රජය එකඟ වූ එකඟතාවන් කඩකරලා - GOMA හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුතු කළ මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වේ,
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යනු මෙරට ඕනෑම පාලකයකුගේ සහ රජයක අත්හළ නොහැකි වගකීමකි.
රට තුළ පැවති හෝ පවතින ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී වුවද, අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙරට සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්තිය සහ යාන්ත්‍රණය තුල ඉහළම ප්‍රමුඛතාවය ඉතිහාසය පුරා ලබා දී ඇත.
එහෙත් පසුගිය නොවැම්බර් මාසයේදී ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ, මෙරට සෞඛ්‍ය සේවයේ සැබෑ ගැටලු හඳුනා ගැනීමක් හෝ ඒවාට විසඳුම් ලබාදීමක් සිදු නොවුනු බව සියලු දෙනා ඒකමතිකව පිළිගත් කරුණකි.
ඒ අනුව නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනාවලිය පදනම් කරගනිමින්, සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීම ඇතුලු ගැටලු වලට ඉල්ලා සිටි විසඳුම් ලබාදීම සඳහා එකඟ වූ කාල රාමුවක් ද සහිතව ලිඛිතව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂයේ තුන්වන වර කියවීමේ ස්වකීය පිළිතුරු කතාවේදී, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීමට, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිමට, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීමට රජයේ ප්‍රතිපත්තිම එකඟතාවය ප්‍රකාශයට පත් කළ අතර, සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීමට එකඟ වු රජයේ ප්‍රතිපත්තිමය තීරණයද ප්‍රකාශයට පත් කරන ලදී.
එම ප්‍රතිපත්තින් ක්‍රියාවට නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය සාකච්ඡා අද දින (2025. 01. 05) සිට ආරම්භ කිරීමටත්, මාස 03 ක කාලයක් තුල විසඳුම් ප්‍රකාශයට පත්කිරීමටත් ලිඛිතව එකඟතාවය ලබාදෙන ලදී.
එම එකඟතාවයන් ඉටු කිරීම උදෙසා ප්‍රමාණවත් කාලයක් ලබාදීමට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එකඟ වූ නමුත්, එම එකඟතාවයක් පවා කඩ කරමින් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනී යයි.
වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අද දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සාකච්ඡා මාලාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද දැනුම්වත් කර තිබුනද, එම සාකච්ඡා පැවැත්වීම හෝ ආරම්භ කිරීම උදෙසා අවශ්‍ය මූලික පසුබිම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අදාල පාර්ශවයන් විසින් සිදුකිරීමට අසමත්ව ඇත.
සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටලු විසඳීමේදී වඩා නම්‍යශීලී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතු කලද, රජයේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇතුළු වගකිවයුත්තන්ගේ වෘත්තිමය නොවන සහ විශ්වාසය බිඳවැටෙන සුලු හැසිරීම සහ වැඩපිළිවෙල හේතුවෙන්, සෞඛ්‍ය පද්ධතියේ අනාගතය පිළිබඳ අවදානමක් නැවත මතු වී ඇත.
ඒ තුල වත්මන් රජයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳවද සාධාරණ සැකයක් මතු වෙමින් පවති.
රාජ්‍යකරණයේ මූලික හර පද්ධතින් පවා උල්ලංඝනය කරමින් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය කඩ කරමින් දිගින් දිගටම කටයුතු කරන්නේ නම්, නැවත වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වුවද තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සිදුවනු ඇති අතර, පවතින ප්‍රවණතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්, එළඹෙන බදාදා (07. 01. 2026) දින කැඳවීමට, අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේ තීරණය කරන ලදී.
රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.
ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..