News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් මිලියන 200ක කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය බිල්ලට දීමේ “හරනිගේ” කුමන්ත්‍රණය පරදවමු... - විමල් වීරවංශ

Jan 7, 2026 at 03:55 PM
|

වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියගේ නායකත්වයෙන් මේ “පුනරුද රජය” හඳුන්වා දී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට නිදහස් අධ්‍යාපන විනාශකර, මේ රටේ නැති බැරි අහිංසක බහුතර ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට එන්නට තිබෙන මාවත හා එම අයිතිය අහුරා, අක්මුල් නැති ඉතිහාසයක්, සභ්‍යත්වයක් සදාචාරයක් නොදන්නා “බමුණු කුලයකට” අධ්‍යාපනයේ මංමාවත් විවර කරන භයානක සංශෝධන ඇතුළත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. 

අද (07) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන සංශෝධනයේ මුවාවෙන් මේ රටට නොගැළපෙන අධ්‍යාපන පිළිවෙතක් හඳුන්වා දීමට කැස කවන වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය එම තනතුරින් පන්නා දැමීම සඳහා රජයට බලපෑම් කිරීමට, විපක්ෂයේ සියලුම පක්‍ෂ වාද භේද අමතක කර එක්වන ලෙසට ආරාධනයක් ද කරමිනි. 

අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කර ඒ මතට මේ රටේ සංස්කෘතියට හා සදාචාරයට මෙන්ම සභ්‍යත්වයට නොගැලපෙන, බටහිරින් පවා ප්‍රතික්ෂේප වූ ඇතැම් විකෘති අධ්‍යාපන ක්‍රමවේද ඇතුළත් කර ඇතැයි මෙහිදී විමල් වීරවංශ පෙන්වා දුන්නේය. ඒවායේ ඇති  රටට නොගැළපෙන යෝජනා එකින් එක පෙන්වා දෙමින් මෙසේ තොරතුරු අනාවරණය කළ වීරවංශ මහතා,  රටේ ජනතාවගේ ආර්ථික මට්ටම ආදායම් තත්ත්වය හා සමාජමය තත්ත්වය නොවිමසා, පැසැල්වල අඩු පහසුකම් නොසලකා  දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේද අතරට බලහත්කාරයෙන් තාත්ෂණය හා නූතන “ස්මාර්ට් ඩිජිටල්” ක්‍රමවේද ඇතුළත් කිරීම් ගැන අප්‍රසාදය පළ කරමින් මෙසේ කීවේය...

“අද ගමේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට කොම්පියුටර්, ටැබ්, ස්මාර්ට් ෆෝන් තියෙනවද? ස්මාට් ෆෝන් තියනවද. QR කේත ස්කෑන් කරන්න ඔවුන්ට හැකියාව තියෙනවද? රජයෙන් මේ පහසුකම් දීලා තියෙනවද?

අද රටේ 52%ක් ජීවත් වෙන්නේ පිනට දෙන සොට්ටමෙන්. එහෙම අයට තම දරුවන්ට කොම්පියුටර් ටැබ් smartphone අරගෙන දෙන්න පුළුවන්ද...මේ ක්‍රමයෙන් දුප්පත් දෙමාපියන් ක්‍රමයෙන් දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නෙ නැද්ද. මට නම් මේක පේන්නේ දුප්පත් පොහොසත් භේදය තවත් ගැඹුරු කරලා, දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදපු උප්පරවැට්ටියක් වගේ. අන්න ඒ නිසා අපි මේ ප්‍රතිසංස්කරණවලට එකහෙලාම විරුද්ධයි.”

