News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය ණය රු. ට්‍රිලියන 20 ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වෙලා - ආචාර්ය කෙනත් ද සිල්වා

Jan 6, 2026 at 11:01 AM
|

ශ්‍රී ලංකාවේ දේශීය ණය ඉකුත් 2025 වසරේ ජුනි මස වන විට රුපියල් ට්‍රිලියන 20 දක්වා ඉහළ ගොස් ඇතැයි, “ගෝලීය ව්‍යාපාර දාම” විශ්ලේෂකයෙකු වන ආචාර්ය කෙනත් ද සිල්වා, ලාංකීය ණය තත්ත්වය සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයක දක්වා ඇත.

2020 වසරේදී ලාංකීය දේශීය ණය, දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 09 ක් පමණ වී යැයි ඔහු සඳහන් කරන්නේ ය.

ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ ආර්ථික නැඹුරුවෙහි ණය ගෙවීමේ ශක්‍යතාව දියුණු කිරීමේ විසදුම් නොමැති බවත්, එමගින් දේශීය වත්කම් අහිමි කිරීමකට අප ලක්ව ඇති බවත් ආචාර්ය ද සිල්වා කියා ඇත. මේ ඛේදනීය ආර්ථික අව ගමන වසන් කෙරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් “ස්ථාවරත්වය” පිළිබඳව ඉදිරිපත් කරන කතාවෙන් යැයිද ඔහු කියන්නේ ය.

ඔහු විසින් 2026 දක්වා වන ලාංකීය “ණය ගතිකය” සම්බන්ධයෙන් කෙරුණු ඇගයීමෙහි දක්වන අයුරු, ආයෝජන වෙනුවට ලබා ගත් ණය සඳහා වන පොලී එකතුවීමෙන් ගොඩ ගැසී ඇති ණය කන්දරාව, දේශීය ආර්ථිකයට එල්ල කරණුයේ මාරාන්තික ප්‍රහාරයකි.

ඔහු පවසන අයුරු, මෙවැනි දැවැන්ත දේශීය ණයක් එකතුවී ඇත්තේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අතිශය අසීරු ක්‍රියාවලියක්ද, ආක්‍රමණශීලි බදු ඉහළ දැමීම්ද දැඩි වියදම් කප්පාදුද ක්‍රියාත්මක කෙරෙන අතර ය. වර්ධනයක් නොමැති, එක තැන නතරව ඇති ආර්ථිකයක දේශීය ණය දෙගුණ වීම යනු “ප්‍රගතියක්” නොව, එය ශේෂ පත්‍රයෙහි “වියැකීමක්” නැතිනම් ආර්ථික “මිය යෑමක්” යැයි ආචාර්ය ද සිල්වා කියන්නේ ය.

මේ ණය ගැනීම් පලදායි වර්ධනයක් සඳහා යොදවා නොගෙන, ගනු ලබන ණය සඳහාවන පොලී ගෙවීමට යොදා ගෙන ඇතැයි ඔහු චෝදනා කර ඇත. ඉහළ ණය පොලී ගෙවීම සඳහාවන විශාල බලපෑම හමුවේ, ආණ්ඩුවට ණය පොලී ගෙවීමට දේශීය ඉතිරි කිරීම් යොදා ගැනීමට සිදුව ඇති අතර, පෞද්ගලික ණයට ගැනීම් සීමා කරමින් බැංකුවල ඉරණම මුළුමනින්ම වාගේ රාජ්‍ය මූල්‍ය අවදානමට හිලව් කර ඇතැයි, ඔහුගේ පැහැදිලි කිරීම වන්නේය.

විදේශ ණය තත්ත්වයද උග්‍රවී ඇතැයි ඔහු පෙන්වා දෙන්නකි. 2020 දී රුපියල් ට්‍රිලියන 15 ක් වූ විදේශ ණය, 2024 දෙසැම්බර වන විට රුපියල් ට්‍රිලියන 28 දක්වා වැඩි වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම් කාලයේදී ඩොලර් බිලියන 05.4 ක විදේශ ණය සමග, අලුතින් ගනු ලැබූ ණය හා ණය සඳහාවන පොලී එකතුවීම එයට හේතු ලෙස ඔහු සඳහන් කරන්නේය.

ලංකාවේ “ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන පිළිගැනුම” (NIIP – Net International Investment Position) අව ගමන් යෑම ආපසු හැරවීමට හැකි කිසිවක් ඒ මුදල් ණයට ගැනුමෙන් සිදු නොවුනි. ශේෂ පත්‍රය අවලංගු වීම, අවසන් වශයෙන් මේ NIIP සංඛ්‍යා දත්ත විසින් ඔප්පු කරන්නක් යැයි ආචාර්ය ද සිල්වා කියූවකි. 2020 වන විට NIIP අගය සෘණ අගයකට ආසන්න වූ ඩොලර් බිලියන 47.6 ක්ව තිබිණ. 2024 දී එය ඩොලර් බිලියන සෘණ 53.4 ක්ව තිබිණ. ඉන් පෙන් වූයේ විදේශ බැරකම් ඉහළ යාමත් විදේශ වත්කම් එකතුව ඉතාම අල්ප බවය.

එවගේම ඔහු අනවශ්‍ය විදේශ වැය කිරීම් සඳහාවූ ආණ්ඩුවේ මෑත තීන්දු දෝස දර්ශනයට ලක් කළේ ය. වාහන ආනයනය සඳහා වූ ඩොලර් බිලියන 02 ක් මුදා හැරීම එළෙස විශේෂයෙන් සඳහන් කෙරුණකි. විදේශ ඉපැයීම් ඇණහිට ඇති ආර්ථිකවල එවැනි විදේශ වැය කිරීම් හුදෙක් බැරකම්, වගකීම් තවත් සංකීර්ණ කරන්නේ යැයි කීවේය. නිෂ්පාදන හැකියාවට කිසිත් එකතු නොකෙරෙන බිඳෙන සුළු, යැපුම් ආර්ථිකයක් ලෙස ඉතිරි කෙරෙන්නේ යැයිද කීවේය.

එවැනි විචාර, විවේචන වෙනුවෙන් ඔහු තනි නොවුනි. යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධ ආචාර්ය අහිලන් කදිරගාමර් ද එවැනි අදහස් දක්වා ඇත. එවගේම විද්වත් ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය හොවාඩ් නිකලස් කියා ඇත්තේ, වර්තමාන ප්‍රතිපත්තිමය රාමුව විසින් අමතනු ලබන්නේ, කෙටි කාලීන ණය ප්‍රශ්නය මිස, මූලික අවශ්‍යතාවය වන කාර්මීකරණය නොවන බවය. එබැවින් ණය ගෙවීමේ ස්ථාවරත්වයක් ලැබිය හැකි නිෂ්පාදන ක්‍රියාවලිය අතහැර ඇති බවය.

(2026 ජනවාරි 05 වන දින ඩේලි මිර පුවත් පතේ පළ වූ Global business cycle analyst slams IMF ‘stability’ narrative as domestic debt doubles to Rs. 20tn ලිපියෙහි සම්පිණ්ඩනයකි)


kusal perera
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජනවාරි 06

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් රොහින්ග්‍යා සරණාගතයෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබීමත් සමඟ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ පිවිසුම ආසන්නයේදී ඇමරිකානු Saildrone Explorer ඔත්තු බැලීමේ යානයක් විනාශ කළ බවයි. එම යානය මුහුදේ ගිනි ගනිමින් තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද එම සංවිධානය විසින් නිකුත් කර තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.