කවුරු මොන උත්සාහයක් ගත්තත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපසු හරවන්නේ නෑ – ජනපති අනුර කියයි
දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය තුළ සිදු කරන වෙනස්කම් හැකිලීමට කවුරුන් උත්සාහ කළත් එහි වෙනසක් සිදුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(9) පැවසීය.
ආපදා ව්‍යසනයෙන් හානියට පත්වූ නිවාස සඳහා වන්දි ප්‍රදානයත් නිවාස ඉදිකිරීම ඇරඹීමත් සිදු කරමින් ගල්නෑව හා රාජාංගණය ප්‍රදේශවල පැවැති වැඩසටහන්වල සමාරම්භක අවස්ථාවන්ට එක්වෙමින් ඔහු මේ බව කීය.
"අපිට මූලික අවශ්‍යතාවයන් කිහිපයක් තිබෙනවා. අපිට හොඳ ආදායමක් අවශ්‍යයි. එසේම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, හොඳ නිවසක් සහ මානසික සුවයක් අවශ්‍යයි. අවම වශයෙන් මේ කරුණු 05වත් ඉටු නොවුණහොත් අපි මිනිසුන් ලෙස ජීවත් වන්නේ නැහැ. ඒ නිසා අපේ ආණ්ඩුවේ මුලික අභිප්‍රාය වන්නේ මේ කාර්යයන් ඉටු කර දීමයි.
දීර්ඝ කාලයක් අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අපි කවුරුත් සෑහීමකට පත් වන්නේ නැහැ. මෙය දෙමව්පියන්ට බරක් සහ දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපන ක්‍රමය සාර්ථකයි නම් අපිට මීට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්න තිබුණා. අධ්‍යාපනඥයන් විසින් කාලාන්තරයක් තිස්සේ මේ අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් පිළිබඳ සාකච්ඡා කළා. අපි ඒ අලුත් වෙනසට අත තබා තිබෙනවා. හැබැයි ඊට විවිධ අවලාද, අසත්‍ය පතුරවමින් කිසිදු පදනමක් නැති කරුණු කියන්න පටන්ගෙන තිබෙනවා. අපේ අභිප්‍රාය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ වගේම දුප්පත්කමේ විෂම චක්‍රයෙන් ගොඩ ඒමට තිබෙන මාවත දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි.
ඒ නිසා ජාත්‍යන්තරව පිළිගත් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදිය යුතුයි. කවුරු මොන විදියට එම වෙනස්කම් හැකිළීමට උත්සාහ ගත්තද අපි ඒ වෙනස්කම් ඇති කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..