නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දෙන්න මචාඩෝ කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි..
නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නෝර්විජියානු නොබෙල් ආයතනය සඳහන් කර ඇත්තේ නෙබෙල් සාම ත්‍යාගය මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවය.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක අමෙරිකානු මෙහෙයුම අධීක්ණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා සමග සිය නොබෙල් සම්මානය හුවමාරු කර ගැනීමට තමන් කැමති බව මචාඩෝ පසුගියදා විදෙස් රූපවාහිනි වැඩසටහනකදී පවසා තිබුණි.
එහිදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමන්ට හිමිවූ නොබෙල් සම්මානය වෙනිසියුලානු ජනතාවගේ ත්‍යාගයක් බවත් එය අමෙරිකානු ජනාධිපතිවරයා සමග හුවමාරු කර ගැනීමට තමන් සූදානම් බවය. එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම මෙහෙයුම ඓතිහාසික සහ එය ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් කරා තැබූ දැවැන්ත පියවරක් වන බවත් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත් වෙනිසියුලානු විපක්ෂ නායිකාවකගේ මෙම ප්‍රකාශයත් සමග නොර්විජියානු නොබෙල් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ නොබෙල් සාම ත්‍යාගයක් අවලංගු කිරීමට හැකියාවක් නොමැති බවය. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්