News Category
From Date
To Date
Maximum Number of Result

අග්‍රාමාත්‍යවරියගේ මතවාදී පදනම: හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධි නිබන්ධනය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්

Jan 6, 2026 at 11:49 AM
|

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය වසර පුරාවට දැඩි ලෙස මහජන විවාදයන්ට ලක්වී සිටින්නීය. ඒ ප්‍රධාන වශයෙන්ම පාසැල් විෂය මාලාවට "Gender Spectrum" (ස්ත්‍රී-පුරුෂ සමාජභාවී වර්ණාවලිය) ඇතුළත් කිරීමට සහ "ඉතිහාසය" ඉගැන්වීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඇය දරන උත්සාහයන් හේතුවෙනි. මෙම උත්සාහයන් හුදු අහඹු සිදුවීම් නොවේ; ඒවා ඇයගේ අධ්‍යාපනික ජීවිතය පුරා තහවුරු වූ “සිංහල-බෞද්ධ සංස්කෘතිය” කෙරෙහි පවතින දීර්ඝකාලීන විරෝධයක ප්‍රකාශනයන්ය.

ඇයගේ වැඩපිළිවෙල මහජන පරීක්ෂාවට/ විවේචනයට ලක්වන සෑම අවස්ථාවකම පාහේ, ප්‍රශස්ති ගයන්නන් විසින් ඇයගේ අධ්‍යාපන සුදුසුකම් වර්ණනා කරන අතර, එවැනි විවේචන ඇයගේ අධ්‍යාපනික සාර්ථකත්වය කෙරෙහි පවතින "ඊර්ෂ්‍යාව" නිසා පැන නගින ඒවා බවට චෝදනා කරයි. 

කෙසේ වෙතත්, මෙහි අප ඉදිරිපත් කරන විවේචනය අපගේ පෞද්ගලික එකක් නොවේ; එය සිංහල-බෞද්ධ සංස්කෘතික ගතිකත්වයන් කෙරෙහි ඇය තුළ පවතින සහජ ප්‍රතිරෝධය පිළිබඳ “විද්‍යාත්මක” විවේචනයකි. ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය (PhD), සාම්ප්‍රදායික සංස්කෘතික මුල් දුර්වල කිරීම සඳහා ඇය භාවිත කරන මතවාදී පදනම හෙළිදරව් කිරීමට විශේෂයෙන් උපකාරී වෙයි.

හරිනිගේ අධ්‍යාපනික ගමන් මඟ සැලකීමේදී කොළඹ බිෂොප් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය (කලා අංශයෙන් උසස් පෙළ) ලැබීමෙන් පසු, එකල කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට අතිවිශාල කෝටාවක් හිමිව තිබියදීත්, ඇය තරඟකාරී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් නොවී ඒ වෙනුවට සිය මූලික උපාධිය දිල්ලියේ හින්දු විද්‍යාලයෙන් (1994) ලබා ගත්තාය. ඉන් පසුව ඇය මෙහි සාකච්ඡාවට බඳුන් වන ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කිරීමට පෙර වසර 18 ක කාල පරාසයක් (academic gap) පවතී (මෙම කාලය තුළ ඇය MA උපාධියක් ලබා තිබුණද). “අඛණ්ඩ ශාස්ත්‍රීය පරිණාමය” (academic continuity) සමඟ පවතින මෙම වෙන්වීම, ඇයගේ නිබන්ධනය බටහිර සමාජ විද්‍යාත්මක ලෝකය තුල යල් පැන ගිය ප්‍රොතෙස්තන්ත බුද්ධාගම (Protestant Buddhism) වැනි සංකල්ප මත දැඩි ලෙස යැපීමට හේතුවක් වන්නට ඇත. ඒ ගැන පසුවට විස්තර සහිතව සාකච්චා කරමු.

හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධි (PhD) නිබන්ධනය වන “Guardians of Childhood: State, Class and Morality in a Sri Lankan Bureaucracy,” මගින් පවසන්නේ "සාම්ප්‍රදායික සිංහල-බෞද්ධ සංස්කෘතිය” රජය විසින් “නිර්මාණය කරන්නේ” සහ “භාවිතා කරන්නේ” කෙසේද යන්න පිළිබඳ මානව විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන බවයි. ඇයගේ එම උත්සාහය කෙතරම් අවිද්‍යාත්මකද යන්න හා ඓතිහාසික යථාර්ථයන් කෙතරම් පහසුවෙන් මගහැර ඇති අයුරු අපගේ මේ ලිපියෙන් සරලව පෙන්වීමට උත්සාහ කරමු.

1. ඉතිහාසය "ප්‍රබන්ධයක්" ලෙස විසංයෝජනය කිරීම (Deconstructing History as a "Fiction").

ශ්‍රී ලංකාව සදාතනිකවම “සිංහල-බෞද්ධ රාජ්‍යයක්” ලෙස නිරූපණය කරන ඓතිහාසික සාධකය/සත්‍ය විවේචනය කරන අමරසූරිය, එසේ සාධකයක්/සත්‍යයක් පවතින්නේ නැති බව හඟවන්නට උත්සාහ කරයි. ඇය එය දකින්නේ “පශ්චාත්-යටත්විජිත රාජ්‍යය” නීත්‍යානුකූල කිරීම සඳහා භාවිත කරන නූතන "ඉතිහාස කියවීමක්" (modern reading of history) ලෙසයි.

• The “Wewa-Dageba-Yaya” Myth: ඇය මෙම ශිෂ්ටාචාරමය ත්‍රිත්වය “ප්‍රබන්ධයක්” ලෙස සෘජුවම හඳුන්වයි. ඇය සිය නිබන්ධනයේ 64 වන පිටුවේ මෙසේ ලියයි: “The væva (tank), dāgæba (pagoda) and yāya (paddy field) became the powerful symbols of this nationalist imagination... based on the fiction of a simple, homogenous and egalitarian pre-colonial Sinhala Buddhist peasant society.”

• අපගේ ප්‍රති-තර්කය: මෙය "ප්‍රබන්ධයක්" නොව විද්‍යාත්මකව ඔප්පු කරන ලද, නිරීක්ෂණය කළ හැකි පුරාවිද්‍යාත්මක සහ ජල විද්‍යාත්මක (hydraulic) යථාර්ථයකි. R.L. බ්‍රෝහියර් (1934) සහ D.L.O. මෙන්ඩිස් විසින් භූගත ජල පාලනය පිළිබඳ "Ceylon’s Cascade Tank System,  “විද්‍යාත්මක ආශ්චර්යයක්" ලෙස හඳුන්වා ඇත. "වැව" මගින් ජල සුරක්ෂිතතාවය ද, "යාය" මගින් ආහාර සුරක්ෂිතතාවය ද සපයන ලද අතර "දාගැබ" සමාජ ඒකාබද්ධතාවයේ ප්‍රධාන සාධකය ලෙස ක්‍රියා කළේය. වසර 2,000 ක් පැරණි ජෛව විද්‍යාත්මක සහ සාමාජීය පැවැත්මේ උපාය මාර්ගයක් "ප්‍රබන්ධයක්" ලෙස හැඳින්වීම විද්‍යාවට කරන ලද අපහාසයකි.

2. "සාම්ප්‍රදායික ගැමි බුද්ධාගම" ප්‍රතික්ෂේප කිරීම (Rejection of “Traditional Village Buddhism”)

ගෞරවනීය අනගාරික ධර්මපාල තුමා සහ අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් වැනි සමාජීය පුනර්ජීවයක් ඇතිකල නායකයින් ගැමි ආගමික වත්පිළිවෙත් විවේචනය කළ බව ඇය විස්තර කරයි.

• Rituals as "Irrational": බෝධි පූජාව වැනි වත්පිළිවෙත් "බෞද්ධ නොවන" (un-Buddhistic) සහ "අතාර්කික" (irrational) ලෙස හඳුන්වමින් සිදුකෙරෙන විවේචනයන් ඇය ඉස්මතු කරයි (පිටුව 75).

