News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවට එරෙහි ඇමරිකානු පාලකයින්ගේ වෛරය: අතීතය සහ වර්තමානය

Jan 10, 2026 at 08:53 AM
|

දීර්ග කාලීනව වෙනිසියුලාවේ ආණ්ඩු යටත් කර ගැනීම, පාලනය කිරීම හෝ පලවා හැරීම සඳහා වන ඇමෙරිකාහු උවමනාව ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් මත රඳා පවතින බව පැහැදිලි සත්‍යයකි. පළමුවැන්න, වෙනිසියුලාව සතු මහා ඛනිජ සම්පත් පාලනය කිරීමේ උවමනාව වන අතර දෙවැන්න, වෙනිසියුලාවේ බිහි වූ ඇමරිකානු විරෝධී වාමාංශික පාලකයින්ගේ පෞරුෂය සහ දේශපාලන තේරීම් තුළ කලාපයේ ඇමරිකානු උවමනාවන් අනතුරට පත්වීමය. විශේෂයෙන්ම ස්පාඤ්ඤ යටත්විජිතපාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් කළ නිදහස් සටතේ පියා ලෙස සැලකෙන සයිමන් බොලිවර්ගේ අධ්‍යාත්මය තුළින් උපත ලැබූ ප්‍රබල වාමාංශික නායකයෙකු වූ හියුගෝ චාවේස් 1999 දී බලය ලබා ගැනීමෙන් පසුව ඇමරිකානු සමාගම් සතු වූ මහා ඛනිජ සම්පත් නැවත වෙහි සියුලානු ජනතාව සතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඇමෙරිකානු ප්‍රතිප්‍රහාරය වඩා දරුණු විය.

වෙනිසියුලාව ලෝකයේ කනිජ තෙල් නිපදවන රටවල් විසින් ගොඩනැගූ ඔපෙක් (OPEC) සංවිධානයේ ආරම්භක සාමාජික රටවල් 5 න් එකක් වූ අතර පසුකාලීනව 8 වැනි විශාලතම ශිෂ්පාදකයා බවට පත් විය. එම රටවල් අතරින් විශාලතම කණිජ තෙල් සංචිතය සහිත රට ලෙස සැලකෙන්නේ වෙනිසියුලාව වන අතර එය බැරල් බිලියන 303 ක් ලෙස තක්සේරු කර ඇත. ඊට අමතරව වෙනිසියුලාව වානේ, ඇල්මිනියම් හා සිමෙන්ති ඇතුළු බැර ලෝහ කර්මාන්තයේ ද විශාල කොටසක් අයත් කරගෙන ඇත. වෙනිසියුලාවේ සමස්ත කණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 14,000 ක් හෙවත් ට්‍රිලියන 14 ක් ලෙස තක්සේරු කර ඇති අතර එරට අපනයන වලින් 95% කණිජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදනයන් ය. වෙනිසියුලාව සතු මෙම මහා කණිජ සම්පත් පාලනය කිරීම සහ එරටට ඇමරිකානු අපනයන දිරිමත් කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වූ 500කට අධික ඇමරිකානු සමාගම් වල ව්‍යාපාරික උවමනාවන් හියුගෝ චාවේස් ජනාධිපතිවරයා යටතේ මෙන්ම ඔහුගේ අධ්‍යාත්මික සහ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන ජනාධිපති නිකලස් මදුරෝ යටතේ අභියෝගයට ලක් ලක්විය.

