IMF ඉලක්ක යළි සළකා බැලිය යුතු යැයි මහබැංකු අධිපති කියයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මෙරටට පනවා ඇති ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඔහු පවසන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවේ අහිතකර විපාක සහ අමතර අයවැය වියදම් දැරීමට සිදුවීම මීට හේතුව බවයි.
මේ මස අගදී අදාල විස්තීරණ පහසුකමෙහි පස්වන සමාලෝචනය සඳහා IMF හි නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ, මෙම IMF නියෝජිත පිරිසේ සංචාරය අතරතුර ඉලක්ක සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මුලින් අපේක්ෂා කළේ පස්වන සමාලෝචනය දෙසැම්බර් 15 වනදා අවසන් කිරීමට වුවද, සුළි කුණාටුව නිසා ඇති වූ අමතර වියදම් හේතුවෙන් මින් පෙර යෝජනා කළ අයවැය ඉදිරි වසර සඳහා තවදුරටත් වලංගු නොවන බව රජය පවසා ඇත.
මේ නිසා, පවතින තත්ත්වය ඇගයීමට ලක් කර ඉදිරි කාලය සඳහා නව ඉලක්ක සකස් කිරීමට සහ සමාලෝචනය කල් දැමීමට කාලය අවශ්‍ය බව මහබැංකු අධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් යටිතල පහසුකම්වලට සහ මිනිස් ජීවිතවලට සිදු වූ දැඩි හානි නිසා ඇතැම් ඉලක්ක සපුරා ගැනීම ප්‍රායෝගික නොවන බව අධිපතිවරයා පෙන්වා දෙන ලදී.
එබැවින්, සුළි කුණාටුවට පෙර සකස් කළ ජාතික අයවැය සහ වර්තමානයේ වෙනස් වෙමින් පවතින සාධක පිළිබඳව ඉදිරි සාකච්ඡාවලදී අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එසේම, මෙවැනි තත්ත්වයන්ට වඩාත් ගැලපෙන වේගවත් මූල්‍ය පහසුකම් (RFI) ලබා ගැනීමට ද දැන් ශ්‍රී ලංකාවට අවස්ථාව ඇති බව අධිපතිවරයා පෙන්වා දෙයි.
2020 වසරේදී ණය තිරසාරභාවය නොමැතිකම නිසා මෙරටට මෙම පහසුකම ලබා ගැනීමට නොහැකි වුවද, දැන් එය අත්කරගෙන ඇති බැවින් RFI පහසුකම වඩාත් සුදුසු විකල්පය බවයි ඔහු අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..