 නොගැළපෙන අධ්‍යාපන ක්‍රමවේද බලෙන් පැටවීමට මේ ප්‍රතිසංස්කරණ තුළ සුලසුම් ඇති අතර, ඒ මතට නොගැලපෙන ඉංග්‍රීසි මොඩියුලයක් හරහා දරුවන් සමලිංගික සේවනයට පොළඹවන වෙබ් අඩ වියකට යොමු කර ඇති බවත්, එහි ප්‍රොෆයිල් එකක් සකසන ආකාරය පවා දරුවන්ට උගන්වා ඇති බවත් වීරවංශ මහතා අනාවරණය කළේය. මෙහි වගකිවයුත්තන් රජය හඳුනාගෙන සිටියද ඔවුන්ගේ නම් හෙළි නොකිරීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

“ඔබ දන්නවා ඉතිහාසයේ කවදාක්වත් කිසිම අධ්‍යාපන වෙනස්කමකදී අහන්න නොලැබිච්ච දෙයක් තමයි මෙවර අහන්න ලැබුණේ. පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ අනාවරණය කළා ඒ එක මොඩියුලයක, හය වසර ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක “සමලිංගික සේවනයට” දරුවන් පොළඹවන එක්තරා “වෙබ් අඩවියකට” දරුවන්ට ඔවුන්ගේ ප්‍රොෆයිල් එක පවා හදලා, තමන්ගේ පුද්ගලික විස්තර පවා දත්ත ඇතුළත් කරලා ඒක පරිශීලනය කරන ආකාරය පෙන්වා දීලා තිබුණා. දැන් යම්කිසි විදියකට මේ කේතය වැරදීමකින් ආවයි කියලා කියනවා නම් ඒක පොඩ්ඩක් හරි අපිට සලකා බලන්න පුළුවන්. නමුත් ඒ කේතය පමණක් නෙවෙයි, ඒ වෙබ් අඩවියට ඇතුල් වෙන්න ඕන කරන ප්‍රොෆයිල් එක පවා දරුවන්ට හදන හැටි කියලා දීලා තියෙනවා. 

ඉතින් එතකොට මේක එන්නේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසිවලට. එතකොට මේකේ බොහොම සූක්ෂම උවමනාවක් අරමුණක් තියෙනවා. දැන් විජිත හේරත් මහත්තයා කියනවා මේ හොයාගත්තලු වැරැද්ද කරපු කෙනා, හැබැයි නම කියන්න බැරිලු. කියන්න බැරි කිව්වොත් රෙද්ද ගැලවෙන හින්දා.

වැරැද්ද නෙවෙයි, ඒගොල්ලෝ කියපු විදිහට වැඩේ කළා. වැඩේ කරපු මිනිහා දැන් කවුද කියලා දන්නවා. දන්න මිනිහා කවුද කියලා කිව්වොත් ඔක්කොම රෙද්ද ගැලවෙනවා. ඒ නිසා තමයි “කියන්න බැහැ” කියලා කියන්නේ. මොකද මේ රටේ දරුවන්ට, දෙමාපියන්ට අයිතියක් නැද්ද මේ වගේ බරපතල වැරැද්දක් “මොඩියුල වලට ඇතුළත් කරපු” කෙනා කවුද කියලා දැනගන්න? එතකොට මේගොල්ලෝ අද ඉතාම උද්දච්ච මනසින් මේ සියල්ල, තමන් සියල්ල දන්නවා කියන විදිහට කරන්න ගිහිල්ලා හත් පොළේ ගාගෙන තියෙනවා. මේ රටේ දරුවන්ගේ අනාගත ඉරණමත් එක්ක විශාල ව්‍යසනකාරී අත්හදා බැලීමකට ගිහිල්ලා තියෙනවා.”

මෙතෙක් ඉතිහාසය විෂය යටතේ මෙරට අභීත රජවරුන් සහ ශිෂ්ඨාචාරය පිළිබඳව ඉගැන්වූ කරුණු ඉවත් කර, ඒ වෙනුවට 'ඇමීබාවන්' සහ ජීව විද්‍යාත්මක පරිණාමය ඉතිහාසය ලෙස ඉගැන්වීමට කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය.

නව අධ්‍යාපන මොඩියුලවල වැරදි 150කට අධික ප්‍රමාණයක් පවතින බවත්, ඒවා සකස් කිරීම සඳහා උපදේශකයන් තෝරාගත් නිර්ණායක සහ ඔවුන්ට ගෙවූ දීමනා හෙළි කළ යුතු බවත් ඔහු පැවසීය. බොහෝ පිටපත් AI තාක්ෂණයෙන් ඉංග්‍රීසි බසින් පරිවර්තනය කර ඇති බවද මෙහිදී හෙළි විය.