පසුගිය වසර 20 ක කාලය තුළ ඛණිජ සම්පත් බහුල ඔපෙක් සංවිධානයේ ප්‍රබල රටවල් වූ ඉරාකය, ඉරානය සහ කුවේටය යන රටවල් වලට අමතරව ලිබියාව පවා ආක්‍රමණය කර එම රටවල පාලකයින් ඝාතනය කර ඇමෙරිකාවට පක්ෂපාතී රූකඩ ආණ්ඩු පිහිටුවීමට ඇමරිකාව සමත් වී ඇත. ඇමරිකානු උවමනාවන්ට හිස නමා යටත්වීම මගින් සවුදි අරාබියාව ආක්‍රමණයකට ගොදුරු නොවී ඇමරිකානු දාස රාජ්‍යයක් ලෙස තම පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී ඇත. ඒ අනුව පසුගිය දශක දෙකකට අධික කාලය තුළ ලෝක ඛනිජ තෙල් වෙළඳ පොළ පාලනය කිරීමේ ඇමරිකානු උවමනාවට එරෙහිව බාධකයක් ලෙස ශක්තිමත්ව පැවතියේ වෙනිසියුලාව පමණි. එම ක්‍රියාවලිය තුළ ජනාධිපති නිකලස් මදුරෝ කලාපයේ ප්‍රබල අධිරාජ්‍ය විරෝධී දේශපාලන නායකයකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරනු ලැබීය.

ජනාධිපති නිකලස් මදුරෝ 2013 දී බලයට පත්වීමෙන් පසුව දීර්ඝ කාලීන ඇමරිකානු සම්බාධක වලට මුහුණ දීම සඳහා ප්‍රබල පියවර ප්‍රමාණයක් ගනු ලැබීය. ඒ අනුව සම්බාධක නිසා 50% බිඳ වැටී තිබූ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම යථා තත්ත්වයට පත් කිරීමට ඔහු සමත් විය. ඒ අනුව 2016 වන විට වෙනිසියුලාව තම අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍යතාවයෙන් 80% රට තුළ නිපදවීමට සමත් විය. ඒ ආකාරයට සම්බාධක පැනවීමේ ක්‍රියාවලිය තුළ වෙනිසියුලාව ඊට මුහුණ දෙමින් යටත් නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. ඒ අනුව බනිජ තෙල් නිරෝධායනය (Oil Quarantine) නමින් ඛනිජ තෙල් අපනයනයට එරෙහිව සෘජු බාධක පනවමින් වෙනිසියුලාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බිඳවට්ටවා රට යටත් කිරීමේ නව ප්‍රවේශයක් ඇමරිකානු රජ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබීය.

එම ක්‍රියාවලියේ එක්තරා උච්චතම අවස්ථාවක් වන්නේ පසුගිය දෙසැම්බර් 10 වැනිදා වෙනිසියුලාවේ සිට කියුබාවට කණිජ තෙල් අපනයනය කරමින් තිබූ වාණිජ නෞකාව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමය. ඒ ආකාරයට වෙනිසියුලාවේ සාගර කලාපය තුළ ඇමරිකානු මැදිහත්වීම තවදුරටත් සාධාරණී කරණය කිරීම සඳහා කලාපයේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ චෝදනාව එල්ල කරමින් කුඩා නාවික යාත්‍රා වලට පහරදීමේ ක්‍රියා වලියක් ද ආරම්භ කරනු ලැබීය. ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව එල්ල කරමින් වෙනිසියුලානු යාත්‍රා 20 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර පුද්ගලයන් 80 වැඩි පිරිසක් හීති විරෝධී ලෙස ඝාතනය කළ බවට ඇමරිකානු සෙනෙට් සහික ක්‍රිෂ් කුන්ස් විසින් චෝදනා කරනු ලැබීය.

ඇත්ත වශයෙන්ම, වෙනිසියුලාවට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ චෝදනාව එල්ල කරනු ලබන්නේ 2020 මුල සිට ය. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් ඒක පාර්ශවීය නඩු විභාගයක් පවත්වා ජනාධිපති නිකලෙස් මදුරෝ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය දිරිගැන්වීම සහ ඇමරිකාවට කොකේන් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා වලට වැරදිකරුවා බවට පත් කරනු ලැබීය. ඉන් පසුව 2025 අගෝස්තු මාසයේදී ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගෙන භාර දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පිරිනමන බවට ද නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

