බාල ගල් අගරුවලින් කෝටි 750 වංගුවක්..
ලංකාවට ගොඩබෑ ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව අනුව රටට ආනයන කර ඇත්තේ බාල ගල් අඟුරු බව තහවුරු වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
"මේ තියෙන්නේ ලංකාවට ගොඩබාපු ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව. එහි ඉතා පැහැදිලිව තිබෙන ආකාරයට මේ ගල් අඟුරු වල ප්‍රමිතිය තිබෙන්නේ කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5600-5800 අතර.
ලංකාව ටෙන්ඩරය ලබා දෙන්නේ කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5900-6200 අතර ශක්‍තිය උත්පාදනය කරන ගල් අඟුරු සඳහා. මේ ගොඩබාන ලද තොගය අවම පරිසාධන මට්ටමේවත් නෑ.
ගල් අඟුරු කිලෝ ග්‍රෑම් එකක් දහනය කළාම ලැබෙන ශක්තිය අඩුයි කියන්නේ අපට අවශ්‍ය විදුලි ප්‍රමාණය නිපදවා ගැනීමට වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් ඕන කියන එක.
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු නිසා ගල් අඟුරු වැඩියෙන් මිලදී ගන්න වුණාම වැඩිපුර කරන්න යන වියදම රුපියල් කෝටි 750ක් වගේ කියලා දළ ගණන් බැලීම් වල පෙනෙනවා. ඒ පාඩුවත් විදුලි ගාස්තුවට එකතු කරලා ජනතාව මතම පටවන්න ඉඩ තිබෙනවා.
ට්‍රයිඩෙන්ට් කියන ඉන්දියානු සමාගම හොර වැඩවලට නම් දරාපු සමාගමක්. මීට කලින් සහල් ආනයනය කිරීමේදීත් ප්‍රසම්පාදන කොන්දේසි කඩපු ලංකාවේ අසාදුලේඛනගත සමාගමක්. ඒ අත්දැකීම තිබියදීම ඇයි මේ සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය දුන්නේ? ඇයි මේ සමාගමටම දෙන්න ටෙන්ඩර් කොන්දේසි වෙනස් කළේ? ඇයි විදුලිබල ඇමතිවරයා තමන්ගේම අමාත්‍යංශ රසායනාගාරය තුට්ටු දෙකට දාලා කතා කරමින් සමාගම ආරක්ෂා කරන්න යන්නේ?
රජයේ රසායනාගාර වාර්තා පිළිගන්න බැරිනම් ජාත්‍යන්තර රසායනාගාර වාර්තා එනතුරු දවස් කීපයක් බලමු. ඒකෙත් මේ බාල ප්‍රමිතියම ඔප්පු වුණොත් ආණ්ඩුව දූෂණවිරෝධී ක්‍රියාමාර්ග ලෙස කරන දේ ගැනත් අවධානයෙන් සිටිමු. කොහොම වුණත් මේවායේ බර ජනතාව මත පටවන්න ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..