• අපගේ ප්‍රති-තර්කය: බෝධි පූජාව උතුම් වූ ත්‍රිපිටකය මත පදනම් වූවකි. බුදුරජාණන් වහන්සේ, බෝධින් වහන්සේ කෙරේ දැක්වූ අනිමිසලෝචන පූජාව මගින් කෘතඥතාවයේ උදාරත්වය ආදර්ශයෙන් ස්ථාපිත කල අතර, කාලිංග බෝධි ජාතකයේ  (ජාතක පාලියේ 479 ජාතකය ) දේශනා කරන ආකාරයට බෝධිය "පාරිභෝගික චේතියක්" ලෙස දක්වා ඇත. අමරසූරිය, සිය විශ්ලේෂණයේදී මෙම ශාස්ත්‍රීය පදනම් සිතාමතාම මඟහැරීම මගින් ඇයගේ නිබන්ධනයේ ශාස්ත්‍රීය විශ්වාසවන්ත බව (academic integrity) බරපතල ලෙස පහතවැටේ. ධර්ම/ විනය සහිත පිටකය පරීක්ෂා නොකර ශාසනික වත්පිළිවෙතක් හුදු "ගැමි මිථ්‍යාවක්" ලෙස වර්ග කිරීම ශාස්ත්‍රීය ගවේෂණයක් නොව පහත් ගණයේ මතවාදී ප්‍රහාරයකි (polemic).

3. සදාචාරය පිළිබඳ "වික්ටෝරියානු" තර්කය (The "Victorian" Argument on Morality)

අමරසූරියගේ වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය නම්, අද "සාම්ප්‍රදායික බෞද්ධ සම්මතයන්" ලෙස සැලකෙන බොහෝ දේ බ්‍රිතාන්‍ය වික්ටෝරියානු සදාචාරයේ ආනයනයන් බව පැවසීමයි.

• The "Lajja-Baya" Claim: සිංහල-බෞද්ධයන්ගේ  සදාචාරාත්මක විනය මධ්‍යම පන්තික නිර්මිතයක් බව ඇය තර්ක කරයි. ඇය මෙසේ ලියයි: “Much of what is considered ‘traditional’ today... is a result of the influence of British Victorian morality” (පිටුව 68).

• අපගේ ප්‍රති-තර්කය: මෙය “සදාචාරාත්මක සංකල්ප” වැරදි ලෙස අර්ථ දැක්වීමකි. "ලැජ්ජා-බය" යන්නෙහි සදාචාරාත්මක පදනම වන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ (දුක නිපාතය) "ලෝකපාලන ධර්ම" ලෙස හැඳින්වෙන “හිරි-ඔත්තප්ප”ය. මහාචාර්ය, පූජ්‍ය වල්පොළ රාහුල හිමියන්ගේ පර්යේෂණ තහවුරු කරන්නේ මෙම “සදාචාරාත්මක පදනම්” වික්ටෝරියා රැජින ඉපදීමටත් වසර දෙදහසකට පෙර සිටම සිංහලයන්ගේ ජීවිත තුළ මුල් බැස තිබූ බවයි.

4. ධර්මපාල තුමා "පන්ති පීඩකයෙකු" ලෙස (Dharmapala as "Class Contempt") හැඳින්වීම.

අමරසූරිය, අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය බටහිර සදාචාරාත්මක රටාවන් භාවිත කරමින් ගැමි ජනතාව විනයානූකූල කිරීමට උත්සාහ කළ “මධ්‍යම පන්තික” උත්සාහයක් ලෙස හංවඩු ගසයි.

• අපගේ ප්‍රති-තර්කය: ධර්මපාලතුමා මෙහෙයවූයේ මානසික යටත්විජිතහරණ (psychological de-colonization) ව්‍යාපාරයක් බව අපගේ තර්කයයි. ආචාර්ය ආනන්ද ගුරුගේ සහ මහාචාර්ය Steven Kemper  (Rescued from the Nation) වැනි විද්වතුන් පෙන්වා දෙන්නේ ධර්මපාලතුමා, එකල සිටි ලෝක මට්ටමේ විද්වතුන් විසින් බුද්ධිමය වශයෙන් තම පිරිස හා සමානයෙකු ලෙස සැලකූ බවයි. ඔහු යළි ස්ථාපිත කළේ යටත්විජිත පීඩනයට එරෙහි විය හැකි "ආර්ය" (Ariya) වූ අනන්‍යතාවයයි. ඔහුගේ යටත්විජිත විරෝධී විමුක්ති ව්‍යාපාරය බටහිරෙන් උපුටා ගත් "Protestant" ආකෘතියක් ලෙස හැඳින්වීම එහි සැබෑ විප්ලවීය අරමුණ යටපත් කිරීමකි. තවද මේ විද්වතුන්ට අනුව, බුද්ධාගම අද පවතින ආකාරයට ලෝක මට්ටමේ ආගම් සංස්ථාවක් බවට පත්කිරීමේ පුරෝගාමියා අනගාරික ධර්මපාලතුමාය.