මෙම සියලු ක්‍රියාමාර්ග වල අවසන් අපේක්ෂාව වෙනිසියුලාව ආක්‍රමණය කර රටේ නීත්‍යානුකූල පාලකයා අත්අඩංගුවට ගැනීම බව යම් දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබීය. එම අනාවැකිවල සත්‍යතාවය පසුගිය සැප්තැම්බර් මාසය වන විට පැහැදිලි විය. ඒ සැප්තැම්බර් 06 වැනිදා ඇමරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් වූ පනතක් පරාජය වීම මගිනි. එම පනත මගින් වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට පෙර කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය බවට නීතිමය ප්‍රතිපාදනයක් පැත වීම ප්‍රකාශිත අරමුණු වුවද එය පරාජ්‍ය කිරීම මගින් සැබෑ අරමුණ පැහැදිලි විය. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෙනිසියුලාවට හමුදාමය මැදිහත්වීමක් හෙවත් යුදමය ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපතිවරයාට අවසරය ලැබුණි.

කෙසේ වෙතත් වෙනිසියුලාව ඇමෙරිකානු භූමියේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට එල්ල කෙරෙන චෝදනා ඇමරිකානු නිල වාර්තා මගින්ම නිශේධනය වී ඇත. ඇමරිකාවේ මත්ද්‍රව්‍ය මැඩලීම බලාත්මක කිරීමේ ඒජන්සියේ (Drug Enforcement Administration) වාර්තාවට අනුව එක්සත් ජනපදයට තර්ජනයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් වල යෙදෙන රටවල් සහ නායකයින් ලැයිස්තුවට වෙනිසියාලාව හෝ ජනාධිපති නිකලස් මදුරෝ ඇතුළත් වී නැත. ඊට අමතරව 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව මගින් එළිදරව් වන තොරතුරු අනුව ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය වෙළඳ පොලක් සහ බෙදාහරින මධ්‍ය ස්ථානයකි. එම වාර්තාවට අනුව විෂම ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇමරිකානු ආර්ථිකයේම පැතිකඩක් බව පෙනී යයි. ඊට හේතුව රට තුළ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය, බෙදා හැරීම කළමනාකරණය කිරීම සහ ජාවාරම් කිරීම මගින් ලැබෙන ලාභය හැසිරවීම හෙවත් ආයෝජනය කිරීම ද සිදුවන බව එම වාර්තා මගින් පෙන්වා දීමය.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව එල්ල කරනු ලබන චෝදනා ව්‍යාජ සහ පදනම් විරහිත බවය. නමුත් එම චෝදනා යටතේ ඔහු වරදකරු බවට පත් කරන්නේ වෙනිසියුලාවට කඩා වැදීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණී කරණය කිරීමට බව ද ඉතා පැහැදිලිය. ඊට අමතරව රට තුළ අර්බුද නිර්මාණය කර ආණ්ඩු මාරුවක් සිදු කිරීමේ උත්සාහය ද අඛණ්ඩව සිදුවිය. එම ක්‍රියාවලිය තුළ වර්ණ විප්ලව ආකෘතිය යොදා ගැනීම සඳහා විපක්ෂයේ මරියා කොරෝනා මචාඩෝ වැනි දේශපාලන චරිත යොදා ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවනු ලැබීය. පසුව ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ ද ඒ ආකාරයට ඇමරිකානු න්‍යාය පත්‍රයට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරීමට සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට නායකත්වය දීම නිසා බව දැත් රහසක් නොවේ.

එසේ වුවත් රට තුළ අර්බුද නිර්මාණය කිරීමට පහසු වී ඇත්තේ දීර්ඝකාලීනව සමාජ ආර්ථික ව්‍යුහයේ පවතින ගැටලු විසදීමට ඉඩ නොලැබීම නිසා බව ඉතා පැහැදිලිය. වෙනිසියුලාවේ ජනගහනයෙන් 88% ක් නාගරිකව ජීවත් වන අතර කෘෂිකාර්මික නිෂ්පාදනය දළ ජාතික නිෂ්පාදනයෙන් 4%කි. ඒ අනුව රටේ උද්ධමනය ඉතා ඉහල අගයක් ගැනීම තුළ පළමුවෙන්ම පීඩාවට සහ අසහනයට පත්වන්නේ අඩු ආදායම්ලාභී නාගරික වැසියන්ය. ඒ නිසා වර්ණ විප්ලව සඳහා ඔවුන්ව යොදා ගැනීමේ වැඩි හැකියාවක් ලැබී ඇත.

