News Category
From Date
To Date
Maximum Number of Result

ජුලී ගිය සතුටට ගම්මන්පිල කිරිබත් කයි..

Jan 16, 2026 at 03:37 PM
|

අද පැවති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අවුරුදු හතරක් පුරා රටට ලොකු ශාපයක් වෙලා සිටිය ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් අද ලංකාවෙන් යනවා.  ඒ සතුට සමරන්නයි අද අපි කිරිබත් කාලා මාධ්‍යවේදින්ටත් කිරිබත් වලින් සංග්‍රහ කරන්නේ.  ඇත්තෙන්ම අද රට පුරා කිරිබත් කාලා රබන් ගහලා සමරන්න ඕනි සතුටු දවසක්.

ජුලී චංග් 2022 පෙබරවාරි සිට 2026 ජනවාරි දක්වා අවුරුදු හතරක් ලංකාවේ තානාපති විධියට හිටියා.  සාමාන්‍යයෙන් තානාපති කෙනෙක් ඉන්නේ අවුරුදු තුනයි.  ජුලී අවුරුදු හතරක්ම තියා ගත්තේ වෙනත් කිසිම තානාපති කෙනෙකුට වඩා ලංකාව ඇමෙරිකාවේ අණසකට යටත් කරන්න ජුලී සමත් වුණු නිසා. 1980 දශකයේ  ඉන්දියානු මහ කොමසාරිස් ජේ එන් ඩික්සිත්ගෙන් පසු ලංකාව තමන්ගේ පාලනයට නතු කර ගන්න සමත් වුණු එකම තානාපති ජුලී.  1991 දී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ලංකාවේ පාලනයට ඇඟිලි ගහන්න ආවාත් එයාව ප්‍රතික්ෂේපිත පුද්ගලයෙකු නැතිනම් පර්සනා නන් ග්‍රාටා තත්වයට පත් කරලා ලංකාවෙන් පිට මං කලා.  ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාට තිබුණු කොන්ද වත්මන් ජනාධිපතිතුමාට නැති නිසා ජුලී චංග් තමන්ට ඕනෑ දවසේ යනතුරුම එයාව ප්‍රතික්ෂේප කලේ නෑ.

ජුලී චංග් ඇමෙරිකාවේ වාසනාවට අපේ අවාසනාවට ලැබුණු තානාපති කෙනෙක්.  ඇමෙරිකාවට ඕනෑ විධියට ලංකාවේ ඉතිහාසය ලියපු තානාපති කෙනෙක්.  2022 අරගලයේ දී තිරයේ පිටුපස අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය දෙකම කලේ ජුලී.  ඒක කෙතරම් සූක්ෂමව කරා ද කිව්වොත් අපේ තරුණ දරුවෝ ඇමෙරිකානු තිර පිටපතේ තමන්ට පැවරුණු කොටස ඉටු කරන්න ගියේ රට බේරා ගන්න යනවා කියලා හිතලා ජාතික කොඩිය අතට අරන් ජාතික ගීය මුමුණමින්.

ඒ විතරක් නොවේ.  2024 දී 3% මාලිමාව රාජ්‍ය බලය ලබා ගන්න බලවේගය බවට සමාජය ඉදිරියේ පුම්බලා තැබීමේ ව්‍යාපෘතියේ  මහ මොලකාරියත් ජුලී.  ඒ වැඩේ කොච්චර ලස්සනට කලා ද කිව්වොත් අපේ රටේ ජනතාව ඇමෙරිකානු රූකඩයක් වුණු අනුර දිසානායකට ඡන්දය දුන්නේ පුනරුද යුගයක් උදා කරනවා කියන සත් චේතනාවෙන්.  අවුරුදු 60ක් චීනය සෙවණේ හැදුණු වැඩුනු මාලිමාව බටහිර සුරතලෙකු කර ගැනීම තමයි ජුලී ලබපු විශිෂ්ටතම ජයග්‍රහණය.  බලන්න මේ රූපය දිහා.  මේ ඡායාරූපය තිබුණේ චුලී චංගේ එක්ස් ගිණුමේ.  මේ ජුලී මාලිමා මූලස්ථානයට ආපු අවස්ථාවක්.  බලන්නකෝ බුදු හාමුදුරුවන් ඉදිරියේ අනේපිඬු සිටුතුමා ඉන්නවා වගේ යටහත් පහත්ව ඉන්නා අපූරුව.  මේ කීකරුකම තමයි මාලිමා නායකයා රටේ නායකයා වීමට බලපෑවේ.

මාලිමා ජයග්‍රහණයෙන් පස්සේ මුලින්ම අතුරුදහන් වුණේ ජුලීගේ එක්ස් පණිවිඩ.  කලින් ආණ්ඩු තිබිය දී පාරකට පස් කන්දක් කඩා වැටුණත් අධිවේගි මාර්ගයට මොනරු ආවත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරලා එක්ස් පණිවිඩ නිකුත් කරපු ජුලී පසුගිය මාස 14ට චෝදනා මුඛයෙන් පණිවිඩ ලියන විධිය අමතක වුණු ගානටයි හිටියේ.  මේ ආණ්ඩුවේ දූෂණ, මැරකම්, බැරිකම් කිසිවක් ජුලීට පෙනුනේ නෑ.  ඇත්තෙන්ම මේ ආණ්ඩුවට විරුද්ධව ජුලී ප්‍රකාශයක් කලා නම් ඒක ජුලී එදිරිව ජුලී ප්‍රකාශයක් වෙන්න ඉඩ තිබුණා.

මීලඟ තානාපති එරික් මේයර් බුදු දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙන නිසා මී ළඟ ජෝන් ඩොයිලි වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා එරික් ලංකාවට ඇවිල්ලා බුදු දහම ගැන භික්ෂූන් වහන්සේලා සමග සංවාද කරන කොට බොදු බැති සිත අවදි කරගත යුත්තේ ප්‍රවේශමෙන් කියලා අපි මතක් කරනවා.  ජුලී චංගේ අල්ලේ නැටවුණු අනුර ජනාධිපතිතුමා එරික්ගේ අල්ලේත් නැටවෙන්නේ නැතිව දැන්වත් දෙපයින් හිට ගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් රොහින්ග්‍යා සරණාගතයෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබීමත් සමඟ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ පිවිසුම ආසන්නයේදී ඇමරිකානු Saildrone Explorer ඔත්තු බැලීමේ යානයක් විනාශ කළ බවයි. එම යානය මුහුදේ ගිනි ගනිමින් තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද එම සංවිධානය විසින් නිකුත් කර තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
අමෙරිකාවේ සිදුවූ ඓතිහාසික සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද දින විශේෂ අනුස්මරණ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අගවිනිසුරුවරයාගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිටුපස බරපතළ බ්ලැක්මේල් කිරීමක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.