විදුලි ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2024 වසරේ පිහිටුවූ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා, එළඹෙන ජනවාරි 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.
ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීම මීට පෙර අමාත්‍යවරයා විසින් අවලංගු කර තිබුණද, පසුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ලබන වසරේ ජූනි දක්වා දීර්ඝ කර තිබියදී මෙම ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයකි.
තීරණාත්මක අවස්ථාවක සිදුවූ මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් ආයතනය තුළ පරිපාලන ගැටළුවක් නිර්මාණය වී ඇති බව සේවකයෝ පෙන්වා දෙති.
මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (VRS) තෝරාගත් සේවකයින් 2,200කට අධික පිරිසක් වහාම සේවයෙන් මුදා හරින ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
පාලනාධිකාරිය විසින් තමන්ව "බලහත්කාරයෙන්" සේවයේ රඳවාගෙන සිටින බව පවසන මෙම සේවකයින් අතර මධ්‍යම මට්ටමේ වෘත්තිකයින් විශාල පිරිසක් සිටින බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ස්වාධීන ආයතන හතරක් (ජනන, සම්ප්‍රේෂණ, පද්ධති මෙහෙයුම් සහ බෙදා හැරීම) ලෙස වෙන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසරේ අගෝස්තු 26 වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය ප්‍රකාශයට පත් කරන ලදී.
පනතට අනුව, නව සමාගම් වෙත එක් වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක කාලයක් ලබා දී තිබුණි. ඒ අනුව 2025 ඔක්තෝබර් 27 වන විට සේවකයින් 2,200 ක් පමණ නව ආයතන සමඟ සම්බන්ධ නොවන බවට නිල වශයෙන් දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියක් මගින් සේවකයින් පෙන්වා දෙන්නේ තමන්ට හිමි විය යුතු විශ්‍රාම වන්දි පසුව ගෙවුවද ගැටලුවක් නොමැති නමුත්, වහාම සේවයෙන් ඉවත් වීමට අවසර ලබා දීම අත්‍යවශ්‍ය බවයි.
මෙම ප්‍රමාදය හේතුවෙන් තමන්ට හිමි වී ඇති විදේශ රැකියා අවස්ථා, පෞද්ගලික අංශයේ රැකියා සහ ස්වයං රැකියා ආරම්භ කිරීමට ඇති අවස්ථා අහිමි වෙමින් පවතින බව ඔවුහු පවසති.
"පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා විදේශගත වීමට හෝ ව්‍යවසායකත්වයට යොමු වීමට තීරණය කළ තරුණ වෘත්තිකයන් රැසක් අද වන විට දැඩි මානසික සහ මූල්‍ය පීඩනයකට ලක්ව සිටිනවා. ඇතැම් සේවකයින් විදේශගත වී ඇති අතර ඔවුන්ගේ සේවය අත්හැර ගියා සේ සලකා නිවේදන නිකුත් කිරීම නිසා ඔවුන්ගේ විශ්‍රාමික හිමිකම් පවා අවදානමට ලක්ව තිබෙනවා," යැයි එම ලිපියේ සඳහන් වේ.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සම්පූර්ණ වත්කම් පැවරීම සඳහා 'නියමිත දිනය' ලෙස 2026 පෙබරවාරි 1 වනදා නියම කර තිබුණද, අමාත්‍යවරයා විසින් මෙතෙක් එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර නොමැත.
මේ හේතුවෙන් අලුතින් පිහිටුවන ලද සමාගම්වලට නීත්‍යානුකූල බලයක් නොමැති අතර, සේවකයින් සිය අභිමතයට එරෙහිව රඳවා තබා ගැනීම නිසා ආයතනික ඵලදායිතාව ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවට ඔවුහු අනතුරු අඟවති.
පවතින අවිනිශ්චිතතාවය නිමා කරමින්, 2026 පෙබරවාරි 1 වන දින හෝ ඊට පෙර 'නියමිත දිනය' ප්‍රකාශයට පත් කරන ලෙසත්, ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම තෝරාගත් සේවකයින්ට සේවයෙන් ඉවත් වීමට ඉඩ සලසන ලෙසත් ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..