ඒ සියලු තත්වයන්ට අමතරව වෙහිසියුලාවේ වාමාංශික සහ ජාතිකවාදී ජනාධිපතිවරුන් වන හියුගෝ චාවේස් සහ නිකලස් මදුරෝ යන නායකයින් දෙදෙනාම ඇමරිකානු උදහසට ලක්වීම සඳහා චීන - වෙනිසියුලානු සබඳතා ද හේතුවන බව ඉතා පැහැදිලිය. වෙනිසියුලාවේ චීනයේ හතරවන විශාලතම තෙල් අපනයනකරුවා බවට පත් වූ අතර වෙනිසියුලාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එක්ව චීන - වෙනිසියුලානු ඒකාබද්ධ අරමුදල පිහිටුවනු ලැබීය. එසේම 2010 ආර්ථික සහ මූල්‍ය අර්බුදය ජය ගැනීම සඳහා චීනය විසින් ඩොලර් බිලියන 10 ක ණයක් සහන පොලියට ලබා දුනි. ඊට අමතරව චීන වෙනිසියුලානු ඒකාබද්ද ආයෝජන ව්‍යාපෘතියක් යටතේ දිනකට කණිජ තෙල් බැරල් 450,000 නිපදවීම සඳහා ඩොලර් බිලියන 16ක ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ සියල්ල මගින් ඇමරිකානු උදහස වර්ධනය වන බව සරල සත්‍යයකි.

එම සමස්ත ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය වන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසිදු ප්‍රකෝප කිරීමක් නොමැතිව ස්වෛරී රාජ්‍යයක සිවිල් සහ මිලියරි ඉලක්කවලට පහර දෙමින් ස්වෛරී රාජ්‍යයකට කඩා වැදී 80 කට අධික සිවිල් වැසියන් ඝාතනය කර, එම රටේ නීත්‍යානුකූල පාලකයා අත්අඩංගුවට ගෙන රටින් පිටතට රැගෙන යාමය. මීට පෙර ඉරාකය සහ ලිබියාව වැනි රටවල පාලකයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සිදුවූයේ විවිධ හේතුමත සාධාරණී කරණය කළ සාම්ප්‍රදායනු කූල ආක්‍රමණයක දීර්ඝ කාලීන අවසන් ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම ඉතාම නරක පූර්වාදර්ශයක් බවට විවාදයක් නැත. එ‌හෙත් කණගාටුවට කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අංශ භාගයට ගොදුරු වී වික්ෂිප්තව බලා සිටීමය.

මේ වන විට චීනය සහ රුසියාව ඒ ආකාරයට ඇමෙරිකාව විසින් ජාත්‍යන්තර සම්මුතීන් සියල්ල උල්ලංඝනය කරමින් ආක්‍රමණ ශීලීව කටයුතු කිරීම පිළිබඳ තම විරෝධය පළ කර ඇත. නමුත් මේ වනතුරු ඊට අදාළව ආරක්ෂක මණ්ඩලය හෝ මහා මණ්ඩලය කැඳවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර නැත. මෙම තත්ත්වය ඉතා බරපතළ නරක පූර්වාදර්ශයක් බවට පත්වන බවට සැකයක් නැත. ඒ මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජාතීන්ගේ විශ්වාසය බිඳ වැටෙනු ඇත. එවැනි තත්වයක් තුළ ලෝක සාමයට බරපතළ තර්ජනයක් එල්ලවන බවට ද විවාදයක් නැත. ඒ සියල්ල මගින් පැහැදිලි වන්නේ නව අධිරාජ්‍යවිරෝධී ගෝලීය සන්ධානයක් ගොඩ නැගීමස සඳහා ස්වෛරී රාජ්‍යයන් මැදිහත්විය යුතු බවට ගෝලීය ජනමතයක් ගොඩනැගිය යුතු බව නොවේද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

2026.01.07

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.