දුප්පත් දරුවන් අධ්‍යාපනයෙන් කොන් කිරීමට QR කේත සහ තාක්ෂණික මෙවලම් මත පදනම් වූ මෙම ක්‍රමය නිසා ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් පහසුකම් නොමැති දුප්පත් දරුවන් අධ්‍යාපනයෙන් විතැන් වන බවත්, මෙය ධනවතුන් සඳහා පමණක් වූ 'බමුණු කුලයක්' නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙනුවෙන් සහ ලිංගික දිශානතිය පිළිබඳ කොන්දේසි මත ලෝක බැංකු ආධාර ලබා ගැනීමට රජය දරුවන්ගේ අනාගතය බිල්ලට දී ඇති බවට ඔහු චෝදනා කළේය.

මේ හේතුවෙන් වත්මන් අධ්‍යාපන ඇමතිනිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඇය ඉවත් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඒකාබද්ධ සටනක් ආරම්භ කිරීමට සියලු දේශපාලන පක්ෂවලට සහ වැඩිහිටි පරම්පරාවට තමන් ආරාධනා කරන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා 

පවත්වන ලද මාධ්‍ය හමුවේ 

සම්පූර්ණ හෙළිදරව්ව පහත දැක්වේ.

“සුභ උදෑසනක් වේවා මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. අද මෙම මාධ්‍ය සාකච්ඡාව සමග මා සමඟ එකතු වෙනවා මොරටුව මහානගර සභාවේ ජාතික නිදහස් පෙරමුණේ නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්ද්‍රික සහෝදරයා, ඒ වගේම කොළඹ මහානගර සභාවේ පසුගිය පළත්පාලන මැතිවරණයට කොළඹ මහානගර සභාව වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණෙන් තරග කරපු ගයාන් කුලසේන සහෝදරයා. 

ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව ඔබ මගින් පොදු ජනතාවගේ අවධානය යොමු කර ගැනීම සඳහායි මේ මාධ්‍ය සාකච්ඡාව අපි විශේෂයෙන්ම කැඳවීමට කල්පනා කළේ. 

මූලිකවම ඔබ දන්නවා අද මේ රටේ ඉතා බලවත් ලෙස ආණ්ඩුව තුළ තිබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නය “හත් පොළේ ගාගත්තු තත්ත්වයකට” අද මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඔවුන් වැටිලා තියෙන ඒ ඉරණමෙන් ගැලවෙන්න දරන සෑම ප්‍රයත්නයක්ම හත් පොළොවල්වලට අමතරව තව තවත් පොළොවල්වල අතුල්ලා ගන්නා ඉරණමකට ඇදගෙන වැටිලා තියෙනවා. 

රටක අධ්‍යාපනයේ පරිවර්තනයක් ප්‍රතිසංස්කරණයක් කරනවයි කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඉතාම ගැඹුරින් සාකච්ඡා කොට සංවාදය කොට කිසිම අඩුපාඩුවක් නොවෙන අන්දමින් සිදු කළ යුතු දෙයක් රටක අධ්‍යාපනයේ සිදු කරන ඕනෑම වෙනසක්.

ඒකට ඒ තරම් බරපතල අවධාරණයක් අපි දෙන්නේ ඇයි? ඒකේ සිදුවෙන කිසියම් හෝ දුර්වලකමක් හෝ අඩුපාඩුවක් හෝ වැරැද්දක් මුලුමහත් පරම්පරා කීපයකම ඉරණමට තීරණාත්මකව බලපාන නිසා. ඒ නිසා තමයි අපි හිතනවා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වීම පිළිබඳව නෙවෙයි අපේ ගැටලුව, සිදු කරන ප්‍රතිසංස්කරණය නියමානුකූලව ඉතාම වගකීමෙන් ඒ වගේම ඉතාම ප්‍රශස්ත ප්‍රතිඵලයක් රටට දරුවන්ට උදා කර දෙන්නක් බවට මේ ප්‍රතිසංස්කරණ පත්විය යුතුයි. 

