News Category
From Date
To Date
Maximum Number of Result

විසඳුම් නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා - GMOA අනතුරු අඟවයි..

Jan 8, 2026 at 10:08 AM
|

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණ.  

පසුගිය නොවැම්බර් මාසයේදී ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය  යෝජනාවලිය තුළ,  මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුල සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් සහ විරෝධතාවයක් ඇති විය.

රෝහල් පද්ධතියේ ගැටලු හදුනාගනිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවස්ථා ගණනාවකදි තොරතුරු සහ යෝජනා ලබා දී තිබියදීත් අයවැය ලේඛනය තුල නිදහස් සෞඛ්‍ය සේවාව නොසලකා හැර තිබිම කිසිසේත් නිහඩව සිටිය හැකි ප්‍රවණතාවයක් නොවේ. 

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීම සහ යහපත් වෘත්තීය පරිසරයක් බිහිකිරීම තුල රට තුල වෛද්‍යවරුන් රැදි සිටිම දිරිමත් කරන ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාල රාමුවක් ද සහිතව එකඟතාවය ලිඛිතව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලදී.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සම්බන්ධයෙන් වු රජයේ ප්‍රතිපත්තිමය එකඟතාවය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයට පත් කරන ලදී.

එම ප්‍රතිපත්තින් ක්‍රියාවට නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය සාකච්ඡා 2026.01.05 වැනි දින සිට ආරම්භ කිරීමටත්, මාස 03 ක කාලයක් තුල විසඳුම් ප්‍රකාශයට පත්කිරීමටත් ලිඛිතව එකඟතාවය ලබාදෙන ලදී.

එහෙත් මේ වන විට එම එකඟතාවයන් කඩ කරමින් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වන අතර වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින් රවටමින් නිදහස් සෞඛ්‍ය සේවාව දුර්වල කරමින් ප්‍රතික්ශේපිත දේශපාලන සංස්කෘතිය අනුගමනය කිරීමේ ප්‍රවණතාවයක් ක්‍රියාත්මක වන බව තහවුරු වෙමින් පවති.

සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටලු විසඳීමේදී වඩා නම්‍යශීලී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතු කරන පසුබිමක රජයේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇතුළු වගකිවයුත්තන්ගේ වෘත්තිමය නොවන සහ විශ්වාසය බිඳවැටෙන සුලු හැසිරීම සහ වැඩපිළිවෙලත්, උද්ගතවී ඇති ප්‍රවණතාත් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේදි පැවැත්වෙන ලදී.

එහිදි රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම් විරහිත සහ විශ්වාසය කඩවන හැසිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ බරපතල අප්‍රසාදය පල කරන ලදී.

මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ හදිසි සාකච්ඡාවකට ආරාධනා කර ඇති අතර එහිදි, සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීමට, වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීමට, 22/99 චක්‍රලේඛයට වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීමට සහ අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීමට අදාල ක්‍රියාමාර්ග කාලරාමුවක්ද සහිතව ප්‍රකාශයට පත් කල යුතු බව මධ්‍යම කාරක සභාවේ තීරණයයි.   

එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මුදල් අමාත්‍යංශය සමඟ ආරම්භ කිරීම සඳහා නිශ්චිත කාල රාමුවද ප්‍රකාශයට පත් විය යුතුය.

මෙම ගැටලු සඳහා එලඹෙන 2026.01.12 දින වන විට නිශ්චිත විසදුම් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉන් ඔබ්බට ඕනෑම ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත එළඹිමට මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තිරණය කරන ලදි.

එහිදි, පසුගිය නොවැම්බර් මාසයේදි ක්‍රියාත්මක කර තාවකාලිකව අත්හිටුවන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව නැවත ආරම්භ කිරීමටත් ඊට අමතරව නව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලඹිමටත් තිරණය වූ අතර ගැටලු විසඳිම සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සද්භාවයෙන් මැදිහත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට විධායක සභාවට බලය පැවරීමට මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලදී.  

රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් රොහින්ග්‍යා සරණාගතයෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබීමත් සමඟ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ පිවිසුම ආසන්නයේදී ඇමරිකානු Saildrone Explorer ඔත්තු බැලීමේ යානයක් විනාශ කළ බවයි. එම යානය මුහුදේ ගිනි ගනිමින් තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද එම සංවිධානය විසින් නිකුත් කර තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
අමෙරිකාවේ සිදුවූ ඓතිහාසික සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද දින විශේෂ අනුස්මරණ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.