News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවට එරෙහි ඇමරිකානු පාලකයින්ගේ වෛරය: අතීතය සහ වර්තමානය

Jan 10, 2026 at 08:53 AM
|

දීර්ග කාලීනව වෙනිසියුලාවේ ආණ්ඩු යටත් කර ගැනීම, පාලනය කිරීම හෝ පලවා හැරීම සඳහා වන ඇමෙරිකාහු උවමනාව ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් මත රඳා පවතින බව පැහැදිලි සත්‍යයකි. පළමුවැන්න, වෙනිසියුලාව සතු මහා ඛනිජ සම්පත් පාලනය කිරීමේ උවමනාව වන අතර දෙවැන්න, වෙනිසියුලාවේ බිහි වූ ඇමරිකානු විරෝධී වාමාංශික පාලකයින්ගේ පෞරුෂය සහ දේශපාලන තේරීම් තුළ කලාපයේ ඇමරිකානු උවමනාවන් අනතුරට පත්වීමය. විශේෂයෙන්ම ස්පාඤ්ඤ යටත්විජිතපාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් කළ නිදහස් සටතේ පියා ලෙස සැලකෙන සයිමන් බොලිවර්ගේ අධ්‍යාත්මය තුළින් උපත ලැබූ ප්‍රබල වාමාංශික නායකයෙකු වූ හියුගෝ චාවේස් 1999 දී බලය ලබා ගැනීමෙන් පසුව ඇමරිකානු සමාගම් සතු වූ මහා ඛනිජ සම්පත් නැවත වෙහි සියුලානු ජනතාව සතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඇමෙරිකානු ප්‍රතිප්‍රහාරය වඩා දරුණු විය.

වෙනිසියුලාව ලෝකයේ කනිජ තෙල් නිපදවන රටවල් විසින් ගොඩනැගූ ඔපෙක් (OPEC) සංවිධානයේ ආරම්භක සාමාජික රටවල් 5 න් එකක් වූ අතර පසුකාලීනව 8 වැනි විශාලතම ශිෂ්පාදකයා බවට පත් විය. එම රටවල් අතරින් විශාලතම කණිජ තෙල් සංචිතය සහිත රට ලෙස සැලකෙන්නේ වෙනිසියුලාව වන අතර එය බැරල් බිලියන 303 ක් ලෙස තක්සේරු කර ඇත. ඊට අමතරව වෙනිසියුලාව වානේ, ඇල්මිනියම් හා සිමෙන්ති ඇතුළු බැර ලෝහ කර්මාන්තයේ ද විශාල කොටසක් අයත් කරගෙන ඇත. වෙනිසියුලාවේ සමස්ත කණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 14,000 ක් හෙවත් ට්‍රිලියන 14 ක් ලෙස තක්සේරු කර ඇති අතර එරට අපනයන වලින් 95% කණිජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදනයන් ය. වෙනිසියුලාව සතු මෙම මහා කණිජ සම්පත් පාලනය කිරීම සහ එරටට ඇමරිකානු අපනයන දිරිමත් කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වූ 500කට අධික ඇමරිකානු සමාගම් වල ව්‍යාපාරික උවමනාවන් හියුගෝ චාවේස් ජනාධිපතිවරයා යටතේ මෙන්ම ඔහුගේ අධ්‍යාත්මික සහ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන ජනාධිපති නිකලස් මදුරෝ යටතේ අභියෝගයට ලක් ලක්විය.

