පෞද්ගලික රෝහල්වලට රජයේ රෝහල් තුළ ව්‍යාපාර අවස්ථා දීම නිදහස් සෞඛ්‍ය සේවාවට එල්ල කරන බරපතළ අභියෝගයක් - වෛද්‍ය චමල් සංජීව
රජයේ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට, පෞද්ගලික අංශයට රජයේ රෝහල් තුළ සේවා සැපයීමට අවස්ථාව ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නව කැබිනට් පත්‍රිකාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට එල්ල කරන බරපතළ අභියෝගයක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, මෙමගින් රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැලසීමට රජය අසමත් වී ඇති බව තහවුරු වන බවයි.
වත්මන් සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින පරිපාලනමය සහ මූල්‍යමය අකාර්යක්ෂමතාව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම මෙම කැබිනට් පත්‍රිකාව හරහා වක්‍රව පිළිගෙන ඇති බව වෛද්‍යවරයා සඳහන් කරයි.
සෞඛ්‍ය ආර්ථික විද්‍යා විශ්ලේෂණවලට අනුව රාජ්‍ය අංශය මගින් සේවා සැපයීමේ පිරිවැය අවම වුවද, පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමේදී එම පිරිවැය බෙහෙවින් ඉහළ යන බවත්, ඒ පිළිබඳව විෂය ප්‍රවීණයන්ගේ අධ්‍යයනයකින් තොරව මෙවැනි තීන්දු ගැනීම ප්‍රශ්න සහගත බවත් ඔහු පෙන්වා දෙයි.
රට තුළ පවතින ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් සෙවීමට රජය අසමත් වී ඇති බව පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා දිවයින පුරා පවතින උග්‍ර ඖෂධ හිඟය , CT සහ MRI වැනි විකිරණ තාක්ෂණ පරීක්ෂණ සිදුකිරීමේ අර්බුදය, ශල්‍යකර්ම සඳහා පවතින දීර්ඝ පොරොත්තු ලේඛන, ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල රසායනාගාර පරීක්ෂණ අඩාල වීම, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යාම ගැටළුවලට විසදුම් නැති බවත් පැවසුවේය.
සෞඛ්‍ය පද්ධතියේ මෙම බිඳ වැටීමට වගකිවයුතු නිලධාරීන් තවදුරටත් ඉහළ තනතුරුවල රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව හෙතෙම සඳහන් කළේය.
එබැවින්, අදාළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසත්, ඒ පිළිබඳව විධිමත් ඇගයීමක් සිදුකිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කරන ලෙසත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..