News Category
From Date
To Date
Maximum Number of Result

අග්‍රාමාත්‍යවරියගේ මතවාදී පදනම: හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධි නිබන්ධනය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්

Jan 6, 2026 at 11:49 AM
|

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය වසර පුරාවට දැඩි ලෙස මහජන විවාදයන්ට ලක්වී සිටින්නීය. ඒ ප්‍රධාන වශයෙන්ම පාසැල් විෂය මාලාවට "Gender Spectrum" (ස්ත්‍රී-පුරුෂ සමාජභාවී වර්ණාවලිය) ඇතුළත් කිරීමට සහ "ඉතිහාසය" ඉගැන්වීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඇය දරන උත්සාහයන් හේතුවෙනි. මෙම උත්සාහයන් හුදු අහඹු සිදුවීම් නොවේ; ඒවා ඇයගේ අධ්‍යාපනික ජීවිතය පුරා තහවුරු වූ “සිංහල-බෞද්ධ සංස්කෘතිය” කෙරෙහි පවතින දීර්ඝකාලීන විරෝධයක ප්‍රකාශනයන්ය.

ඇයගේ වැඩපිළිවෙල මහජන පරීක්ෂාවට/ විවේචනයට ලක්වන සෑම අවස්ථාවකම පාහේ, ප්‍රශස්ති ගයන්නන් විසින් ඇයගේ අධ්‍යාපන සුදුසුකම් වර්ණනා කරන අතර, එවැනි විවේචන ඇයගේ අධ්‍යාපනික සාර්ථකත්වය කෙරෙහි පවතින "ඊර්ෂ්‍යාව" නිසා පැන නගින ඒවා බවට චෝදනා කරයි. 

කෙසේ වෙතත්, මෙහි අප ඉදිරිපත් කරන විවේචනය අපගේ පෞද්ගලික එකක් නොවේ; එය සිංහල-බෞද්ධ සංස්කෘතික ගතිකත්වයන් කෙරෙහි ඇය තුළ පවතින සහජ ප්‍රතිරෝධය පිළිබඳ “විද්‍යාත්මක” විවේචනයකි. ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය (PhD), සාම්ප්‍රදායික සංස්කෘතික මුල් දුර්වල කිරීම සඳහා ඇය භාවිත කරන මතවාදී පදනම හෙළිදරව් කිරීමට විශේෂයෙන් උපකාරී වෙයි.

හරිනිගේ අධ්‍යාපනික ගමන් මඟ සැලකීමේදී කොළඹ බිෂොප් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය (කලා අංශයෙන් උසස් පෙළ) ලැබීමෙන් පසු, එකල කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට අතිවිශාල කෝටාවක් හිමිව තිබියදීත්, ඇය තරඟකාරී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් නොවී ඒ වෙනුවට සිය මූලික උපාධිය දිල්ලියේ හින්දු විද්‍යාලයෙන් (1994) ලබා ගත්තාය. ඉන් පසුව ඇය මෙහි සාකච්ඡාවට බඳුන් වන ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කිරීමට පෙර වසර 18 ක කාල පරාසයක් (academic gap) පවතී (මෙම කාලය තුළ ඇය MA උපාධියක් ලබා තිබුණද). “අඛණ්ඩ ශාස්ත්‍රීය පරිණාමය” (academic continuity) සමඟ පවතින මෙම වෙන්වීම, ඇයගේ නිබන්ධනය බටහිර සමාජ විද්‍යාත්මක ලෝකය තුල යල් පැන ගිය ප්‍රොතෙස්තන්ත බුද්ධාගම (Protestant Buddhism) වැනි සංකල්ප මත දැඩි ලෙස යැපීමට හේතුවක් වන්නට ඇත. ඒ ගැන පසුවට විස්තර සහිතව සාකච්චා කරමු.

හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධි (PhD) නිබන්ධනය වන “Guardians of Childhood: State, Class and Morality in a Sri Lankan Bureaucracy,” මගින් පවසන්නේ "සාම්ප්‍රදායික සිංහල-බෞද්ධ සංස්කෘතිය” රජය විසින් “නිර්මාණය කරන්නේ” සහ “භාවිතා කරන්නේ” කෙසේද යන්න පිළිබඳ මානව විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන බවයි. ඇයගේ එම උත්සාහය කෙතරම් අවිද්‍යාත්මකද යන්න හා ඓතිහාසික යථාර්ථයන් කෙතරම් පහසුවෙන් මගහැර ඇති අයුරු අපගේ මේ ලිපියෙන් සරලව පෙන්වීමට උත්සාහ කරමු.

1. ඉතිහාසය "ප්‍රබන්ධයක්" ලෙස විසංයෝජනය කිරීම (Deconstructing History as a "Fiction").

ශ්‍රී ලංකාව සදාතනිකවම “සිංහල-බෞද්ධ රාජ්‍යයක්” ලෙස නිරූපණය කරන ඓතිහාසික සාධකය/සත්‍ය විවේචනය කරන අමරසූරිය, එසේ සාධකයක්/සත්‍යයක් පවතින්නේ නැති බව හඟවන්නට උත්සාහ කරයි. ඇය එය දකින්නේ “පශ්චාත්-යටත්විජිත රාජ්‍යය” නීත්‍යානුකූල කිරීම සඳහා භාවිත කරන නූතන "ඉතිහාස කියවීමක්" (modern reading of history) ලෙසයි.

• The “Wewa-Dageba-Yaya” Myth: ඇය මෙම ශිෂ්ටාචාරමය ත්‍රිත්වය “ප්‍රබන්ධයක්” ලෙස සෘජුවම හඳුන්වයි. ඇය සිය නිබන්ධනයේ 64 වන පිටුවේ මෙසේ ලියයි: “The væva (tank), dāgæba (pagoda) and yāya (paddy field) became the powerful symbols of this nationalist imagination... based on the fiction of a simple, homogenous and egalitarian pre-colonial Sinhala Buddhist peasant society.”

• අපගේ ප්‍රති-තර්කය: මෙය "ප්‍රබන්ධයක්" නොව විද්‍යාත්මකව ඔප්පු කරන ලද, නිරීක්ෂණය කළ හැකි පුරාවිද්‍යාත්මක සහ ජල විද්‍යාත්මක (hydraulic) යථාර්ථයකි. R.L. බ්‍රෝහියර් (1934) සහ D.L.O. මෙන්ඩිස් විසින් භූගත ජල පාලනය පිළිබඳ "Ceylon’s Cascade Tank System,  “විද්‍යාත්මක ආශ්චර්යයක්" ලෙස හඳුන්වා ඇත. "වැව" මගින් ජල සුරක්ෂිතතාවය ද, "යාය" මගින් ආහාර සුරක්ෂිතතාවය ද සපයන ලද අතර "දාගැබ" සමාජ ඒකාබද්ධතාවයේ ප්‍රධාන සාධකය ලෙස ක්‍රියා කළේය. වසර 2,000 ක් පැරණි ජෛව විද්‍යාත්මක සහ සාමාජීය පැවැත්මේ උපාය මාර්ගයක් "ප්‍රබන්ධයක්" ලෙස හැඳින්වීම විද්‍යාවට කරන ලද අපහාසයකි.

2. "සාම්ප්‍රදායික ගැමි බුද්ධාගම" ප්‍රතික්ෂේප කිරීම (Rejection of “Traditional Village Buddhism”)

ගෞරවනීය අනගාරික ධර්මපාල තුමා සහ අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් වැනි සමාජීය පුනර්ජීවයක් ඇතිකල නායකයින් ගැමි ආගමික වත්පිළිවෙත් විවේචනය කළ බව ඇය විස්තර කරයි.

• Rituals as "Irrational": බෝධි පූජාව වැනි වත්පිළිවෙත් "බෞද්ධ නොවන" (un-Buddhistic) සහ "අතාර්කික" (irrational) ලෙස හඳුන්වමින් සිදුකෙරෙන විවේචනයන් ඇය ඉස්මතු කරයි (පිටුව 75).