පසුගිය වසර 20 ක කාලය තුළ ඛණිජ සම්පත් බහුල ඔපෙක් සංවිධානයේ ප්‍රබල රටවල් වූ ඉරාකය, ඉරානය සහ කුවේටය යන රටවල් වලට අමතරව ලිබියාව පවා ආක්‍රමණය කර එම රටවල පාලකයින් ඝාතනය කර ඇමෙරිකාවට පක්ෂපාතී රූකඩ ආණ්ඩු පිහිටුවීමට ඇමරිකාව සමත් වී ඇත. ඇමරිකානු උවමනාවන්ට හිස නමා යටත්වීම මගින් සවුදි අරාබියාව ආක්‍රමණයකට ගොදුරු නොවී ඇමරිකානු දාස රාජ්‍යයක් ලෙස තම පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී ඇත. ඒ අනුව පසුගිය දශක දෙකකට අධික කාලය තුළ ලෝක ඛනිජ තෙල් වෙළඳ පොළ පාලනය කිරීමේ ඇමරිකානු උවමනාවට එරෙහිව බාධකයක් ලෙස ශක්තිමත්ව පැවතියේ වෙනිසියුලාව පමණි. එම ක්‍රියාවලිය තුළ ජනාධිපති නිකලස් මදුරෝ කලාපයේ ප්‍රබල අධිරාජ්‍ය විරෝධී දේශපාලන නායකයකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරනු ලැබීය.

ජනාධිපති නිකලස් මදුරෝ 2013 දී බලයට පත්වීමෙන් පසුව දීර්ඝ කාලීන ඇමරිකානු සම්බාධක වලට මුහුණ දීම සඳහා ප්‍රබල පියවර ප්‍රමාණයක් ගනු ලැබීය. ඒ අනුව සම්බාධක නිසා 50% බිඳ වැටී තිබූ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම යථා තත්ත්වයට පත් කිරීමට ඔහු සමත් විය. ඒ අනුව 2016 වන විට වෙනිසියුලාව තම අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍යතාවයෙන් 80% රට තුළ නිපදවීමට සමත් විය. ඒ ආකාරයට සම්බාධක පැනවීමේ ක්‍රියාවලිය තුළ වෙනිසියුලාව ඊට මුහුණ දෙමින් යටත් නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. ඒ අනුව බනිජ තෙල් නිරෝධායනය (Oil Quarantine) නමින් ඛනිජ තෙල් අපනයනයට එරෙහිව සෘජු බාධක පනවමින් වෙනිසියුලාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බිඳවට්ටවා රට යටත් කිරීමේ නව ප්‍රවේශයක් ඇමරිකානු රජ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබීය.

එම ක්‍රියාවලියේ එක්තරා උච්චතම අවස්ථාවක් වන්නේ පසුගිය දෙසැම්බර් 10 වැනිදා වෙනිසියුලාවේ සිට කියුබාවට කණිජ තෙල් අපනයනය කරමින් තිබූ වාණිජ නෞකාව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමය. ඒ ආකාරයට වෙනිසියුලාවේ සාගර කලාපය තුළ ඇමරිකානු මැදිහත්වීම තවදුරටත් සාධාරණී කරණය කිරීම සඳහා කලාපයේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ චෝදනාව එල්ල කරමින් කුඩා නාවික යාත්‍රා වලට පහරදීමේ ක්‍රියා වලියක් ද ආරම්භ කරනු ලැබීය. ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව එල්ල කරමින් වෙනිසියුලානු යාත්‍රා 20 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර පුද්ගලයන් 80 වැඩි පිරිසක් හීති විරෝධී ලෙස ඝාතනය කළ බවට ඇමරිකානු සෙනෙට් සහික ක්‍රිෂ් කුන්ස් විසින් චෝදනා කරනු ලැබීය.

ඇත්ත වශයෙන්ම, වෙනිසියුලාවට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ චෝදනාව එල්ල කරනු ලබන්නේ 2020 මුල සිට ය. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් ඒක පාර්ශවීය නඩු විභාගයක් පවත්වා ජනාධිපති නිකලෙස් මදුරෝ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය දිරිගැන්වීම සහ ඇමරිකාවට කොකේන් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා වලට වැරදිකරුවා බවට පත් කරනු ලැබීය. ඉන් පසුව 2025 අගෝස්තු මාසයේදී ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගෙන භාර දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පිරිනමන බවට ද නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