එහෙම නොමැතිව කිහිප දෙනෙක්ගේ කඩිකුලප්පුවකට, ඔවුන්ට තියෙන මේ කඩිකුලප්පුවකට ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බවෙන ඩොලර් මිලියන 200ට පෙරේතකමින් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට දෙන්න කවුරු හරි තීරණය කරනවා නම් ඒකට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. ඒක වළක්වාලීම වැඩිහිටි පරම්පරාවේ වගකීමක්. තමන්ගේ දරුවන්ව ඇතිදැඩි කරලා පාසලට නිදහස් අධ්‍යාපනයට යවන්නේ ඒ දරුවන් හොඳ ප්‍රශස්ත මානව සම්පතක් බවට පත් කර ගැනීමේ පරමාර්ථයෙන්. නමුත් ඒ උවමනාවෙන් පාසලට යවන දරුවාව “විසකුරු අරමුණු” වෙනුවෙන් පාවිච්චි වෙනවා නම්, ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන්, ඒකට වැඩිහිටි සමාජය කිසි ලෙසකින්වත් ඉඩදිය යුතු නැහැ.

ඔබ දන්නවා ඉතිහාසයේ කවදාක්වත් කිසිම අධ්‍යාපන වෙනස්කමකදී අහන්න නොලැබිච්ච දෙයක් තමයි මෙවර අහන්න ලැබුණේ. පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ අනාවරණය කළා ඒ එක මොඩියුලයක, හය වසර ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක “සමලිංගික සේවනයට” දරුවන් පොළඹවන එක්තරා “වෙබ් අඩවියකට” දරුවන්ට ඔවුන්ගේ ප්‍රොෆයිල් එක පවා හදලා, තමන්ගේ පුද්ගලික විස්තර පවා දත්ත ඇතුළත් කරලා ඒක පරිශීලනය කරන ආකාරය පෙන්වා දීලා තිබුණා. දැන් යම්කිසි විදියකට මේ කේතය වැරදීමකින් ආවයි කියලා කියනවා නම් ඒක පොඩ්ඩක් හරි අපිට සලකා බලන්න පුළුවන්. නමුත් ඒ කේතය පමණක් නෙවෙයි, ඒ වෙබ් අඩවියට ඇතුල් වෙන්න ඕන කරන ප්‍රොෆයිල් එක පවා දරුවන්ට හදන හැටි කියලා දීලා තියෙනවා. 

ඉතින් එතකොට මේක එන්නේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසිවලට. එතකොට මේකේ බොහොම සූක්ෂම උවමනාවක් අරමුණක් තියෙනවා. දැන් විජිත හේරත් මහත්තයා කියනවා මේ හොයාගත්තලු වැරැද්ද කරපු කෙනා, හැබැයි නම කියන්න බැරිලු. කියන්න බැරි කිව්වොත් රෙද්ද ගැලවෙන හින්දා.

වැරැද්ද නෙවෙයි, ඒගොල්ලෝ කියපු විදිහට වැඩේ කළා. වැඩේ කරපු මිනිහා දැන් කවුද කියලා දන්නවා. දන්න මිනිහා කවුද කියලා කිව්වොත් ඔක්කොම රෙද්ද ගැලවෙනවා. ඒ නිසා තමයි “කියන්න බැහැ” කියලා කියන්නේ. මොකද මේ රටේ දරුවන්ට, දෙමාපියන්ට අයිතියක් නැද්ද මේ වගේ බරපතල වැරැද්දක් “මොඩියුල වලට ඇතුළත් කරපු” කෙනා කවුද කියලා දැනගන්න? එතකොට මේගොල්ලෝ අද ඉතාම උද්දච්ච මනසින් මේ සියල්ල, තමන් සියල්ල දන්නවා කියන විදිහට කරන්න ගිහිල්ලා හත් පොළේ ගාගෙන තියෙනවා. මේ රටේ දරුවන්ගේ අනාගත ඉරණමත් එක්ක විශාල ව්‍යසනකාරී අත්හදා බැලීමකට ගිහිල්ලා තියෙනවා. 

