වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කරයි..
වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ෆැවියර් මාර්කානෝ තාබාතා ධුරයෙන් ඉවත් කර තිබේ.
ජෙනරාල් මාර්කානෝ ඉවත් කිරීමේ නියෝගය නිකුත් කරන ලද්දේ එරට නව අන්තර්වාර ජනාධිපති ලෙස පත් වූ ඩෙල්සි රොඩ්රිගස් විසින් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ජනාධිපති ආරක්ෂක බලකාය යනු එරට රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සඳහා පත් කර ඇති විශේෂ හමුදා ඒකකයකි.
මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී වෙනිසියුලා පාර්ශ්වයට සිදු වූ මරණ 100ක් බව පැවසෙන අතර, මියගිය පිරිස අතර එම ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද සිටින බව විශ්වාස කෙරේ.
මදුරෝගේ සමීපතම සගයෙකු ලෙස සැලකෙන නව අන්තර්වාර ජනපතිනිය මීට පෙර එරට උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළාය.
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් වෙනිසියුලාව පාලනය කරන බවත්, තමන් රොඩ්රිගස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
ලොව විශාලතම තෙල් සංචිත සහිත වෙනිසියුලාවේ තෙල් සම්බන්ධයෙන් ඇමරිකානු ඉල්ලීම්වලට රොඩ්රිගස් එකඟ නොවන්නේ නම්, ඇයට මදුරෝට වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ට්‍රම්ප් එහිදී අනතුරු ඇඟවීය.
වෙනිසියුලාව ඇමරිකාවට තෙල් බැරල් මිලියන 50ක් දක්වා ලබා දෙනු ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා පැවසුවද, වෙනිසියුලානු අන්තර්වාර රජය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අන්තර්වාර ජනාධිපති ලෙස පත් කළ දින සිට රොඩ්රිගස්ගේ ප්‍රකාශයන් වරෙක දැඩි විරෝධයක් ද තවත් වරෙක සමගිශීලී ස්වරූපයක් ද ගෙන තිබේ.
මදුරෝ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී පැහැර ගැනීමක් ලෙස ඇය හෙළා දුටු අතරම, සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සඳහා තම රජය ඇමරිකානු රජයට ආරාධනා කරන බව ද ඇය පැවසුවාය.
ඇය රට පාලනය කරන ආකාරය සහ ඇගේ රජය තුළ යම් මතභේද පවතින්නේ ද යන්න පිළිබඳව වෙනිසියුලාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..