මෙම සියලු ක්‍රියාමාර්ග වල අවසන් අපේක්ෂාව වෙනිසියුලාව ආක්‍රමණය කර රටේ නීත්‍යානුකූල පාලකයා අත්අඩංගුවට ගැනීම බව යම් දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබීය. එම අනාවැකිවල සත්‍යතාවය පසුගිය සැප්තැම්බර් මාසය වන විට පැහැදිලි විය. ඒ සැප්තැම්බර් 06 වැනිදා ඇමරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් වූ පනතක් පරාජය වීම මගිනි. එම පනත මගින් වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට පෙර කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය බවට නීතිමය ප්‍රතිපාදනයක් පැත වීම ප්‍රකාශිත අරමුණු වුවද එය පරාජ්‍ය කිරීම මගින් සැබෑ අරමුණ පැහැදිලි විය. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෙනිසියුලාවට හමුදාමය මැදිහත්වීමක් හෙවත් යුදමය ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපතිවරයාට අවසරය ලැබුණි.

කෙසේ වෙතත් වෙනිසියුලාව ඇමෙරිකානු භූමියේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට එල්ල කෙරෙන චෝදනා ඇමරිකානු නිල වාර්තා මගින්ම නිශේධනය වී ඇත. ඇමරිකාවේ මත්ද්‍රව්‍ය මැඩලීම බලාත්මක කිරීමේ ඒජන්සියේ (Drug Enforcement Administration) වාර්තාවට අනුව එක්සත් ජනපදයට තර්ජනයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් වල යෙදෙන රටවල් සහ නායකයින් ලැයිස්තුවට වෙනිසියාලාව හෝ ජනාධිපති නිකලස් මදුරෝ ඇතුළත් වී නැත. ඊට අමතරව 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව මගින් එළිදරව් වන තොරතුරු අනුව ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය වෙළඳ පොලක් සහ බෙදාහරින මධ්‍ය ස්ථානයකි. එම වාර්තාවට අනුව විෂම ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇමරිකානු ආර්ථිකයේම පැතිකඩක් බව පෙනී යයි. ඊට හේතුව රට තුළ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය, බෙදා හැරීම කළමනාකරණය කිරීම සහ ජාවාරම් කිරීම මගින් ලැබෙන ලාභය හැසිරවීම හෙවත් ආයෝජනය කිරීම ද සිදුවන බව එම වාර්තා මගින් පෙන්වා දීමය.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව එල්ල කරනු ලබන චෝදනා ව්‍යාජ සහ පදනම් විරහිත බවය. නමුත් එම චෝදනා යටතේ ඔහු වරදකරු බවට පත් කරන්නේ වෙනිසියුලාවට කඩා වැදීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණී කරණය කිරීමට බව ද ඉතා පැහැදිලිය. ඊට අමතරව රට තුළ අර්බුද නිර්මාණය කර ආණ්ඩු මාරුවක් සිදු කිරීමේ උත්සාහය ද අඛණ්ඩව සිදුවිය. එම ක්‍රියාවලිය තුළ වර්ණ විප්ලව ආකෘතිය යොදා ගැනීම සඳහා විපක්ෂයේ මරියා කොරෝනා මචාඩෝ වැනි දේශපාලන චරිත යොදා ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවනු ලැබීය. පසුව ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ ද ඒ ආකාරයට ඇමරිකානු න්‍යාය පත්‍රයට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරීමට සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට නායකත්වය දීම නිසා බව දැත් රහසක් නොවේ.

එසේ වුවත් රට තුළ අර්බුද නිර්මාණය කිරීමට පහසු වී ඇත්තේ දීර්ඝකාලීනව සමාජ ආර්ථික ව්‍යුහයේ පවතින ගැටලු විසදීමට ඉඩ නොලැබීම නිසා බව ඉතා පැහැදිලිය. වෙනිසියුලාවේ ජනගහනයෙන් 88% ක් නාගරිකව ජීවත් වන අතර කෘෂිකාර්මික නිෂ්පාදනය දළ ජාතික නිෂ්පාදනයෙන් 4%කි. ඒ අනුව රටේ උද්ධමනය ඉතා ඉහල අගයක් ගැනීම තුළ පළමුවෙන්ම පීඩාවට සහ අසහනයට පත්වන්නේ අඩු ආදායම්ලාභී නාගරික වැසියන්ය. ඒ නිසා වර්ණ විප්ලව සඳහා ඔවුන්ව යොදා ගැනීමේ වැඩි හැකියාවක් ලැබී ඇත.

