News Category
From Date
To Date
Maximum Number of Result

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව සංවාදයකින් තොරව සිදු නොකරන්නැයි ඉල්ලයි..

Jan 14, 2026 at 01:33 PM
|

අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම ප්‍රතිසංස්කරණය කර දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව පිළිගන්නා නමුත් එවැනි ප්‍රතිසංස්කරණ කාර්යයක් කළ හැක්කේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ කරනු ලබන සංවාදයකින් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ සංවිධාන කිහිපයක් පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සියලු පාර්ශ්වයන් වෙතින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත සමාලෝචනය සඳහා එක්වන්නැයි  එක්ව අත්සන් කළ ආයාචනයක් ද සිදු කෙරිණි.  

එම ආයාචනය පහත දැක්වේ.

දේශයේ අභිවෘද්ධිය අරමුණු කරගත්, අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලබාගත් පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් හඳුන්වාදීම වෙනුවෙන් කරනු ලබන ආයාචනයයි!

අපගේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම ප්‍රතිසංස්කරණය කර දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපි අවිවාදයෙන් පිළිගනිමු. 

එවැනි ප්‍රතිසංස්කරණ කාර්යයක් කළ හැක්කේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ කරනු ලබන සංවාදයකින් බව ද අපි අවධාරණය කරමු. 

එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අරමුණු ද, ඒ වෙනුවෙන් සම්පාදනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව ද ජනතාව හමුවේ හෙළිදරව් කර පුළුල් ලෙසින් සමාජගත කළ යුතු ය.

කෙ සේ වුව ද, 

මේ වන විට ජාතික ජන බලවේගය (මාලිමාව) ආණ්ඩුව විසින් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමැති හරිනි අමරසූරිය මෙනෙවියගේ මූලිකත්වයෙන් හඳුන්වා දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය එවැනි සංවාදයකින් හෝ අරමුණු සහ ප්‍රතිපත්ති සමාජගත කිරීමකින් හෝ සිදු කෙරෙන කාර්යයක් නොවන බව පැහැදිළි ය. 

දේශීය සමාජ බලවේගයන්ට කිසිදු ආකාරයකින් කන් නො දී මෙම ක්‍රියාදාමය මුළුමනින් ම බාහිර බලවේගයක උවමනාව මත සිදු කෙරෙන්නක් බව ද පෙනෙන්නට තිබේ. 

මාලිමා ආණ්ඩුවේ මෙම හිතුවක්කාරී සහ බලහත්කාරී ක්‍රියාදාමය නිසාවෙන් මේ වන විට විශාල සමාජ සංවාදයක් ඇති වී තිබේ. 

මෙම බලහත්කාරකමට එරෙහිව මහා සංඝයාවහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්‍ෂය ද, විශ්වවිද්‍යාල ආචාරයවරු ඇතුළු විද්වත්හු ද, 

වෙනත් විවිධ මට්ටම්වල සමාජ නියෝජිතයෝ ද තමන්ගේ විරෝධය පළ කරමින් සිටිති.

මාලිමා ආණ්ඩුවේ මෙම බලහත්කාරී වැඩපිළිවෙළට අපිදු අපගේ බලවත් විරෝධය මෙයින් පළ කරමු. 

මෙම විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වහාම හකුළාගත යුතු බව අපි මෙයින් ප්‍රකාශ කර සිටිමු.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවට මුවා වී මාලිමා ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරමින් සිටින මෙම විනාශකාරී වැඩපිළිවෙළ පරාජයට පත් කළ හැක්කේ සියලු ප්‍රගතිශීලී, දේශ හිතෛෂි සහ ජාතිමාමක බලවේග එක් පෙරමුණකට එක් වී මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපාරයකිනි. 

මහා විනාශයක් හමුවේ එකතුවීමේ හැකියාවක් සහ භාවිතාවක් මෙම බලවේග සතුව පවතින බව අපි දනිමු. 

එහෙයින්, ශ්‍රී ලාංකීය දේශයේ පැවැත්ම අනතුරෙහි හෙළන විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය පැරැදවීම අරමුණු කරගත් ජාතික ව්‍යාපාරයක් ඇරැඹීම වෙනුවෙන් ඒකරාශී වන මෙන් අපි සියලු ප්‍රගතිශීලී, දේශ හිතෛෂි සහ ජාතිමාමක බලවේග වෙත මෙයින් ආයාචනා කර සිටිමු.

දේශයේ අභිවෘද්ධිය අරමුණු කරගත්, අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලබාගත් පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් අපි එකාවන්ව කැපැවෙමු.


සම්බන්ධිත පුවත් | Related News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් රොහින්ග්‍යා සරණාගතයෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබීමත් සමඟ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ පිවිසුම ආසන්නයේදී ඇමරිකානු Saildrone Explorer ඔත්තු බැලීමේ යානයක් විනාශ කළ බවයි. එම යානය මුහුදේ ගිනි ගනිමින් තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද එම සංවිධානය විසින් නිකුත් කර තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
අමෙරිකාවේ සිදුවූ ඓතිහාසික සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද දින විශේෂ අනුස්මරණ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අගවිනිසුරුවරයාගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිටුපස බරපතළ බ්ලැක්මේල් කිරීමක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.