
වැට් බදු පනත අද සම්මත කරනවාමයි- ආණ්ඩු පක්ෂයේ සංවිධායක
පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වැට් බදු පනත පාර්ලිමේන්තුවට යළි ඉදිරිපත් කරන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේ අරමුණින් බව අවධාරණය කරන ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටියදී විපක්ෂය එය හිතා මතාම තඩාකප්පල් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවද සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රට තුළ යම් ආර්ථික ස්ථාවරයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. රට මුහුණ පා සිටින ආර්ථික බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඕනෑම අයෙක් පිළිගන්නා කරුණකි. එය මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා පිටිවහලක් වනු ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමෙන් දැනට අඩාල වී ඇති මෙරට සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇත. සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වනු ඇති අතර මෙරට ආයෝජනය සඳහා විදෙස් ආයෝජකයන් යළි මෙරටට පැමිණිමටද මෙම එකඟතාවයන් ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ආණ්ඩුවට ඇතැම් අවස්ථාවන් වලදී ජනතාවගේ පැත්තෙන් සිතා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමටද සිදුවන බවත් ආණ්ඩුවකට හැමවිටම ජනප්‍රිය තීන්දු පමණක් ගත නොහැකි බවත් පෙන්වා දෙන ඇමතිවරයා වැට් බදු පනත සම්මත කර ගැනීම ජනප්‍රිය තීන්දුවක් නොවන බව දන්නා නමුත් එය සම්මත කර ගැනීමට කටයුතු කරන්නේ මෙරට ජනතාවගේ පැත්තෙන් සිතා බවද අවධාරණය කරයි.
සභාව කල් තැබීමෙන් අනතුරුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ තමන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඒ අනුව වැට් බදු පනත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