• අපගේ ප්‍රති-තර්කය: බෝධි පූජාව උතුම් වූ ත්‍රිපිටකය මත පදනම් වූවකි. බුදුරජාණන් වහන්සේ, බෝධින් වහන්සේ කෙරේ දැක්වූ අනිමිසලෝචන පූජාව මගින් කෘතඥතාවයේ උදාරත්වය ආදර්ශයෙන් ස්ථාපිත කල අතර, කාලිංග බෝධි ජාතකයේ  (ජාතක පාලියේ 479 ජාතකය ) දේශනා කරන ආකාරයට බෝධිය "පාරිභෝගික චේතියක්" ලෙස දක්වා ඇත. අමරසූරිය, සිය විශ්ලේෂණයේදී මෙම ශාස්ත්‍රීය පදනම් සිතාමතාම මඟහැරීම මගින් ඇයගේ නිබන්ධනයේ ශාස්ත්‍රීය විශ්වාසවන්ත බව (academic integrity) බරපතල ලෙස පහතවැටේ. ධර්ම/ විනය සහිත පිටකය පරීක්ෂා නොකර ශාසනික වත්පිළිවෙතක් හුදු "ගැමි මිථ්‍යාවක්" ලෙස වර්ග කිරීම ශාස්ත්‍රීය ගවේෂණයක් නොව පහත් ගණයේ මතවාදී ප්‍රහාරයකි (polemic).

3. සදාචාරය පිළිබඳ "වික්ටෝරියානු" තර්කය (The "Victorian" Argument on Morality)

අමරසූරියගේ වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය නම්, අද "සාම්ප්‍රදායික බෞද්ධ සම්මතයන්" ලෙස සැලකෙන බොහෝ දේ බ්‍රිතාන්‍ය වික්ටෝරියානු සදාචාරයේ ආනයනයන් බව පැවසීමයි.

• The "Lajja-Baya" Claim: සිංහල-බෞද්ධයන්ගේ  සදාචාරාත්මක විනය මධ්‍යම පන්තික නිර්මිතයක් බව ඇය තර්ක කරයි. ඇය මෙසේ ලියයි: “Much of what is considered ‘traditional’ today... is a result of the influence of British Victorian morality” (පිටුව 68).

• අපගේ ප්‍රති-තර්කය: මෙය “සදාචාරාත්මක සංකල්ප” වැරදි ලෙස අර්ථ දැක්වීමකි. "ලැජ්ජා-බය" යන්නෙහි සදාචාරාත්මක පදනම වන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ (දුක නිපාතය) "ලෝකපාලන ධර්ම" ලෙස හැඳින්වෙන “හිරි-ඔත්තප්ප”ය. මහාචාර්ය, පූජ්‍ය වල්පොළ රාහුල හිමියන්ගේ පර්යේෂණ තහවුරු කරන්නේ මෙම “සදාචාරාත්මක පදනම්” වික්ටෝරියා රැජින ඉපදීමටත් වසර දෙදහසකට පෙර සිටම සිංහලයන්ගේ ජීවිත තුළ මුල් බැස තිබූ බවයි.

4. ධර්මපාල තුමා "පන්ති පීඩකයෙකු" ලෙස (Dharmapala as "Class Contempt") හැඳින්වීම.

අමරසූරිය, අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය බටහිර සදාචාරාත්මක රටාවන් භාවිත කරමින් ගැමි ජනතාව විනයානූකූල කිරීමට උත්සාහ කළ “මධ්‍යම පන්තික” උත්සාහයක් ලෙස හංවඩු ගසයි.

• අපගේ ප්‍රති-තර්කය: ධර්මපාලතුමා මෙහෙයවූයේ මානසික යටත්විජිතහරණ (psychological de-colonization) ව්‍යාපාරයක් බව අපගේ තර්කයයි. ආචාර්ය ආනන්ද ගුරුගේ සහ මහාචාර්ය Steven Kemper  (Rescued from the Nation) වැනි විද්වතුන් පෙන්වා දෙන්නේ ධර්මපාලතුමා, එකල සිටි ලෝක මට්ටමේ විද්වතුන් විසින් බුද්ධිමය වශයෙන් තම පිරිස හා සමානයෙකු ලෙස සැලකූ බවයි. ඔහු යළි ස්ථාපිත කළේ යටත්විජිත පීඩනයට එරෙහි විය හැකි "ආර්ය" (Ariya) වූ අනන්‍යතාවයයි. ඔහුගේ යටත්විජිත විරෝධී විමුක්ති ව්‍යාපාරය බටහිරෙන් උපුටා ගත් "Protestant" ආකෘතියක් ලෙස හැඳින්වීම එහි සැබෑ විප්ලවීය අරමුණ යටපත් කිරීමකි. තවද මේ විද්වතුන්ට අනුව, බුද්ධාගම අද පවතින ආකාරයට ලෝක මට්ටමේ ආගම් සංස්ථාවක් බවට පත්කිරීමේ පුරෝගාමියා අනගාරික ධර්මපාලතුමාය.