අපි දන්නවා මේ මොඩියුල විශාල ප්‍රමාණයක් පරිශීලනය කරලා බලපුවාම ඒවයේ වැරදි 150කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි අහන්න කැමතියි අධ්‍යාපන ඇමතිවරියගෙන්, මේ උපදේශකයන් තෝරාගත්තු නිර්ණායකය කුමක්ද? මේ මොඩියුල හදන්න. ඔවුන්ට ගෙවපු මුළු දීමනා මොනවාද? ඒවා කොච්චරද? ඒ වගේම සැපයුම්කරුවන් තෝරාගත්තු නිර්ණායක මොනවාද? ඔවුන්ට ගෙවපු මුළු දීමනා කොච්චරද? 

ඒ වගේම ඉතා පැහැදිලිව අපි කියනවා මේගොල්ලෝ කෘතිම බුද්ධිය (AI) යොදාගෙන ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ මුල් පිටපත් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා බොහෝමයක්. එතකොට එහෙම කරනවට ගෙවන්න ඕනද? ඉංග්‍රීසි මුල් පිටපත මොන රටෙන්ද ගත්තේ? කෘතිම තාක්ෂණය යොදාගෙන සිංහලට පරිවර්තනය කරා නම්, අත්දැකීම් ඇති “මිනිස් මොළවලින්” කරන වැඩවලට ගෙවුවේ ඇයි? ඒ වගේම අපි පැහැදිලිව දන්නවා “මේ ප්‍රතිසංස්කරණවලට විදේශ අරමුදල් එන්නේ නැහැ” කියලා කිව්වට, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තිබිච්ච වාර්තාවක්ම මම ඉදිරිපත් කළා ලෝක බැංකුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දුන්න මුදල කොච්චරද කියලා. ඒ මුදල දෙන්නේ “ලිංගික දිශානතියට” අදාළ කරුණුත් ප්‍රතිසංස්කරණයට ඇතුළත් කිරීමේ අරමුණින් කියල් මමම කරුණු සහිතව තොරතුරු අනාවරණය කළා. මීට කලකට ඉහතදී.

ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 200ක් දෙන්නේත් මේ වැඩේට. එතකොට මේ සල්ලි ටික ගන්න තියෙන පෙරේතකමට අනාගත පරපුර බිල්ලට දෙන්නද මේ හදන්නේ? ඒකටද ජනතාව මේ ආණ්ඩුවට වරමක් දුන්නේ. මේගොල්ලෝ කියනවා පුහුණු වැඩමුළු 4000 කට වඩා කළා කියලා. මේවා කොහේද කළේ? කවුද සැපයුම්කරුවෝ? කවුද සම්පත්දායකයෝ? මේ පුහුණු පාඨමාලාවලදී මේ එක වැරැද්දක්වත් නිරීක්ෂණය වුණේ නැත්තේ ඇයි? 4000ක් කළා නම් එක වරදක් හරි අහුවෙන්න එපායැ. 

දැන් මේගොල්ලෝ කියනවා... මහා කවට කතා. පරිසරයට ගිහිල්ලා ඝණ ද්‍රව වායු තුන හඳුනාගන්න කිව්වම, ඝණ ද්‍රව දෙකක් හඳුනාගත්තාලු. වායුු එකක් නැහැ කියලා තේරුම් ගන්න එකට තමයි ඒක දැම්මේ කියනවා. කොහේද ගුරුවරුන්ට දීපු මාර්ගෝපදේශවල එහෙම දාලා තියෙනවද? කටට එන උත්තර දෙනවා උත්තර නැති වුණාම. අර අධ්‍යාපන ඇමතිනි හිනාවෙනවා හක හක ගාලා...

දැන් බලන්න මේ ඉතිහාසය. මේකේ පටුනේ තියෙනවා “ජීවයේ කතන්දරය”, 'ජීවය බිහිවීමට පෙර පරිසරය”,....

පියවර 1.  ප්‍රවේශය 

පියවර 2.  පෘථිවිය හැදුණු හැටි. 

පියවර 3. පෘථිවිය මත ජීවීන් බිහිවීම.

