වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව යටතට ගන්නා බව ට්‍රම්ප් කියයි..
වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.
ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය ඇමතීය.
එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් සිටියේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවය.
එමෙන්ම මේ වන විට වෙනිසියුලානු ජනාධිපතිවරයා එක්සත් ජනපද ග්‍රහණයේ සිටින බැවින් ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.
එමෙන්ම වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් මධුරෝට සිදුවූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව තේරුම් ගත යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.
අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මේ වන විට ඔවුන් නිව්යෝර්ක් බලා එන අමෙරිකානු USS Iwo Jima නෞඛාවේ රඳවා සිටින බවය.
එමෙන්ම ඔවුන් නිව්යෝර්ක් වෙත පැමිණි පසු එක්සත් ජනපදයට සහ එහි පුරවැසියන්ට එරෙහිව මාරාන්තික මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් හීදි අධිචෝදනා ගොනු කර ඇති බවත් ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.
තවද වෙනිසියුලාවයට එරෙහිව දෙවන හා ඊටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් පළමුව දෙවන කැරැල්ලක් සිදුකිරීමට සූදානම්ව සිටි නමුත් පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය එසේ නොවනු ඇති බවත් ට්‍රම්ප් මෙහිදී පැවසීය.
එමෙන්ම වෙනිසියුලාවේ බිඳවැටී ඇති යටිතල පහසුකම් සහ ඛනිජ තෙල් ව්‍යාපාරය අමෙරිකානු සමාගම් හරහා යළි ගොඩනැංවීමටද කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර අමෙරිකානු හමුදා නිලධාරීන් විසින් අල්ලාගත් වෙනිසියුලානු ජනාධිපතිගේ රුවක් පළමුවරට ට්‍රම්ප් නිකුත් කලේය.
ඒ ඔහුගේ Truth Social ගිණුමේය. එම රූපය පහතින්,

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..