5. "Protestant Buddhism" යන ලේබලය.

අමරසූරිය සිය නිබන්ධනය සඳහා "Protestant Buddhism" යන යෙදුම මත යැපීම ඇයගේ බුද්ධිමය හීනභාවයකි (epistemic poorness).

1. “Restoration” is Not “Reformation”: ත්‍රිපිටකයේ පදනම නැවත ප්‍රතිශ්ඨාපණය කිරීම ථේරවාද සම්ප්‍රදායේ සහජ ලක්ෂණයකි. වළගම්බා රජු සහ පළමුවන පරාක්‍රමබාහු රජවරුන්ගේ කාලවල ප්‍රතිසංස්කරණ මගින් ඔප්පු වන්නේ යුරෝපීය ප්‍රොතෙස්තන්ත්‍රවාදයට සියවස් ගණනාවකට පෙර සිටම ශ්‍රී ලංකාව තුළ "ධර්ම ප්‍රතිශ්ඨාපණයන්" සිදුවූ බවයි.

2. Methodological Mismatch: මෙහි ඇති ප්‍රධානතම දුර්වලතාවය ඇයගේ "න්‍යායාත්මක අලසකමයි" (theoretical laziness). ඇය 19 වන සියවසේ සමාජ විද්‍යාත්මක ලේබලයක් 21 වන සියවසේ “පරිපාලන නිලධාරීන්ගේ” හැසිරීම් විස්තර කිරීමට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ඔප්පු නොකරන ලද හෝ ප්‍රායෝගික සම්බන්ධතාවයකින් තොරව යොදා ගනී. වසර දහස් ගණනක් තිස්සේ පවතින "සිංහල-බෞද්ධ චින්තනය" වෙනුවට එය බටහිරින් ආ "Protestant" පෙළඹවීමක් ලෙස පෙන්වීමට ඇය සතුව කිසිදු සාක්ෂියක් නැත.

---අපගේ අවසාන නිගමනය---

ආචාර්ය හරිනි අමරසූරියගේ නිබන්ධනය යනු තෝරාගත් කරුණු (hand picked) මත ඇයගේ කෝණයෙන් ගොඩ නැගූ කතන්දරයකි. ඉතිහාසය "ප්‍රබන්ධයක්" ලෙසත්, සදාචාරය "ආනයනයක්" ලෙසත් හැඳින්වීම හරහා ජනතාව ඔවුන්ගේ සංස්කෘතික මුල්වලින් වෙන් කිරීමේ පැහැදිලි අරමුණක් ඇය විසින් පෙන්නුම් කරයි. ඇයගේ ශාස්ත්‍රීය කටයුතු විසින් සපයනු ලබන්නේ ජාතියේ අනන්‍යතාවය විනාශ කරමින් අධ්‍යාපනය "ප්‍රතිසංස්කරණය" කිරීමට ඇය දරන වත්මන් දේශපාලන උත්සාහයන් සඳහා අවශ්‍ය මතවාදී රාමුවයි. ඇයගේ නිබන්ධනය ශාස්ත්‍රීය අවංකභාවයට වඩා දේශපාලනික පූර්ව නිගමනයන්ට මුල් තැන දී ඇති බවත්, මූලික ශාස්ත්‍රීය ප්‍රමිතීන් පවා සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් මින් පැහැදිලි වේ.

මෙම ලිපියේ භාවිත කරන ලද මූලාශ්‍ර "comment 1" හි දක්වා ඇත.

- Sarathi Ratnayake

(මුහුණුපොතින් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.