පියවර 4. මුල්ම ජීවීන්.

පියවර 5. ගොඩබිම මත ශාක හටගැනීම.

පියවර 6. ගොඩබිම මත සතුන් පහළ වීම.

පියවර 7. මිනිසා බිහිවූ පරිසරය.

රටක ඉතිහාසය කියලා කියන්නේ මේවද... “ඇමීබාවෝ” ගැන උගන්වන එකද? මෙන්න බලන්න මීට කලින් තිබුණු පෙළපොතේ පටුන. තිබුණේ මුලින්ම ඉතිහාසය හැඳින්වීම, ඉතිහාසය යන් කුමක්ද.., ආදි මිනිසා, ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර, ශ්‍රී ලංකාව ජනාවාස වීම, අපේ අභීත රජවරු, පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස,  දුටුගැමුණු, වළගම්බා, වසභ, මහසෙන් ධාතුසේන වැනි අපේ අභීත රජවරු ගැන තිබුණේ. දැන් මේ ඉතිහාසය කියලා මෙයාලා දරුවන්ට උගන්වන්න හදන්නේ පළවෙනි ඇමීබාවා, දෙවෙනි ඇමීබාවා, තුන්වැනි ඇමීබාවා ගැන. ඔන්න උගන්නන ඒවා.

ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටේ ඉතිහාසයට විශාල වැදගත්කමක් දෙනවා. රටක අභිමානය ගොඩනගන්නයි ඉතිහාස විෂය උගන්වන්නේ. ලොකයේ බොහෝ රටවල්වල පුරවැසිභාවය ගන්න යනකොට ඒ රටේ ඉතිහාස ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න ඕන. නමුත් මේ මෝඩ ආණ්ඩුව දරුවන්ට උගන්වන්න යන්නේ රටේ ඉතිහාසය නෙවෙයි, වෙනත් වැල්බයිලා. 

දැන් බලන්න මේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මැතිතුමා. එතුමා අහනවා.... 

“ලෝකයේ කොහේවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොර රහසේ කඩමුඩියේ, මාස කිහිපයකින් හදලා පාසල් පද්ධතියට දාලා නැහැ. එහෙම තියෙනවද කියලා. ඒ වගේම ඒ ප්‍රතිසංස්කරණ වල මේවගේ මූලික වැරදි දක්නටත් නැහැ. නමුත් මේවා... මේ කරන්න යන ප්‍රතිසංස්කරණ ඕන කාටද... ඇයි ඒවා මේවට ඇතුළත් කරන්නේ. 

අද ගමේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට කොම්පියුටර්, ටැබ්, ස්මාර්ට් ෆෝන් තියෙනවද? ස්මාට් ෆෝන් තියනවද. QR කේත ස්කෑන් කරන්න ඔවුන්ට හැකියාව තියෙනවද? රජයෙන් මේ පහසුකම් දීලා තියෙනවද?

අද රටේ 52%ක් ජීවත් වෙන්නේ පිනට දෙන සොට්ටමෙන්. එහෙම අයට තම දරුවන්ට කොම්පියුටර් ටැබ් smartphone අරගෙන දෙන්න පුළුවන්ද...මේ ක්‍රමයෙන් දුප්පත් දෙමාපියන් ක්‍රමයෙන් දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නෙ නැද්ද. මට නම් මේක පේන්නේ දුප්පත් පොහොසත් භේදය තවත් ගැඹුරු කරලා, දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදපු උප්පරවැට්ටියක් වගේ. අන්න ඒ නිසා අපි මේ ප්‍රතිසංස්කරණවලට එකහෙලාම විරුද්ධයි.” 

මේ කියන්නේ ගමේ පාසැලක උගෙන ගෙන උසස් අධ්‍යාපනය ලබලා පිටරට ගිහින් විදේශ අධ්‍යාපනය ලබලා ඇවිත් මේ රටට සේවය කරන උගත්තු...මහාචාර්ය ගාමිණි රාජපක්ෂ. එතකොට එතුමන්ලා වැනි අයට මේක පේනවා. මේ මේ කිසි අදහසක් තකන්නේ නැතුව සලකා බලන්නේ නැතුව විද්වතුන්ගේ අදහස් සලකා බලන්නේ නැතුව, ගුරුවරුන්ට බලහත්කාරයෙන් මේක පටවන්න හදනවා. 

