණමය බලය (quasi-judicial capacity) යටතේ පවතින්නකි. විනිසුරුවරයෙකු මෙන් දේශපාලන සාධක නොසලකා මෙම බලය භාවිතා කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය විසින් තහවුරු කර ඇත (උදා: SC/APPEAL/104/2024 සහ CA/WRIT/441/2021).
මෙවැනි බලපෑම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන මරු පහරකි. මෑතකදී (2025 පෙබරවාරි) සනත් බාලසූරිය මහතාගේ Facebook පළ කිරීම් හේතුවෙන් ක්‍රිෂ් මුදල් විශුද්ධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වූ ආකාරය මෙයට උදාහරණයකි. එවැනි උත්සාහයන් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් නොව, සමස්ත අධිකරණ පද්ධතියට (ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළුව) ද එල්ල වී අකර්මණ්‍ය කළ හැකිය.
නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සියලු පාර්ශවවල වගකීමකි. දේශපාලන බලපෑම්වලින් තොරව නීතිපතිවරයාට ක්‍රියා කිරීමට ඉඩ සලසා දිය යුතුය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ සමන් ගලප්පත්ති
Free Lawyers සංවිධානය:
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..