වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන්ට වහාම පිටත්වන්නැයි අමෙරිකාවෙන් දැනුම්දීමක්..
වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් විය යුතු බවය.
මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසත්ය.
පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවය.
ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙසත් තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
එමෙන්ම සංචාරය සඳහා වෙනිසියුලාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරට සංචාරය කිරීමෙන් වළකින ලෙසත් දන්වා ඇති අතර වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සන්නිවේදනය සඳහා වූ බහුවිධ ක්‍රම ස්ථාපිත කරගත යුතු බවත් එරට පිහිටි තානාපති කාර්යාලය දන්වා තිබේ.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..