විද්වතුන්ගෙන් එන මේ ප්‍රතිවිරෝධය සලකා බලන්නේ නැතුව ගුරුවරුන්ට බලහත්කාරයෙන් මේක පොවලා, පටවලා දරුවන්ගේ හිස මත මේ වසුරු හෙළන්නයි මේ  ලෑස්ති වෙන්නේ.

 අපි අහනවා මේ රටේ වැඩිහිටි පරම්පරාවගෙන්. දර්වන්ට මේ වසංගත බෝ කරනවට ඔබ සතුටුද.... විරුද්ධ පක්ෂයේ උන්දැල පාර්ලිමේන්තුවේ ඔය අධ්‍යාපනය ඇමැතිනියට එරෙහිව විශ්වාසබංග දාලා විතරක් හරි යන්නේ නෑ  . 

මේ අධ්‍යාපන අමාත්‍යාංශ වටකරගෙන ඉන්න ඕන තනතුරු දාලා එළියට බහිනකන් මේගොල්ලෝ. මේ වගේ මේ රටේ අධ්‍යාපනය දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලන්න නටන්න කිසිම කෙනෙකුට නැවත ඉඩ නොදිය යුතුයි. ඉඩ නොදෙන්නනම් මේකට නිසි පාඩම ඉගැන්විය යුතුයි. එහෙම නොවුනොත් මීළග වැරදි වෙන්නේ මීට වඩා බරපතඵ විදියට. 

දාලා බැලුවා “අර නෙට් එකක්” ඉංග්‍රිසි පාඩම ඇතුළය දරුවන්ගේ මොල ටික කුරවල් වෙන්න. වැඩේ පත්වුණාට පස්සේ කියනවා වැරදීමක්ලු.... කොළ කඩනවා දැන් ඒ පොත්වල. දැන් මේ එකසිය පනහකට ආසන්න වැරදි තියනවා පොත්වල. කඩන්න වෙනවා කොළ හැටහුටහමාරක් මොඩිවුල වල. ඊට අමතරව දැන් ඒ මොඩියුල පුද්ගලික කඩවල විකුණන්න දාලා.  

දරුවන්ට පෙළපොත නෑ.  මොඩිවුල ටික තියනවා විකුණන්න කඩේ.  ඊළඟට මොඩිවුල වලට අදාල තව පොත්පත් සල්ලි වලට ගන්න වෙනවා. සෙලියුලර් දුරකථන නැත්නම්, ටැබ් එක නැත්තං, lapaptop එක නැත්තම්, මේවා මේ වගේ අභ්‍යාස කරමින් අධ්‍යාපනයේ ඉදිරියට යන්න දරුවන්ට බෑ. ඒ දරුවෝ කොන් වෙනවා. ඒ දරුවො පන්ති කාමරයේ හුදෙකලා වෙනවා. තනි වෙනවා. 

මේ කරන්නේ මේ රටේ අඩු ආදායම්ලාභී,... අපි දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක අපේ රටේ ඒ කොටස තව වැඩි වුනා. 25%යි  හිටියේ අඩු අදායම්ලාබීන්. දැන් කියනවා 35% කියලාා. දැන් 50ක් පැනලා ඇති. එතකොට මේ මේ තත්ත්වයට වැටිච්ච සමාජයකට මේ වගේ නවීන තාක්ෂණික උපකරණත් එක්ක බැඳිච්ච අධ්‍යාපනයක් පටවන එක සාධාරණද.....

දුප්පත්කම වැඩි වෙච්ච රටක, තාක්ෂණික මෙවලම් එක්ක බැඳිච්ච අධ්‍යාපනයක් පටවලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ හදන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවන්ට විතරක් උඩට යන්න පුළුවන් 'බමුණු කුලයක්' මේ ක්‍රමය යටතේ ගොඩ නගන්න. 