ඒ සියලු තත්වයන්ට අමතරව වෙහිසියුලාවේ වාමාංශික සහ ජාතිකවාදී ජනාධිපතිවරුන් වන හියුගෝ චාවේස් සහ නිකලස් මදුරෝ යන නායකයින් දෙදෙනාම ඇමරිකානු උදහසට ලක්වීම සඳහා චීන - වෙනිසියුලානු සබඳතා ද හේතුවන බව ඉතා පැහැදිලිය. වෙනිසියුලාවේ චීනයේ හතරවන විශාලතම තෙල් අපනයනකරුවා බවට පත් වූ අතර වෙනිසියුලාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එක්ව චීන - වෙනිසියුලානු ඒකාබද්ධ අරමුදල පිහිටුවනු ලැබීය. එසේම 2010 ආර්ථික සහ මූල්‍ය අර්බුදය ජය ගැනීම සඳහා චීනය විසින් ඩොලර් බිලියන 10 ක ණයක් සහන පොලියට ලබා දුනි. ඊට අමතරව චීන වෙනිසියුලානු ඒකාබද්ද ආයෝජන ව්‍යාපෘතියක් යටතේ දිනකට කණිජ තෙල් බැරල් 450,000 නිපදවීම සඳහා ඩොලර් බිලියන 16ක ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ සියල්ල මගින් ඇමරිකානු උදහස වර්ධනය වන බව සරල සත්‍යයකි.

එම සමස්ත ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය වන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසිදු ප්‍රකෝප කිරීමක් නොමැතිව ස්වෛරී රාජ්‍යයක සිවිල් සහ මිලියරි ඉලක්කවලට පහර දෙමින් ස්වෛරී රාජ්‍යයකට කඩා වැදී 80 කට අධික සිවිල් වැසියන් ඝාතනය කර, එම රටේ නීත්‍යානුකූල පාලකයා අත්අඩංගුවට ගෙන රටින් පිටතට රැගෙන යාමය. මීට පෙර ඉරාකය සහ ලිබියාව වැනි රටවල පාලකයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සිදුවූයේ විවිධ හේතුමත සාධාරණී කරණය කළ සාම්ප්‍රදායනු කූල ආක්‍රමණයක දීර්ඝ කාලීන අවසන් ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම ඉතාම නරක පූර්වාදර්ශයක් බවට විවාදයක් නැත. එ‌හෙත් කණගාටුවට කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අංශ භාගයට ගොදුරු වී වික්ෂිප්තව බලා සිටීමය.

මේ වන විට චීනය සහ රුසියාව ඒ ආකාරයට ඇමෙරිකාව විසින් ජාත්‍යන්තර සම්මුතීන් සියල්ල උල්ලංඝනය කරමින් ආක්‍රමණ ශීලීව කටයුතු කිරීම පිළිබඳ තම විරෝධය පළ කර ඇත. නමුත් මේ වනතුරු ඊට අදාළව ආරක්ෂක මණ්ඩලය හෝ මහා මණ්ඩලය කැඳවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර නැත. මෙම තත්ත්වය ඉතා බරපතළ නරක පූර්වාදර්ශයක් බවට පත්වන බවට සැකයක් නැත. ඒ මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජාතීන්ගේ විශ්වාසය බිඳ වැටෙනු ඇත. එවැනි තත්වයක් තුළ ලෝක සාමයට බරපතළ තර්ජනයක් එල්ලවන බවට ද විවාදයක් නැත. ඒ සියල්ල මගින් පැහැදිලි වන්නේ නව අධිරාජ්‍යවිරෝධී ගෝලීය සන්ධානයක් ගොඩ නැගීමස සඳහා ස්වෛරී රාජ්‍යයන් මැදිහත්විය යුතු බවට ගෝලීය ජනමතයක් ගොඩනැගිය යුතු බව නොවේද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

2026.01.07

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.
අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.