මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් රාජ්‍ය ලාංඡනය, විකෘති කර ප්‍රදර්ශනය කිරීම ගැන CID පැමිණිල්ලක්..
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් රාජ්‍ය ලාංඡනය, රටට අපකීර්තියක් වන අයුරින් විකෘති කර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ, අදාළ වෙබ් අඩවියේ ඇති රාජ්‍ය ලාංඡනයේ සිංහයා, ධර්ම චක්‍රය, වී කරල්, පුන්කළස, ඉර-හඳ සහ පලාපෙති යන අංග පාර්ලිමේන්තුව මඟින් අනුමත නිවැරදි ක්‍රමවේදයෙන් බැහැරව විකෘති කර ඇති බවයි.
"අවම වශයෙන් පස්වන ශ්‍රේණියේ දරුවකුට පවා රාජ්‍ය ලාංඡනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබියදී, මෙවැනි වෙනසක් සිදුවීම නොදැනුවත්කම මත සිදු වූවක් ලෙස සැලකිය නොහැකියි. මෙය මෙරට ආරක්ෂක අමාත්‍යාංශය සහ රාජ්‍යය බරපතළ ලෙස හෑල්ලුවට ලක් කිරීමක්," යැයි ඒ මහතා පැවසීය.
රටක රාජ්‍ය අනන්‍යතාව නිරූපණය කරන ලාංඡනය මෙලෙස අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ජාතික ආරක්ෂාවට මෙන්ම රාජ්‍යයේ කීර්ති නාමයට ද එල්ල වූ බරපතළ පහරක් බව ඔහු අවධාරණය කළේය. පසුගිය කාලසීමාව පුරා රජයේ වෙබ් අඩවිවල මෙවැනි විකෘති කිරීම් සිදු වුවද, ඒවා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු කිරීමට ආරක්ෂක අංශ අසමත් වීම කණගාටුවට කරුණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙරට අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් සහ සෞඛ්‍ය පද්ධතිය පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරීමට උත්සාහ ගන්නා පසුබිමක, රාජ්‍ය ලාංඡනය ද මෙලෙස වෙනස් කිරීම හුදෙකලා සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..