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ අද කරන්නේ ඒ බමුණු කුලේ කොන්ත්‍රාත්තුව. ලැජ්ජයි හැමදාම නිදහස් අධ්‍යාපනය ගැන කටේ නරිවාදම් දොඩවපු උදවිය... අද තමන්ට බලය හම්බ වෙලා තියන මොහොතක ඒ බලය පාවිච්චි කරනවා දුගී දුප්පත් දරුවන්ට මේ රටේ ඉහළට යන්න තියන අධ්‍යාපන අයිතිය අහිමි කරලන්න. යමක් කමත් තියන අයගේ දර්වන්ට විකරත් මේ ක්‍රමය යටතේ උඩට යන්න පාර කපන්න. අන්තිමට බිහිවෙන්නේ රටේ ඉතිහාසයක් ගැන නොදන්න, මේ රටේ ඓතිහාසික සභ්‍යත්වය ගැන නොදන්න, සංස්කෘතිය හෝ ආගමක් දහමක් ගැන දන්නේ නැති නරුම පරම්පරාවක් බිහිකිරීමේ මුග්ද ව්‍යායාමය තමයි මේ සිදු වන්නේ.

ඒ නිසා අපි සියලු විරුද්ධ පක්ෂවලට ආරාධනා කරනවා, පාර්ලිමේන්තුවේ කතා පවත්වලා ගුස්ති අල්ලලා  විතරක් වැඩක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට ඇවිල්ලා මේ හරිනි අමරසූරිය කියන අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත්කරනතුරු, ඇමතිනිය ගෙදර යවනතුරු සටන් කරමු. අපේ දරුවන්ගේ අනාගතය වනසන ඇමතිනියට බැහැලා යන්න වෙන තත්ත්වය ඇති කරන්න පෙරමුණ ගනිමු. 

ඒ එක්සත් අරමුණ වෙනුවෙන් එකට එකතු වෙන්න ලෑස්තියයි. ඒ වැඩේ කරන්න ඕනා. එහෙම නැතුව පාර්ලිමේන්තුව කතා පැවැත්වීමෙන් විතරක් මේ කරපු වැරැද්ද නිවරදි කරන්න බෑ.... අපි ආරාධනා කරනවා සියලුම දේශපාලන පක්ෂවලට භේද වලින් තොරව, මොන මොන මත වෙනස්කම් තිබ්බත්, මේ කරන්න හදන දහදුරා වැඩේට විරුද්ධව අපි ඔක්කොම එකට එකතු වෙමු.  ඇවිල්ලා මේ හරිනි අමරසූරිය කියන ලන්සි පැපොල් ඇමතිනිය ගෙදර යවන්න ඕන කරන බලපෑම කරමු. අපි දරුවන්ගේ අනාගතය වනසන අධ්‍යාපන ඇමතිනියට බැහැලා යන්න වෙන පෙළඹවීම කරමු. අධ්‍යාපන ඇමති ගෙදර යවන සටනට අපි එකතුවෙමු නායකත්වය ගමු කියලා අපි සියලු දෙනාටම ආරාධනය කරනවා.

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය අද (24) වාර්තා කර ඇත.
ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ සහ තරඟකාරී විභාගවල ප්‍රශ්න පත්‍ර දිගින් දිගටම පිටවීමට එරෙහිව නව දිල්ලියේ ආරම්භ වූ 'කැරපොතු' අරගලය (Cockroach Protest) මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එල්ල වූ ප්‍රබලතම සහ නිර්මාණාත්මකම තරුණ අභියෝගය බවට පත්ව තිබේ.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 10ක තීරුබද්ද හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැක්කේ ඇඟලුම් ක්ෂේත්‍රයට බව නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමය පවසයි.
මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින යුදමය හා දේශපාලනික නොසන්සුන්තාව හමුවේ කලාපීය මුදල් ඒකක අතුරින් වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.
ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් මෙරටට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙකු වන වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
තමන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා රජයෙන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් කොන්දේසියක් ලෙස ඉල්ලා සිටි බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරයේ ප්‍රතික්ෂේප කරයි.

ප්‍රධාන පුවත්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.