5. "Protestant Buddhism" යන ලේබලය.

අමරසූරිය සිය නිබන්ධනය සඳහා "Protestant Buddhism" යන යෙදුම මත යැපීම ඇයගේ බුද්ධිමය හීනභාවයකි (epistemic poorness).

1. “Restoration” is Not “Reformation”: ත්‍රිපිටකයේ පදනම නැවත ප්‍රතිශ්ඨාපණය කිරීම ථේරවාද සම්ප්‍රදායේ සහජ ලක්ෂණයකි. වළගම්බා රජු සහ පළමුවන පරාක්‍රමබාහු රජවරුන්ගේ කාලවල ප්‍රතිසංස්කරණ මගින් ඔප්පු වන්නේ යුරෝපීය ප්‍රොතෙස්තන්ත්‍රවාදයට සියවස් ගණනාවකට පෙර සිටම ශ්‍රී ලංකාව තුළ "ධර්ම ප්‍රතිශ්ඨාපණයන්" සිදුවූ බවයි.

2. Methodological Mismatch: මෙහි ඇති ප්‍රධානතම දුර්වලතාවය ඇයගේ "න්‍යායාත්මක අලසකමයි" (theoretical laziness). ඇය 19 වන සියවසේ සමාජ විද්‍යාත්මක ලේබලයක් 21 වන සියවසේ “පරිපාලන නිලධාරීන්ගේ” හැසිරීම් විස්තර කිරීමට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ඔප්පු නොකරන ලද හෝ ප්‍රායෝගික සම්බන්ධතාවයකින් තොරව යොදා ගනී. වසර දහස් ගණනක් තිස්සේ පවතින "සිංහල-බෞද්ධ චින්තනය" වෙනුවට එය බටහිරින් ආ "Protestant" පෙළඹවීමක් ලෙස පෙන්වීමට ඇය සතුව කිසිදු සාක්ෂියක් නැත.

---අපගේ අවසාන නිගමනය---

ආචාර්ය හරිනි අමරසූරියගේ නිබන්ධනය යනු තෝරාගත් කරුණු (hand picked) මත ඇයගේ කෝණයෙන් ගොඩ නැගූ කතන්දරයකි. ඉතිහාසය "ප්‍රබන්ධයක්" ලෙසත්, සදාචාරය "ආනයනයක්" ලෙසත් හැඳින්වීම හරහා ජනතාව ඔවුන්ගේ සංස්කෘතික මුල්වලින් වෙන් කිරීමේ පැහැදිලි අරමුණක් ඇය විසින් පෙන්නුම් කරයි. ඇයගේ ශාස්ත්‍රීය කටයුතු විසින් සපයනු ලබන්නේ ජාතියේ අනන්‍යතාවය විනාශ කරමින් අධ්‍යාපනය "ප්‍රතිසංස්කරණය" කිරීමට ඇය දරන වත්මන් දේශපාලන උත්සාහයන් සඳහා අවශ්‍ය මතවාදී රාමුවයි. ඇයගේ නිබන්ධනය ශාස්ත්‍රීය අවංකභාවයට වඩා දේශපාලනික පූර්ව නිගමනයන්ට මුල් තැන දී ඇති බවත්, මූලික ශාස්ත්‍රීය ප්‍රමිතීන් පවා සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් මින් පැහැදිලි වේ.

මෙම ලිපියේ භාවිත කරන ලද මූලාශ්‍ර "comment 1" හි දක්වා ඇත.

- Sarathi Ratnayake

(මුහුණුපොතින් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.